ලබන සඳුදා (14) දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් දෙදෙනකු ලංකාවට පැමිණීමට නියමිතය.
ලංකා ආණ්ඩුවේ ආරාධනාව අනුව මෙම නිල සංචාරය සිදුවනු ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව සදුදා දින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ජා පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම පිරිස අගහරුවාදා දින ජනාධිපතිවරයා මුණගැසීමට සැලසුම් කර ඇති බව පැවසේ.
ලංකා රජය කළ ඉල්ලීමකට අනුව ඉදිරියේදී ණය ආධාර ලබා දීම සදහා වූ කොන්දේසි ඇතුළත් යෝජනාවලියක්ද මෙහිදී මූල්‍ය අරමුදලේ නිලධාරීන් විසින් ආණ්ඩුවට ලබා දීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.
මෙම හමුවෙන් පසු අප්‍රේල් දෙවන සතියේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වොෂින්ටනයේ පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගොස් මෙම ණය ලබා ගැනීම සම්බන්ධයෙන් වූ අවසන් ගිවිසුම්වලට එළඹීමට සූදානමින් සිටින බව වාර්තා වේ.










