• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇණ-මුරිච්චි නැතිව හෙළ ඉන්ජිනේරුවන් හදපු ලෝකයම මවිත කළ ලී පාලම…

March 14, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 2 mins read
A A
ඇණ-මුරිච්චි නැතිව හෙළ ඉන්ජිනේරුවන් හදපු ලෝකයම මවිත කළ ලී පාලම…
Share on WhatsAppShare on Facebook

ලොව බොහෝ දියුණු ජාතීන්ට කරන්නට බැහැයි කියූ දේ ඉතා සූක්ෂ්මව සහ දක්ෂ ලෙස සාර්ථකව ඉටු කළ පිරිසක් වේ නම් ඒ හෙළයන්ය. බැහැයි කියා දෙයක් නැතැයි යන්න නිතර සිත හෙළයා තමාට එල්ල වන බොහෝ අභියෝග ජයගත්තේ සිය නිර්මාණාත්මක හැකියාවන්ගෙනි. ඒ අනුව අතීත හෙළයන් විසින් ගොඩනගන ලද බොහෝ දේ වර්තමානයේ ලෝ වැසියන් මවිත කරවන දේ බවට පත්ව තිබේ. එවන් සුවිශේෂ නිර්මාණ අතරින් ඇතැම් දේ දියුණු යැයි සම්මත වෙනත් ජාතීන් බැහැයි කියා අතහැර දමන්නට සූදානම් වූ දේවල් වීමද විශේෂය. එහිදී දෙමෝදර පාලම කාටත් සිහිපත් වන්නේ සුද්දා හදන්නට බැහැයි කියා තමන් සතු තාක්ෂණයේද දුර්වලතා පෙන්වා දෙද්දී හෙළ ඉන්ජිනේරුවන් එම අභියෝගය භාරගෙන පාලම ඉදිකළේ කවුරුත් පුදුමයට පත්කරමිනි. මේ ආකාරයට රාවණ රජු දවස දක්වාම හෙළයා සතු විශේෂ නිර්මාණශීලී හැකියාවන් ගැන මතකයන් අතීතයට විහිදී යන්නේ මිසරයේ පිරමීඩ ඉදිකිරීමට පවා හෙළ ඉන්ජිනේරුවන් දායක වූ බවට සාක්ෂි සාධක සහිතව ඔප්පු කරමිනි. කෙසේ නමුත් හෙළ නිර්මාණකරුවා කොතරම් සූක්ෂ්ම වූයේද යන්න ලොවට කියාපාන තවත් පාලමක් ගැන පුවතක් ලෝ වැසියන් පුදුමයට පත් කරන්නට සමත්ව තිබේ. එම පාලම බෝගොඩ ලී පාලමයි.

විවිධ යුගයන්ට අනුව ගංගා ඇළ දොළ තරණයට විවිධ ක්‍රමවේද උපයෝගී කරගැනුණු අතර අනුරාධපුර යුගයේදී මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශේෂ දියුණුවක් සිදුවූ අතර පාලම් ඉදිකිරීමේදීද ගල් කුට්ටි සහ ගල් පුවරු භාවිතය ප්‍රචලිත විය. ඒ අනුව මල්වතු ඔය හරහා ඉදිකෙරුණු ගල් පාලම සුවිශේෂ වෙද්දී දැව කර්මාන්තයේ නිපුණතාවක් පෙන්වූ දඹදෙණි යුගයේදී ඉදිවූ බෝගොඩ ලී පාලමට හිමි වනුයේද සුවිශේෂ තැනකි.

ගල්ඇන්දා ඔය නමින් හඳින්වෙන ඔය, මහවැලි ගඟ පෝෂණය කරමින් ගලා යන උමා ඔයේ අතු ගංගාවකි. එම අතු ගංගාව උමාඔය සමග එකතු වන්නේ බෝගෝඩ පුරාණ විහාරය අසලින් වීම නිසාම එම අතු ගංගාව බෝගොඩ ඔය ලෙස කා අතරත් ජනප්‍රිය වී තිබේ.

බදුල්ල – කන්දකැටිය මාර්ගයේ සුන්දර කඳු ගැටයක් අසල ජගුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති බෝගොඩ පුරාණ විහාරය වළගම්බා රජු සමය දක්වා අතීතයට විහිදී යයි. වළගම්බා රජු බෝගොඩ ලෙන්හි සැඟවී සේනා සංවිධාන කළ බවත්, ඉන් අනතුරුව හෙතෙම රජු බවට පත්වීමෙන් පසු තමාට ආරක්ෂාව සහ සෙවණ සැපයූ බොහෝ තැන්හි වෙහෙර විහාර කරවීමේ වැඩසටහන යටතේ බෝගොඩ විහාරයද කරවූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. බෝගොඩ විහාරය සතු තවත් විශේෂ කාරණාවක්ද වෙයි. ඒ, විහාරයෙන් ඇරඹෙන රහසිගත උමඟයි. එම උමඟේ එක් අන්තයක් දෝව රජමහා විහාරයේ ඇති රාවණ උමඟටත්, තව අන්තයක් කන්දෙ විහාරයේ ඇති උමඟටත්, තවත් අන්තයක් රාවණ ඇල්ලේ ඇති උමඟටත් යාවී තිබූ බවට තොරතුරු ජනප්‍රවාදයේ පවතී. එසේම මෙම විහාරයේ ඉතිහාසය ක්‍රි.පූ. අවධියට විහිදුණු බවට පූර්ව බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියැවුණු ලෙන් ලිපි තුනක්ද හමුවී ඇත.

මේ සුවිශේෂ විහාරය වැඳපුදා ගන්නට පැමිණෙන බැතිමතුන්ට එදා ප්‍රධාන අභියෝගයක් වූයේ බෝගොඩ ඔය හරහා ගමන් කිරීමයි. ස්වභාවික ගල් පර අතරින් ගලාබසින මෙම බෝගොඩ ඔය තරණය කිරීම පහසු කරවීමට එකල රජදරුවන්ට අවශ්‍ය වූ අතර මේ සම්බන්ධව අභියෝගය භාරගත්තේ දැව කර්මාන්තයේ නිපුණ ඉන්ජිනේරුවන්ය. සුන්දර දිය දහරටත් ස්වභාවික පිහිටීමටත් හානි නොකර ඉතා අලංකාර දැව පාලමක් ඉදිකිරීමට සැලසුම් කළ හෙළ ඉන්ජිනේරුවන් එදා ඉදිකළ පාලම බෝගොඩ දැව පාලම ලෙසින් ලෝකප්‍රකට වූයේ එහි ඇති සුවිශේෂ ලක්ෂණයන් නිසාමය.

ජනප්‍රවාදයට අනුව දඹදෙණි යුගයේදී ක්‍රි.ව. 1220-1270 ඉදිකරන ලද්දක් බව කියවෙද්දී තවත් මතයක් වන්නේ මහනුවර යුගයේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි.ව. 1747-1780) ඉදිකරවූවක් බවයි. කෙසේ නමුත් බෝගොඩ දැව පාලම මෙතෙක් ලොව ඉතිරිව ඇති පැරැණිම ලී පාලම ලෙස හඳුනාගෙන තිබේ. එමෙන්ම කිසිදු වර්ගයක ඇණ භාවිතයකින් තොරව සම්පූර්ණයෙන්ම ලී පමණක් මූට්ටු කර ඉදිකරවූ මෙම දැව පාලමේ දිග අඩි 50කි. පළල අඩි 6කි. ඉතා අලංකාර වහලක් සහ අත්වැටවල් දෙකක් සහිතව ඉදිකර ඇති මෙහි වහලට පෙති උළු සෙවිලි කර තිබීමද විශේෂත්වයකි. පියැස්ස අඩි අටක් පමණ උසට සකසා ඇති අතර විහාරස්ථානයකට උචිත පෙනුමකින් ඊටම ගැළපෙන ආකාරයට පාලමද නිමවීමට කටයුතු කර තිබේ.

වහල වටා කැටයමින් අලංකාර කරවා ඇති මෙහි කණුද සුවිශේෂ නිමාවකින් හැඩකර තිබේ. ඇතුළත පෙනුම ඉතා ප්‍රියජනක වන අතර අඩි 35 පමණ උස විශාල දැව කඳන් දෙකක් මත පාලම ඉදිකිරීමට කටයුතු කර තිබේ. මෙහි ඇති කැටයම් බොහොමයක් මහනුවර යුගයේ කැටයම්වලට නෑකම් කියන අතර විශාල වශයෙන් කොස් සහ කුඹුක් දැව යොදාගෙන මෙහි ඉදිකිරීම් කර තිබේ. එමෙන්ම විශේෂ කොටස් සඳහා කළුවර හා මිල්ල දැව භාවිතයටද කටයුතු කර තිබීම විශේෂත්වයකි.
ලොව මවිතයට පත්කළ හෙළ නිර්මාණ අතර මෙරට දැව වඩුවන් සහ ඉන්ජිනේරුවන්ගේ විස්මිත හැකියාවන් කියාපාන බෝගොඩ දැව පාලම කොතරම් විශිෂ්ට නිමැවුමක්ද යන්න එම පාලම මත එක්වරක් පමණක් ගමන් කිරීමෙන් වුවද ඔබේ හදවතට දැනෙනු නිසැකය. එය හෙළ ඉන්ජිනේරු තාක්ෂණය කොතරම් විශිෂ්ටද යන්න ඔබට ආඩම්බරයක් සහ අභිමානයක් ඇතිකරනු නිසැකය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

IMF පළමු කොන්දේසිය මෙන්න! VAT බද්ද වහා නග්ගන්න! EXCLUSIVE

Next Post

බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ ක්ෂේත්‍රය තුල හොඳම සේවා ස්ථාන 10 අතරට AIA ඉන්ෂුවරන්ස් එක් වෙයි…

MORE NEWS

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

Load More
රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට පෙර පොරොන්දු වී තිබුණ ද, එම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම...

Read more
ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.