මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට නියමිත පළමු කොන්දේසිය මේ වනවිට අනාවරණය වී තිබේ.
ඒ අනුව සියලුම භාණ්ඩ හා සේවාවන්වලට බලපාන පරිදි වැඩ් බද්ද 15% දක්වා ඉහළ නැංවිය යුතු බව එහි පළමු යෝජනාවය.
මේ වනවිට වැට් බද්ද පවතින්නේ 8%ක ප්‍රතිශතයකය.
15%ට තිබූ වැට් බද්ද 8% දක්වා පහත දැම්මේ 2019 දෙසැම්බර් 01 දිනය.
එහිදී සංචාරක ක්ෂේත්‍රයේ සියලුම සේවාවන් වැට් බද්දෙන් නිදහස් කිරීමට පියවර ගෙන තිබිණ.