රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාරයේ සිද්ධියට ඇමති ධුරයෙන් ඉල්ලා අස් වූ අරුන්දික ප්‍රනාන්දු යලි එම අමාත්‍ය ධුරය සඳහා පත්කර තිබේ.
එම සිදුවීම සම්බන්ධයෙන් පත්කල කමිටුව ජනාධිපතිවරයා වෙත ඊයේ දැනුම් දුන්නේ අරුන්දික ප්‍රනාන්දු මහතා අදාල සිද්ධියට සම්බන්ධ නොමැති බවයි.
මේ අතර ආපදා කලමනාකරණ රාජ්‍ය අමාත්‍ය ලෙස විමලවීර දිසානායක මහතාද දිවුරුම් දී තිබේ.
විමලවීර යටතේ තිබූ අමාත්‍යංශය සී.බී. රත්නායක මහතා වෙත පැවරීමට ජනාධිපතිවරයා කටයුතු කොට ඇත.










