ලෝක බැංකු ආධාර යටතේ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මාර්ග කිලෝමීටර් 3000ක් සංවර්ධනය කිරීමේ අන්තර්ගතිකව සම්බන්ධිත සංවර්ධන ව්‍යාපෘතිය (ICDP) යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනයේ හතරවන ව්‍යාපෘතිය වන හිගුර ආර සිට කැටගල් අර මාර්ගය, හිගුර ආර පරණ මාර්ගය හා හිගුර ආර ගම්මාන මාර්ග වල කිලෝමීටර 4.2ක් සංවර්ධන කිරීම සදහා මුල්ගල් තැබීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මෙහිදී විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත් කළ හේතුව පැහැදිලි කිරීමටද අමාත්‍යවරයා කටයුතු කළේය.










