දැනට රට තුළ මතුව ඇති තත්ත්වයත් සමග කොළඹින් බැහැරව සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හදිසියේම කොළඹ බලා පැමිණ ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව මේ වන විට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග විපක්ෂ නායක කාර්යාලයේ හදිසි රැස්වීමකට ඒ මහතා සහභාගි වී සිටින බව දැනගන්නට ඇත.
මෙහිදී ආණ්ඩුව ඇතුළේ දැනට මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳ දීර්ඝව සාකච්ඡා කෙරෙමින් පවතින බවද වාර්තා වේ.










