මෛත්‍රිපාල ජනාධිපති වෙලා එක්සත් ජාතික සංවිධානයේ මහ මණ්ඩල රැස්වීමට ගිය පළමුවැනි වාරයේදී ඔහුට ඇමෙරිකාවෙන් ලැබුණේ ලොකු පිළිගැනීමක්. සාමාන්‍යයෙන් එක්සත් ජාතීන්ගේ මහ රැස්වීමට යන රාජ්‍ය නායකයන් දෙතුන් දෙනෙකුට තමයි ඇමෙරිකානු ජනාධිපතිවරයා කතා කරන්නේ. ඒ කාලයේ ඇමෙරිකාවේ ජනාධිපතිවරයා වෙලා සිටියේ ඔබාමා. එක්සත් ජාතීන්ගේ මහ රැස්වීමේදී හැමෝම විමතියට පත්කරමින් මේ පුංචි ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රිපාලට ඔබාමා කතා කළා. හැබැයි ඔබාමාගෙනුත් ඇමෙරිකාවෙනුත් මෙතරම් පිළිගැනීමත් ලැබුණත් මෛත්‍රිගේ හිත ගිහිල්ලා තිබුණේ රුසියාවේ ජනාධිපති පුටින්ට. එම රැස්වීම අවසන් වෙලා ලංකාවට ආපු මෛත්‍රි හැමෝටම කිව්වේ පුටින්ගේ පෞරුෂත්වය ගැනයි. ඔහු කතා කරන විලාසය ගැනයි. මෛත්‍රි කොයිතරම් පුටින්ට වහ වැටුණද කියනව නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊළඟ රැස්වීම් වාරයේදී මෛත්‍රී පුටින්ට පණීවුඩයක් යැව්වා එයාගේ කැමැතිම රාජ්‍ය නායකයා පුටින් කියලා. පුටිනුත් මේ මෛත්‍රිගේ පණීවුඩයෙන් සතුටු වුණා. ඉන්පස්සේ පුටින් මෛත්‍රි එක්ක කතා කළා. මෛත්‍රි කිව්වා එයා රුසියාවට එන්න හරි ආසයි කියලා. එයා පොඩි කාලේ ඉඳලා සෝවියට් දේශයට බොහොම ආදරය කරපු කෙනෙක් කියලා. පුටින් මෛත්‍රිපාලට රුසියාවට එන්න ආරාධනා කළා. මෛත්‍රිපාල ඒ ආරාධනාව ඉහළින්ම පිළිඅරගෙන රුසියාවට ගියා.
මෛත්‍රි පුටින්ට ඇලුම් කළේ ඇමෙරිකාවෙන් ඉහළම පිළිගැනීමක් ලැබිල තියෙද්දි. මහින්දට ඒ වගේ පිළිගැනීමක් ඇමෙරිකාවෙන් තිබුණේ නැහැ. එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල රැස්වීමට ගියපු හැම වාරෙම මහින්දට සිද්ධ වුණේ අනෙක් රාජ්‍ය නායකයො වගේ පෝලිමේ ගිහිල්ලා ඇමෙරිකාවේ ජනාධිපති එක්ක ඡායාරූප ගැනීම පමණයි. මහින්දත් පුටින්ට ලොකුවට ඇලුම් කළා. ඒකට හේතුව යුද්ධයට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමත් ලංකාවට එරෙහිව යෝජනා ගෙනාවාම රුසියාව ලංකාව පැත්ත ගැනීම. මේ නිසා මහින්දත් රුසියාවේ විශ්වවිiාල උත්සවයකට සහභාගි වීමට ආරාධනා ලබාගෙන රුසියාවට ගොස් එකල රුසියාවේ ජනාධිපති හමුවුණා. ඒ කාලයේ රුසියාවේ ජනාධිපති වෙලා හිටියේ පුටින්ගේ නියෝජිතයා. ඒ පුටින් නොවුණත් මහින්දට රුසියාවේ ජනාධිපති හමුවීම ලොකු ජයග්‍රහණයක්. පහුගිය යහපාලන ආණ්ඩු කාලයේ මහින්දගේ පුත් නාමල් රාජපක්‍ෂ රුසියාවේ ජනාධිපතිවරණය නිරීක්‍ෂණයට ගිහිල්ලා රුසියාවේ සිට ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට එනකොට ඔහුට ඇමෙරිකාවට ගොඩබැහීමට ඇමෙරිකාව තහනම් කළා. නාමල් රාජපක්‍ෂ මෙයින් හොඳටම තැතිගත්තා. නමුත් ඇමෙරිකාව රුසියාවේ ඉඳලා ඇමෙරිකාවට එන නාමල්ගේ වැඩපිළිවෙළ අනුමත කළේ නැහැ.
මේ නායකයෝ විතරක් නෙවෙයි ලංකාවේ ජනතාවත් පුටින්ට හරි කැමැතියි. පහුගිය ජනාධිපතිවරණයේදී පුටින් කෙනෙක් ඕන කියල තමයි කිව්වේ. නමුත් පුටින් රුසියාවේ හදන ආයුධ ලංකාවට විකුණ ගන්න ලංකාවට ඇලුම් කරන බව මේ කවුරුත් දන්නෙ නැහැ. යුද්ධය වෙලාවෙ රුසියාව ලංකාවට ගුවන් යානා විකුණලා හොඳට සල්ලි හම්බකර ගත්තා. මිග් යානා ගනුදෙනුව තමයි ඒ කාලයේ ලොකුවට ප්‍රසිද්ධ වුණේ. යුද්ධයෙන් පස්සෙත් පුටින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොටසේදී ලංකාවට උදව් කරනවා කියලා ලංකාවට කිව්වා ගුවන් යානා ඒගොල්ලොන්ගෙන් ණයට මිලට ගන්න කියලා.
2015 ජනාධිපති වෙච්ච මෛත්‍රි පුටින්ට පෙන්නපු කරුණාව ප්‍රයෝජනයට අරගෙන පුටින් මෛත්‍රිට රුසියාවට එන්න කියලා මිලියන ගණනක් වටිනා රුසියානු නැවක් ලංකාවට විකුණන්න ලොකු උත්සාහයක් ගත්තා. මෛත්‍රිත් පුටින්ට වශී වෙලා ඒ නැව ගන්න ලොකු ට්‍රයි එකක් දුන්නා. අන්තිමේදී භාණ්ඩාගාරය සල්ලි නැහැ කිව්ව එකෙන් නැව ගැනීම වැළැක්වුණා.
මේ පාර ගෝඨාභය ජනාධිපති වුණාමත් පුටින්ගේ නියෝජිතයෙක් දුවගෙන ආවා ගෝඨාභය හමුවෙන්න. ඇවිල්ලා යෝජනා කළේ රුසියාවේ හෙළිකොප්ටර් යානා මිලට ගන්න ණය පහසුකම් හදල දෙන්නම් කියලා. මේ ඇරෙන්න පුටින් සත පහක උදව්වක් ලංකාවට කරල නැහැ. ඔහුගේ රටේ ආර්ථිකය අද හොඳටම බංකොලොත් වෙලා තියෙන්නෙ. ඔහුගේ ජනප්‍රියත්වය දවසින් දවස වැටෙනවා. ඒකට තමයි ඔහු යුක්රේනය ආක්‍රමණය කරලා ඔහුගේ ප්‍රතිරූපය හදාගන්නේ.
ඔහු ලංකාවට උදව් නොකර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ඇමෙරිකාවට පාඩමක් උගන්වන්න ලංකාව පාවිච්චි කරලා රුසියාවේ හදන ආයුධ හෙලිකොප්ටර් යානා නැව් දුප්පත් ලංකාවට විකුණලා රුසියාවේ ආර්ථිකය ගොඩනඟන්න තමයි ඔහු දතකන්නේ. මේ වගේ නායකයින්ට ලංකාවේ මිනිස්සු වහවැටීම පුදුමයක් නෙවෙයි. මොකද අද ලංකාව මේ තත්ත්වයට වැටිල තියෙන්නේ මේ වගේ නායකයො පස්සේ ගිය නිසයි.
සුරනිමල











