වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට නිසි විසඳුම් නොලැබීමට විරෝධය පළ කරමින් සෞඛ්‍ය වෘත්තිය සමිති 17 ක් අද සහ හෙට සංකේත වැඩ වර්ජනයක නිරත වේ.
සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා සඳහන් කළේ, අද උදැසන 8 සිට දිවයින පුරා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක බවයි.
කෙසේ වෙතත් ළමා රෝහල් , පිළිකා රෝහල් , මාතෘ රෝහල් , මධ්‍යම ලේ බැංකුව සහ කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනය මෙම වැඩවර්ජනයට එක් නොවන බව ඔහු ප්‍රකාශ කළේ ය.










