• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ළඟදි දවසක එන්න නියමිත දිව්‍යලෝකේ පත්තරේ…! අලුත් තනතුරු දෙන්න වෙන්නැති මෙහෙන් කට්ටිය වෙන් කරේ…!

March 2, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ළඟදි දවසක එන්න නියමිත දිව්‍යලෝකේ පත්තරේ…! අලුත් තනතුරු දෙන්න වෙන්නැති මෙහෙන් කට්ටිය වෙන් කරේ…!
Share on WhatsAppShare on Facebook

දිව්‍ය ලෝකෙ තියෙන්නෙ කොහෙද කියලා දන්නෙ නැති වුණාට, මේ ගතවෙලා යන්නෙ දිව්‍ය ලෝකෙට මිනිස්සු අවශ්‍ය වුණු කාලයක්. නිකමට හිතන කොට හිතෙන්නෙ අනිවාර්යයෙන්ම දිව්‍ය ලෝකෙ පත්තරයක් පටන් ගන්නවා ඇති කියලා. ඒකට අවශ්‍ය කරන මිනිස්සු තෝරලා අරගෙන. වැඩේ ලොකුවට යනවා ඇති. නැත්තනම් මේ හදිස්සියෙම ඇයි මේ… කොහොමද ඔහොම තමයි, සමහර කාලවලට දිව්‍ය ලෝකෙට මිනිස්සු ඕනෑ වෙනවා. දෙවියන්ට තනියම කරගන්න බැරි වැඩ ඕනෑ තරම් කරලා දෙන්න මිනිස්සු ගෙන්න ගන්න වෙනවා. ඒ මිනිස්සු යක්ෂ මිනිස්සු. පට්ට වැඩකාරයා. ලෝකෙ උඩු යටිකුරු කරපු මිනිස්සු. ඒ මිනිස්සු මහ පොළොවට බරක් නොවුණ මිනිස්සු. මේ ගෙන්දගම් පොළොවෙ මොනවම හරි පැළ කරපු මිනිස්සු.

මෙදා අකුරුත් එක්ක කැරැලි ගහපු මිනිසුන්ව එහෙට ගෙන්න ගන්න ලෑස්තිය. හැම දේම ලෑස්ති කරලා ඉවරයි. දිව්‍ය ලෝකෙ ඕවට, අරවට, මේවට සාකච්ඡා තියන විදියත් සමහර විට මෙහෙ වගේම වෙන්න ඇති. ඒකනෙ ඔය එක්කෙනා, එක්කෙනා දවසින්, දවස ගෙන්න ගන්නෙ. හැබැයි වැඩේ සරුවටම යනවා කියන එක විශ්වාසයි. ඒ නිසයි මේ තෝරාගැනීම්. මේ විදියටම වෙන්නෙ.

මුලින්ම ඒ වෙනුවෙන් කැඳවලා තිබ්බෙ සමන් චන්ද්‍රනාත් වීරසිංහයන්ට. ඔහු ලංකාවම දන්නෙ දක්ෂ ගී පද රචකයෙක් විදියට. අවිය සිංහල ජාතිය වගේ පත්තරවලින්. පත්තර ජීවිතේ මුල් අකුරු කියපු සමන් මහත්තයා ලංකාදීප සහ ටයිම්ස් පත්තරවල රාජකාරි කරපු කෙනෙක්. ඔහු චිත්‍රපට පසුබිම් ගී රචනයට එන්නෙත් ලංකාදීපෙ ඉන්න කාලෙ.
සමන් මහත්තයා කියන්නෙම කතා සරිත් සාගරයක්. දිව්‍ය ලෝකෙ පත්තරේ රස ගුලාවක් වෙයි මේ මනුස්සයා හින්දා.

ඉන්පස්සෙ කමල් ලියනාරච්චි මහත්තයා යන කොට ඔහු හිටියෙ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයෙ. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් විදියට. ලංකාවෙ පත්තර කලාව ආරක්ෂා කරන්න ඔහු කැපවුණු කෙනෙක්. ලක්බිමේ පත්තර ජීවිතේ ඇතුළෙ බෝහෝ පත්තරකාරයෝ අලු‍තෙන් නිර්මාණය වෙන කොට ඔහු එතැන උන්න බවක් කියනවා.
කමල් ලියනාරච්චි ගැන සිසිර යාපා මෙහෙම බුකියෙ ලියලා තිබුණා.

‘‍මචං කමල්, කොහොමද සුබ ගමන් කියන්නේ… !

මට හරියටම අවුරුද්ද මතක නැහැ. මම රාවය පත්තරේ බාහිර ලේඛකයෙක්. මට පත්තර රස්සාවට එන්න අවස්ථාව දුන්න රාජා කටුගම්පළ අධ්‍යාපනය ගැන ලිපියකට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ පැත්තෙන් අදහසක් ගන්න කිව්වා. කාලෙකට කලින් ගිහින් තිබුණු කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් කාර්යාලය තමයි මට මතක් වුණේ.
මම එතැනට පරණ මතකයෙන් ගියා. ඒක තිබුණේ කැන්ටිමේ උඩ තට්ටුවක් වගේ තැනක. මම එතැනට යනකොට ටිකක් උස මහත ශිෂ්‍යයෙක් උන්නා. මම ඒ ශිෂ්‍යයාට මාව හඳුන්වලා දුන්නා. රාවයට ඕන කරන කාරණය කරගත්තා. ඒ ශිෂ්‍යයාගේ අදහස අරකිව්ව ලිපියේ ගියා, එයාගේ නමත් එක්ක.

ඒ ශිෂ්‍යයා කමල් ලියනාරච්චි.

එදායින් පස්සේ කමල් යුක්තිය පත්තරයට වැඩ කරද්දී මම උන්නේ හිරු පත්තරේ. කමල් සහ අපි උන්නේ මාවත් දෙකක. හැබැයි මමයි කමලු‍යි නොවෙනස් මිතුරන්. පස්සේ කමල් ලක්බිමේ. කමලු‍යි, මමයි මිතුරන්. වෘත්තීය පත්තර සගයන්ගේ සටන්වල කමල් ඉන්න කොට මම ඩිලාන් පෙරේරා ඇමැතිවරයාගේ මීඩියා සේකටි්‍ර. හැබැයි කමලු‍යි, මමයි යහළුවෝ. අන්තිමට කමල් උන්නේ පුවත්පත් පැමිණිලි කොමිසමේ. මගෙයි, කමල්ගෙයි යහළුකම එහෙම්මයි.

කමල් විවාහ වුණේ ලක්බිම්මෙ උන්න කමණී හෙට්ටිආරච්චි එක්ක. කමණී, මගේ මිතුරු බිනෝයි හෙට්ටිආරච්චිගේ නංගී.

පහුගිය දවසක බිනෝයි මමයි කතා කර කර ඉන්න කොට බිනෝයි කිව්වා කමල්ට ඩෙංගු හැදිලා උන්නා කියලා. බිනෝයි කමල් ළඟ උන්නා. කමලු‍යි බිනෝයි දෙන්නා දෙමස්සිනාලට වඩා හොඳ යහළුවො.

‘මේ මාර වැඩක්, කමල් අයියා නැතිවෙලා’ කියලා ශාලික විමලසේන කිව්වා. මටත් රවින්ද්‍ර පුෂ්පකුමාරටත් කතා කරගන්න බැරිවුණා. කාරණය ඇත්තක්ද කියලා දැනගන්න මම බිනෝයිට ගත්තා. ෆෝන් එක බිසී. අන්තිමට කමල්ගෙයි කමණීගෙයි යහළුවා පත්මිණී මාතරගේට ගත්තා. පද්මිණී අඬනවා. මම මුකුත්ම ඇහැව්වේ නැහැ.
‘අනේ ඔව් සිසිර, ඒ ආරංචිය ඇත්තක්..’ පද්මිණී ඉකි ගහමින්ම කිව්වා.”‍

ඉන් පස්සෙ සුනිල් මාධව ප්‍රේමතිලකයන් ගෙ සමුගැනීම. ඒක පත්තර ලෝකෙ වීරයෙක්ගෙ නික්ම යාමක්. සත්‍යවාදියාගෙ දිනපොත ගැන හුඟක් දවස්වල තිස්ස කොරතොට මහත්‍තයා අපි එක්ක කියනවා. ඔහු අපිට වඩා හුඟාක් ජ්‍යෙෂ්ඨ වුණාට අපිට වඩා කොච්චර තරුණද කියලා. ඔහුව කියවන කොට නිතරම දැනෙන දෙයක්.
මියයන විට ඔහු උන්නෙ හැත්තෑහත් වෙනි අවුරුද්දෙ.

ලේක්හවුස් ආයතනයෙන් මාධ්‍ය ජීවිතය ආරම්භ කරපු සුනිල් මාධවයන් දිවයින පුවත්පතේ ආරම්භයත් සමග ඒකට එකතු වෙනවා. වාමාංශික දේශපාලනයට නැමුණු ඔහුගෙ හදවත දිවයිනේ අටවැනි පිටුවෙ අපි දැක්කා.

විකල්ප පුවත්පත්වල රස්සාව අතිශය භයානක වුණු කාලයක ලක්මිණ, ලක්දිව, හිරු පුවත්පත් එක්ක සුනිල් මහත්තයා හාද වෙන්නෙ මරණ තර්ජන පවා අමතක කරලා දාලා. එහෙව් කෙනෙක් දිව්‍ය ලෝකෙ පත්තරේට හදිස්සියෙම වුවමනා වුණා. ඒකේ වරදක් කියන්නත් බෑ. මොකද කවුරු කොහොම හෙව්වත් සුනිල් මාධව ප්‍රේමතිලකයන්ට සමාන වෙන කෙනෙක් හොයා ගන්න ලැබෙන්නෙ නෑ. අදින් පස්සෙ සත්‍යාවදියාගෙ දිනපොත අයිති ඒ ලෝකෙට.මේ ලෝකෙට ඉතිරි වුණේ හඬනු මැන නිදහස කියන්න විතරයි.
සුනිල් මාධව මහත්තයා මියගිය බවට ලැබුණ ආරංචිය එක්ක හිත ගැස්සුණු මිනිසුන්ට එක පාරටම ආයෙත් පැය දෙක තුනකින් අහන්න ලැබුණෙ බන්ධුල පද්මකුමාරයන්ගෙ සමුගෙන යාම.

‘‍ඒක පටලැවිල්ලක් වෙන්න ඇති’‍ කියලා හිත හදාගත්තා. ඒත් දිව්‍ය ලෝකෙට පටලැවිලා නෑ. ලංකාවෙ පත්තරවල මල්කුමාරය කිව්වෙ ඔහු. ජාතික පත්තරේකට මල් පත්තරයක් නැතුවම බැරි තැනට පත්කරලා, අදත් ඒක පත්තර ඔක්කොටම ඔහු හදපු ‘රිද්ම’‍යේ රිද්මයෙන් බේරෙන්න බැරිවෙලා. කුමරි වගේ පත්තර මිනිස්සු අතරෙ තවමත් මතක සටහන් වෙලාවත් ඉතිරි වෙලා තියෙනවා.

මේ ඔක්කොම කරලා බන්ධුල පද්මකුමාර මහත්‍තයා ඉන් පස්සෙ අත ගහන්නෙ වෙනමම වැඩකට. ඒ ස්වර්ණවාහිනියෙ මුල්පිටුවට. කියවපු පත්තර වෙනුවට පත්තර බලන එක මිනිසුන්ට ඔහු කොච්චර හුරු කළාද කියනවා නම් අද හැම නාලිකාවකම වගේ උදේට පත්‍තරය කියවනවා. එහෙම නොකළොත් ඒක මාර අවුලක් වෙන තැනටම ඇවිල්ලා මේකට වගකියන්න ඕනෙ බන්ධුල පද්මකුමාර මහත්තයා. රටේ පත්‍තර උඩු යටිකුරු කරපු මේ මනුස්සයා නැතුව කොහෙ පත්තර කරන්න ද කියලා දෙයියො හිතන්න ඇති. ඒ හින්දයි බන්ධුල මහත්‍තයවත් ගෙන්න ගන්න ඇත්‍තෙ. මල් පත්තරවල ඉඳලා පත්තර මහගෙදර සභාපතිකම දක්වාම දරපු මේ මනුස්සයත් දැන් අපිට නෑ.
මේ ගැන හොයන්න පත්තර ලෝකෙ හිත මිතුරන්ගෙ ෆේස්බුක් පිටු අස්සෙ එහෙට මෙහෙට කරක් ගහන කොටයි දැක්කෙ එඩ්මන් ලියනගේ කියන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියත් හදිස්සියෙම අපි අතරින් යන්න ගිහිල්ලා. ඒක දිව්‍ය ලෝකෙට හදිස්සියෙම කැඳවපු ඊළඟ අවස්ථාව වෙන්න ඇති. සමහර විට අපෙ එල්මො මහත්තයා වෙන්න ඇති දිව්‍ය ලෝකෙ පත්තරේ ප්‍රධාන කර්තෘ වෙන්නෙ. ඔහු නික්ම ගිහිල්ලත් මාස කිහිපයයි…

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

යුක්රේනයෙන් ලංකාවට සුද්දෝ ගෙන්නපු රාජපක්ෂගේ මස්සිනා යුද්ධයත් එක්ක එළියට එයි! මාර කතා ටිකක් කියයි! (VIDEO)

Next Post

පුටින් සහ කටින්!

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.