• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

අලුත් ජනපති දිව්රුම් ‌දෙන්න රුවන්මැලි සෑයයි-දුටුගැමුණු පිළිමෙයි ‌තෝරගත්තේ ඇයි?

November 23, 2019
in News, Uncategorized
Reading Time: 2 mins read
A A
අලුත් ජනපති දිව්රුම් ‌දෙන්න රුවන්මැලි සෑයයි-දුටුගැමුණු පිළිමෙයි ‌තෝරගත්තේ ඇයි?
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙසින් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය නොවැම්බර් 18 වැනිදා දිවුරුම් දෙනු ලැබූයේ මෙරට දේශපාලන වංශ කතාවේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමිනි. ඒ ඓතිහාසික අනුරාධපුරයේදී දිවුරුම් දුන් පළමු ජනාධිපතිවරයා ලෙස තම නාමය ඉතිහාසයට එක් කරමිනි. මීට පෙර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයකුගේ දිවුරුම් දීමේ උත්සවයක් කොළඹින් බැහැරදී පවත්වා ඇත්තේ එක් වතාවක් පමණි.
ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙසින් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය නොවැම්බර් 18 වැනිදා දිවුරුම් දෙනු ලැබූයේ මෙරට දේශපාලන වංශ කතාවේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමිනි. ඒ ඓතිහාසික අනුරාධපුරයේදී දිවුරුම් දුන් පළමු ජනාධිපතිවරයා ලෙස තම නාමය ඉතිහාසයට එක් කරමිනි. මීට පෙර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයකුගේ දිවුරුම් දීමේ උත්සවයක් කොළඹින් බැහැරදී පවත්වා ඇත්තේ එක් වතාවක් පමණි. 1988 ජනාධිපතිවරණය ජය ගත් රණසිංහ ප්‍රේමදාස මහතා එලෙස කොළඹින් බැහැරදී තම ධුරයේ දිවුරුම් දුන් පළමු ජනාධිපතිවරයා ලෙස ඉතිහාස ගත වී ඇති අතර ප්‍රේමදාස මහතා එලෙස දිවුරුම් දී ඇත්තේ මහනුවර දළදා මාලිගාවේ පත්තිරුප්පුව මතදීය.
පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට වැඩි බලයක් ලබා දී ඇත්තේ සිංහල බෞද්ධ ජනතාව විසිනි. එබැවින් නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවය ඓතිහාසික අනුරාධපුරයේදී පැවැත්වීම, එක් අතකින් එම ජනතාවගේ සිහිනයක් ඉටු වීමක් බඳුය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් විශේෂ පීඨිකාව ඉදි කර තිබුණේ රුවන්වැලි සෑ රදුන් අබියස පිහිටා ඇති දුටුගැමුණු මහ රජුගේ පිළිරුව අබියසදීය. ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති, වසර දහස් ගණනක් පුරා රහතන් වහන්සේලාගේ පා පහසින් පාරිශුද්ධත්වයට පත් වූ රුවන්වැලි සෑ සළපතල මළුවේ, දුටුගැමුණු මහරජුගේ පිළිරුව ඉදිරියේදී සම්බුද්ධ ශාසනය මෙන්ම මෙරට මුළු මහත් ජනතාවට රැක බලා ගන්නා බවට නව ජනාධිපතිවරයා දිවුරුම් දීම සෑම දෙනාගේම පැසසුමට හේතු වී ඇත්තේ ඒ නිසාය. එදා අනුරපුරයට පැමිණ සිටි දහස් සංඛ්‍යාත ජනතාවක් නෙතට නැඟුණු කඳුළින් ඒ දෙස බලා සිටියේ ගැමුණු කුමරුන් නැවත රාජ පදවියට පත් වූවා වැනි හැඟීමක් සමඟිනි. සිංහල ජාතිය, බෞද්ධ සංස්කෘතිය පමණක් නොව දේශීයත්වය අගයමින් බටහිර බලවේග හමුවේ නොසැලෙනා නායකයකු තමන්ගේ පාලනය බාර ගත් බවට වූ විශ්වාසය ඒ සෑම සියලුදෙනා තුළම ඇති වී තිබෙන ආකාරය පැහැදිලිවම පෙනෙන්නට තිබිණි.

ක්‍රි.පූ. 4 වැනි සියවසේදී පණ්ඩුකාභය රජතුමන් යටතේ පළමු වරට අගනගරයක් බවට පත් වූ අනුරාධපුර රාජ්‍යයේ ස්වර්ණමය යුගය එළැඹෙන්නේ දකුණු රට උපන් ගැමුණු කුමරුන් විසින් ආක්‍රමණිකයකු වූ එළාර රජ පරදවා ශ්‍රී ලංකාව එක්සේසත් කිරීම සමඟිනි. රුවන්වැලි සෑ මහරදුන් සැලකෙන්නේ දුටුගැමුණු රාජ යුගය සිහිපත් කරනා සුවිශේෂී සලකුණ ලෙසිනි. බුදුදහමට සහ එය රැක ගන්නා බුද්ධ පුත්‍රයන් වහන්සේලාට දැඩි අභියෝග රැසක් එල්ල වී ඇති සමයක දකුණේ උපන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් මෙරට දුටුගැමුණු යුගයක් කරා නැවත රැගෙන යනු ඇතැයි යන්න බහුතර සංඝයා වහන්සේගේද අපේක්ෂාව වී ඇත. ගාමිණී අභය හෙවත් දුටුගැමුණු බමුණු මතවලට යට නොවුණු රජෙකි. රාජකීය කුමාරිකාවන් පාවා නොගෙන රජකම් කළ පළමු රජු ඔහුය. ලක්දිව ජනීජනයා බෙදී සිටි විවිධ ආගමික මතවාදවලින් ඉවත් කර මෙරට බෞද්ධ රාජ්‍යයක් බවට පත්කළේ දුටුගැමුණුය. විවිධ රජවරුන් රජකම් කළත් මෙරට ඒකීය රාජ්‍යයක් බවට පත්කළේද දුටුගැමුණුය. රටේ මෙන්ම ජනතාවගේද සතුරා වූ එළාර රජතුමා ද්වන්ධ සටනකින් පරාජය කළ දුටුගැමුණු එළාර වෙනුවෙන් සොහොනක්ද ඉදිකිරීමට පියවර ගත්තේය. සතුරු පිරිවර වූ එළාර ඇතුළු ඔහුගේ ජනතාවට හිරිහැර නොකරන ලෙස අණපනත්ද පැනවීය. එය අද බටහිරයන් විසින් කතා නොකරන පළමු යුද අපරාධ වැළැක්වීමය.
රුවන්වැලි සෑය අබියසදී දිවුරුම් දීමට ජනාධිපතිතුමන් ගත් තීරණය උන්වහන්සේ තුළද පිබිදීමක් ඇති කිරීමට සමත් වී ඇත්තේ ඒ නිසාය. සංඝයා වහන්සේ පමණක් නොව එක රටක් තුළ සාමකාමීව ජීවත් වීමට කැමැති අනෙක් ආගමික නායකයන් රැසක්ද එදින සිනහමුසු මුහුණින් අනුරාධපුරයට පැමිණ නව ජනාධිපතිතුමන්ට ආශිර්වාද කරන ආකාරය දක්නට හැකි විය.
එමෙන්ම සතුරන් මැඩපැවැත්වීම සඳහා දුටුගැමුණු රජතුමාට මහා ආනුභාවයක්, බලයක්, අනුහසක් පැවතුණු බව අතීතයේ සිටම කියැවෙන කාරණාවකි. එළාර ඇතුළු පිරිවර පරාජයට පත්කළේද ඒ සතුරන් නැසීමේ ආනුභාවයෙන් බව කියැවේ. එමනිසා මෙවරද මාතෘභූමිය එක්සේසත් කොට රටට විණ කිරීමට බලා සිටින සතුරන් පරාජයට පත්කිරීමේ අනුහස ලබා ගැනීම සඳහා ගෝඨාභය දුටුගැමුණු පිළිරුව දෙස බලාගෙන දිවුරුම් දුන් බවද මේ වන විට රජරට ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව ඇති කරුණක් වී තිබේ.
අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උත්සවය සංවිධානය කර ඇත්තේ පැය කිහිපයක් ඇතුළතය. ජනාධිපතිවරණය ජය ගත හොත් තමන් අනුරාධපුරයේ දිවුරුම් දෙන බවට කිසිදු ඉඟියක් ඒ මහතා ඊට පෙර පළ කර නොතිබුණු අතර එය ප්‍රකාශ කර ඇත්තේ ජයග්‍රහණයෙන් අනතුරුවය. එම තීරණය අනුරාධපුර ප්‍රධාන නායක ස්වාමීන් වහන්සේ වෙත දැනුම් දීමත් සමඟ උන්වහන්සේගේ නොමඳ ආශිර්වාදයද ඒ සඳහා හිමි වී ඇත. ස්වාමීන් වහන්සේගේ උපදෙස් මධ්‍යයේ එම කටයුත්ත මුළුමනින්ම සංවිධානය කර ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර නායකයන් විසින්. ඒ සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා සහ උතුරු මැද පළාත් හිටපු මහ ඇමැති එස්. එම්. රංජිත් මහතාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දුමින්ද දිසානායක මහතාද ඒ කටයුත්ත සඳහා දැඩි කැපවීමකින් දායක වී ඇත.
චාම් නමුත් ඉතා උත්කර්ෂවත් ලෙස සංවිධානය වූ එම උත්සවය දැක බලා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් අති විශාල ජනතාවක්ද අනුරාධපුරයට පැමිණි සිටි අතර ජනාධිපති ධුරයේ දිවුරුම් දීම සඳහා වූ සුබ මොහොත යෙදී තිබුණේ පෙරවරු 11.48ටය. ස්වාමීන් වහන්සේගේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා එතැන් පටන් ගත් සියලුම තීන්දු, තීරණ ජනතාවගේ දැඩි ප්‍රසාදයට හේතු වී ඇත. ඉදිරි වසර 5 පුරාවට ඒ ආකාරයෙන්ම කටයුතු කරමින් ශ්‍රී ලංකාව ලෝකයේ දියුණු රටක් ලෙස ඉදිරියට ගෙන ඒමට ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකි වනු ඇතැයි යන්න එතුමන්ට ඡන්දය දුන්, නොදුන් සියලුම දෙනාගේ අපේක්ෂාව වී ඇත. ගැමුණු පිළිරුව ඉදිරියේ ආශීර්වාද ලබමින් අලුත් ගමනක් ඇරැඹූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ට ඒ සඳහා අවශ්‍ය ජනතා ආශීර්වාදයද නොඅඩුව ලැබෙනු ඇත.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

සජිත්ගේ ටීම් එක නායකත්වය කරුට ගන්න කියයි: කරු බෑ කියයි

Next Post

රටටම සන්නද්ධ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Uncategorized

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

හබරණ, අලුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක තිබෙන බව කියන මැණික් නිධානයක් ගොඩගැනීම සඳහා අනවසරයෙන් කැණීම් කරමින් සිටි හිටපු අමාත්‍ය එම්.කේ.ඩී....

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.