• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මට කිසිම තරඟයක් නැහැ! මගේ ගමන යන්නේ තනියම!

February 23, 2022
in Heart
Reading Time: 5 mins read
A A
මට කිසිම තරඟයක් නැහැ! මගේ ගමන යන්නේ තනියම!
Share on WhatsAppShare on Facebook

රේස් එක තියෙන්නෙ මාත් එක්කමයි…
වැඩිහිටියන්ට පමණයි ද කොමඩි ද වාණිජ ද කලාත්මක ද කියන එක අදාළ නැහැ…
මම අදටත් කොටු වෙලා නැහැ…
හමුදාවේ හිටියා නම් ලබන අවුරුද්දට අවුරුදු විස්සක්…

පුංචි තිරයේ මෙන්ම සිනමාවෙහි ද ලැබෙන සෑම චරිතයකින්ම ස්වකීය රංගන පෞරුෂය නැවත නැවතත් තහවුරු කළ ඔහු, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ය(Isuru Lokuhettiarachchi). ඔහුව “ගිනිමල් පොකුරු”‍ හා “කවුරුවත් දන්නේ නැහැ ”‍චිත්‍රපට ඔස්සේ මේ දිනවල දිවයින පුරා පුළුල් තිරයේ දකින්න ලැබෙනවා . මේ ඔහු මව්රට පත්තරේ හදවතට කළ ආමන්ත්‍රණයයි….

මේ දිනවල තිරගත වන “ගිනිමල් පොකුරු” චිත්‍රපටයෙන් කතාව පටන් ගමු..?
උදයකාන්ත වර්ණකුලසූරිය මහතාගේ නවතම සිනමාපටය තමයි ගිනිමල් පොකුරු කියන්නේ. මේ සිනමා නිර්මාණය වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ ලංකාවේ සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් කළ චිත්‍රපටයක්. නීතිය හසුරුවන පුද්ගලයෙක් නීතිය භාවිතා කරමින් තම පහත් අරමුණු සාක්ෂාත් කරගන්නා අයුරු තමයි රංග කියන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාගේ චරිතය තුළින් නිරූපණය කරන්න තිබුණේ. ලංකාව තුළ මේ වගේ චරිතයකට පණ පොවන එක අභියෝගාත්මක වුණත් ඒ අභියෝගයට මා කරපු කැපවීම තුළින් චරිතයට සාධාරණයක් කරන්නත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන්නත් මට හැකි වෙලා තියෙනවා. ඒ ගැන මට ආඩම්බරයකට එහා ගිය නිහතමානී සතුටක් තමයි තියෙන්නේ.

වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල රඟපාන්නේ තවත් ජනප්‍රිය වෙන්නද?
මම ටෙලිනාට්‍ය, චිත්‍රපටවල ඕනේ තරම් රඟපාලා තියෙනවා. මේ වෙද්දී චිත්‍රපට 12කට පමණ රංග දායකත්වය ලබා දී තිබෙනවා. සිනමා නිර්මාණ දෙකයි වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ නිකුත් වුණේ. අනෙක් සියලු‍ චිත්‍රපට එකිනෙකට වෙනස් චරිතයන් ඔස්සේ නිර්මාණය වුණේ. එහෙම කියනවා නම් ඒ කතාව අසත්‍යයක්.

අනාගතයේ දී ඔබ වැඩිහිටියන්ට පමණයි ලේබලයට කොටු වෙයි ද?
මම අදටත් කොටු වෙලා නැහැ. නිදහසේ පියා, රශ්, වැඩ බැරී ටාසන්, පාර්ලිමන්ට් ජෝක්ස්, ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්, කවුරුවත් දන්නේ නැහැ, තිරගත වීමට නියමිත මන්දාරා වගේ සිනමා නිර්මාණයන්හි රංගනයේ යෙදිලා තියෙනවා. රඟපාපු සිනමා නිර්මාණ 15ක් ගත්තොත් පහළොවෙන් දෙකයි වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ රඟපාලා තියෙන්නේ. වැඩිහිටියන්ට පමණයි ද කොමඩි චිත්‍රපටයක් ද වාණිජ ද කලාත්මක ද කියන කුමන පැතිකඩ ඔස්සේ වැඩකරනවා ද කියලා නැහැ. නිර්මාණාත්මක වටිනාකමත් එක්ක මට ලැබෙන චරිතයත් එක්ක ඉන් මගේ රංගන ජීවිතය කෙසේ පෝෂණය වනවා ද එයින් කලාවට වන පෝෂණය කොහොමද යන කාරණා සැලකිල්ලට ගෙන තමයි මම නිර්මාණවල රංගනයෙන් දායක වෙන්නේ.

ඉසුරුට, ලැබෙන හැම චරිතයක්ම බාර ගන්නේ නැහැ නේද?
මම හිතන්නේ නැහැ වෘත්තීයමය රංගන ශිල්පියෙක් විදිහට හැම චරිතයක්ම බාර ගත්තා නම් මෙතනට එන්න ලැබේවි කියලා. මම ලැබෙන හැම චරිතයක්ම භාරගන්නේ නැහැ. නමුත් ලැබෙන හොඳ නිර්මාණයක්ම චරිතයක්ම මම කිසිමවිටක දී මඟ හරින්නේ නැහැ.

එකිනෙකට වෙනස් චරිත සමගින් ප්‍රේක්ෂකයන් අතරට එන්නේ ඔබ වෙනස් චරිතයන් තෝරා ගන්නා නිසාද?
පැහැදිලිවම. සාමාන්‍යයෙන් එක චරිතයක් නිරූපණය කළාම ඒ හා සමාන චරිතවලට ආරාධනා ලැබෙන්න පුළුවන්. නමුත් රංගන ශිල්පියා හෝ ශිල්පිනිය ඒ දේවල් කළමනාකරණය කරගෙන තමන් ඒ අවස්ථාවලදී ඒ චරිතයන් නොකර සිටින්න උත්සාහ ගත යුතුය.

ප්‍රථම සිනමා අත්දැකීම ගැනත් මතක් කරමු?
එරංග සේනාරත්න මහතා අධ්‍යක්ෂණය කළ සදිස්නා කියන චිත්‍රපටය තමයි ප්‍රථම සිනමා අත්දැකීම වුණේ. නමුත් එය තිරගත වුණේ නැහැ. ප්‍රථමයෙන් තිරගත වුණ චිත්‍රපටය තමයි සුදේශ් වසන්ත පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ රන්සයුර සිනමාපටය.

මේ දවස්වල ටෙලි නිර්මාණ කටයුතු කොහොමද?
සිහින ගෙනෙනා කුමාරියේ නාට්‍ය හිරු ටීවී නාලිකාවේ සති අන්තයේ විකාශය වෙනවා. ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ නවතම ටෙලි නිර්මාණය “නන්නත්තාර”‍. නාට්‍යයේ රූපගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා.

යුද හමුදාව අතහැරලා ආවේ රඟපාන්න තිබුණ ආසාව නිසා ද?
රඟපාන්න තිබුණ ආසාව නිසා තමයි හමුදාවෙන් ඉවත් වුණේ. ඒක මගේ දෛවය වෙන්න ඇති. යුද හමුදාවේ හිටියා නම් මේ යුද හමුදාවේ සේවය කරන 19 වන අවුරුද්ද. එහෙම වුණා නම් අවුරුදු 20ක සේවය සම්පූර්ණ කරලා ලබන 2023 අවුරුද්දේ දී යුද හමුදා නිලධාරියෙක් විදිහට විශ්‍රාම යන්නත් තිබුණා.

දැන් ඒ ගැන පසු තැවීමක් තියෙනවා ද?
ඇත්තටම රංගන ශිල්පියෙක් වීම සම්බන්ධයෙන් මම සියයට සියයක්ම තෘප්තිමත් වෙනවා. කිසිම පසුතැවීමක් නැහැ. ඒ වගේම යුද හමුදාවේ සේවය කළ නිලධාරියෙක් වීම ගැන මම ආඩම්බර වෙනවා විතරක් නෙවෙයි හිස නමලා යුද හමුදාවට අදටත් මම ආචාර කරනවා.

රටේ ජනප්‍රියත්වයට පත්වෙයි කියලා කවදා හරි හිතුවද?
ඇත්ත වශයෙන්ම එහෙම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. සුළු චරිතවලට පණපොවපු මම අද වෙද්දී ප්‍රධාන චරිත නිරූපණයට තරම් සුදුසුකම් ලැබීම තුළ නිහතමානී සතුටක් නැතුවාම නෙමෙයි. එක රැයෙන් ජනප්‍රියත්වයට පත් වෙනවාට වඩා බිංදුවෙන් පටන් ගෙන පියවරෙන් පියවර රංගන ජීවිතය ගොඩනගාගත් එක ගැන ආපස්සට හැරිලා බලද්‍දී ලොකු සතුටක් තියෙනවා.

මේ ක්ෂේත්‍රයේ ඔබට අභියෝගක් වුණු අයෙක් ඉන්නවාද ?
මට මේ කලා ක්ෂේත්‍රය තුළ කිසිම තරගයක් නෑ. මගේ ගමන යන්නේ තනියම මගෙ හැකියාවන් හා දක්ෂතාවන් එක්ක. ඒ නිසා මේ රේස් එක තියෙන්නේ මාත් සමගමයි. රේස් එක දිනන්න ඕනි මම මගේ ජීවිතයේ අප්ඬේට් එක තුළින් කියන එක තමා මගේ අදහස. ඒ නිසා මගෙ ලොකුම තරගකරුවා, අභියෝගය විදිහට මම සලකන්නේ මා තුළ ඉන්න ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන ප්‍රතිරූපය.

කෙනෙක් ඔබට කිව්වොත් ඔබේ හඬ විජය කුමාරතුංග වගේ කියලා…?
(සිනහවක් සමගින්) කුඩා කළ පටන් මා ආදරය කළ, ගෞරව කළ අනර්ඝ ‍රංගදරයෙක් ලෙස විජය කුමාරතුංග මහතා හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔහුට තිබූ කැමත්ත නිසා ඔහුගේ හඬ අනුගමනය කරමින් ඔහු වගේ සිංදු කියන්න, කතා කරන්න පොඩි උත්සාහයන් දැරූවා. නමුත් මා විශ්වාස කරනවා මාගේ හඬ එතුමන්ට සමාන නැහැ කියලා. මොකද එතුමන්ව කිසි අයෙකුට අනුකරණය කිරීමේ මට්ටමක නැහැ. එතුමන් අපේ සිත්වල සදා අමරණීයයි.

ඔබ ජනප්‍රිය නිළි තරින්දි සමග යුගදිවියට පත් වුණා කියන්නේ ඇත්තද?
(සිනාසෙමින්) එහි සත්‍ය අසත්‍යතාවය කාලයට බාරයි.

අවසාන වශයෙන් මෑතකාලීන සිනමාව ගැනත් අදහසක් දක්වමු.
පවතින කොවිඞ් වසංගත තත්ත්වයත් එක්ක රටේ සියලු‍ම අංශ කඩා වැටීමකට ලක්වෙලා තියෙනවා. ගහක මුල කුණුවෙද්දි මල්, ගෙඩි හට ගන්නේ නැහැනේ. ඒ වගේ මුදුන් මුල කුණුවීම සිනමාවටත් බලපාල තිබෙනවා. කිසියම් පුද්ගලයෙක් විනෝදාස්වාදය ලබාගැනීමට පෙලඹෙන්නේ හොඳට කාලා බීලා ලැබෙන නිදහස් කාලය තුළදීයි. මේ වෙද්දි මිනිස්සු එදාවේල හොයා ගන්නේ කොහොමද කියන ගැටලු‍වට මුහුණපාල තියෙනවා. බඩගින්නත් එක්ක සටන් කරන මිනිස්සු රුපියල් 300ක් දීලා චිත්‍රපටයක් බලනවට වඩා කොහොම හරි පොල් සම්බෝලයි බතුයි කාලා ඉන්න උත්සාහ කරන ආර්ථිකයක් තුළ සිනමා කර්මාන්තය ගොඩගන්න බැහැ. කෙසේ වෙතත් හොඳ නිර්මාණයන් බිහිවුණහොත් මේ ප්‍රශ්න තිබුණත් සිනමා ශාලාවලට මිනිසුන් ගෙන්වා ගන්න පුළුවන්. ඒ වගේම අපේ මිනිස්සු මොළේ පාවිච්චි කරලා මේ රට කරන්න කවුද තෝරා ගන්නේ කියලා තීරණය කළොත් මේ හැමතැනදි ම අපි බුද්ධිමත්ව කටයුතු කළහොත් සිනමාව පමණක් නෙවෙයි මුළු රටම දියුණුවට පත් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා.

-ස්ටෙෆනි කොතලාවල

SendShareShare
Previous Post

ශානිගෙ ජීවිතේ අවදානම්! ඔහුව ස්වාභාවික ඝාතනයකට තල්ලු කරනවා? විපක්ෂනායක බරපතළ ප්‍රකාශයක් කරයි! (VIDEO)

Next Post

කොළඹ-මාතර බස් එක ඩීසල් නැතිව කළුතර ටවුම මැද නතර වෙයි!

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.