• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එකමුතු තුන්හෙළය විරසක කරවපු බෙදිල්ලෙ වෙඩිල්ල…

February 21, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
එකමුතු තුන්හෙළය විරසක කරවපු බෙදිල්ලෙ වෙඩිල්ල…
Share on WhatsAppShare on Facebook

පරාජයක ආරම්භය බෙදීම යැයි කෙනකු පවසයි නම් එය තර්කයෙන් තොරව පිළිගත යුතු සත්‍යයකි. මන්ද ඕනෑම අභියෝගයක් ජයගැනීම උදෙසා සියල්ලන්ගේ එකමුතු වීම වැදගත්ය. සියලු මුතුවලට වඩා එකමුතුකම වටිනවා යැයි පැරැණි කතාවක් කියා ඇත්තේ කට කහනවාට නොවේ. එහෙත් එකමුතුකම බිඳෙන්නේ අපි දකින අපට පෙනෙන දේවලින්ම පමණක් නොවන බව තේරුම් ගත යුතුය. ඊට බලපාන හේතු කාරණා රාශියකි. ඒ අතරින් කුල භේදයට ඇත්තේ බර තක්සේරු කළ නොහැකි බරකි. ඊට අටුවා ටීකා අවශ්‍ය නොවේ. එදිනෙදා සමාජය දෙස අවධානයෙන් බැලීම පමණක්ම සෑහෙනු ඇත.

බෞද්ධ මෙන්ම අනෙකුත් ජන කොටස් අතරද මුල් බැසගෙන ඇති කුල භේදය එකම සමාජය විවිධ සීමා යොදමින් එකට එක්වීමේ කඩඉම් ලකුණු කර වෙන්කර ඇත්තේය.

බොදු ගොවි, බොදු බත්ගම, බොදු කරාව, බොදු සලාගම, බොදු දුරාව ආදී වශයෙන් බෞද්ධ ජනයා කෑලි කඩා වෙන් කරද්දී කතෝලික කරාව, කතෝලික දුරාව, කතෝලික සලාගම, කතෝලික ගොවි ආදී වශයෙන්ද ඒ ඒ ජන කොටස් බෙදා වෙන්කර එකී බෙදීම් සමාජයේ මුල් අද්දවා රූස්ස ගස් බවට පත්කර අවසන්ය. එලෙස සමාජ බිම මත රූස්ස ගස් ලෙසින් වැඩුණු කුල භේදය රටේ සියලු පළාත් තුළ අතු ඉති පතුරමින් ජන සමාජයේ එකා මෙන් එකට එකතු වීමේ ස්වභාවය තදින් අහුරා ඇත්තේය. මේ තත්ත්වය මෑත අතීතයේද ඉතා තදින් ක්‍රියාත්මක වෙමින් සමාජය තුළ ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති අතර ඒ ඒ කුල අනුව විවිධ පිරිස් අසීමිත පීඩාවකට පත්වූ ස්වභාවයක්ද පෙනෙන්නට තිබේ.

ඇතැම් උසස් යැයි සම්මත කුල හිමියන් පහත් යැයි සම්මත කුල ඇත්තන්ට ඉතා පහත් අයුරින් සැලකූ අයුරු අතීත කතා ඇසුරේ මනාව පැහැදිලි වන අතරම මේ බව බොහොමයක් කලා කෘති ඇසුරින්ද ජනප්‍රවාද කතා මෙන්ම සමාජ ක්‍රියාකාරකම් ඔස්සේද පැහැදිලි වන්නේය.

කුල භේදය කොතරම් ප්‍රබලව සමාජ ක්‍රමය ආක්‍රමණය කළේද යන්න මෙරට බුද්ධ ශාසනයට නිකාය භේදය ඈඳීම තුළින්ම හඳුනාගත හැකිය.

1953දී මහනුවරදී පිහිටුවූ සියම් නිකායේ උපසම්පදාවට ඉඩ ලැබුණේ ගොවි කුලයටය. එනිසාම ඊට එරෙහිව නැඟී සිටි පහතරට සලාගම මංශිකයන් අමරපුර මහා නිකාය පිහිටුවා ගන්නේ අනෙකුත් සියලු කුලවලට උපසම්පදාව ලබාගන්නට හැකි වන අයුරිනි. එහෙත් එතෙක් සමාජය තුළත් මිනිස් සිත් තුළත් මුල් බැසගෙන තිබූ කුල භේදය අමරපුර මහා නිකායට නිදහසේ ශාසන කටයුතු කරගෙන යන්නට ඉඩ දුන්නේ නැත. ඊට හොඳම උදාහරණය සපයමින් අමරපුර නිකායද විවිධාකාර බෙදීම් ඔස්සේ කොටස් රාශියකට බෙදී ගියේය.

අතීත ජනප්‍රවාද මෙන්ම විවිධ සටහන් ඔස්සේ සොයා බැලීමේදී කුල ක්‍රමය කොතරම් ප්‍රබලව පැවැතියේද යන්නත් ඒ ඒ කුල අතර ගැටීම් ගැලහැප්පීම් සිදුවූයේ කෙසේද යන්නත් පැහැදිලි වෙයි. එවක විවිධ කුලවලට දුන් රාජ නියෝග ගැනත් දඬුවම් ගැනත් සන්නස් පත්‍ර සහ සෙල්ලිපි ආදියෙන්ද හෙළිවී ඇත්තේය.

අතීත ශ්‍රී ලංකාවේ ආර්ය සිවු කුල ක්‍රමයක් ගැන සඳහන් වන අතර එම සිවු කුලයෙන් හතරවැනි කුලය වන ගොවි කුලයද තම තමන්ගේ තත්ත්වය රැකියාව වැනි කාරණා අනුව කොටස් විසි පහකට බෙදී ඇත. එහිදී ඇතැම් පහත් යැයි සම්මත කුලවලට උසස් යැයි සම්මත කුලයක නිවෙසකින් පිපාසයට පැන් උගුරක් පවා බොන්නට වරම් නැති තත්ත්වයට කුල භේදය ප්‍රබල කරන්නට අතීතයේ විසූ ඇති හැකි පිරිස් කටයුතු කර තිබේ.

බොහෝ තැන්හි පෙනී යන ආකාරයට බොහොමයක් කුල නීති රීති ඇති හැකි අයගේ ආරක්ෂාවටත්, යැපීමටත් සකස් කළ ස්වභාවයක්ද පෙනෙන්නට ඇත්තේය.

කෙසේ නමුත් කුල ක්‍රමය අනුව සලාගම කුලයට විශේෂ රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණු බවට විවිධ කතා පුවත් ඔස්සේ මනාව හඳුනාගත හැකිය. ඉතිහාස කතාවට අනුව යාපහුවේ රජකම් කළ බුවනෙකබාහු රජුට ෆාතිමා නම් මුස්ලිම් බිසවක සිට අති අතර රජුගේ ඇවෑමෙන් පසුව රාජ්‍යත්වය උරුම වූයේ ෆාතිමා බිසවගේ පුත්‍රයා වන වත්හිමි කුමරුටය. එහෙත් වත්හිමි කුමරුට මුස්ලිම් සම්භවයක් තිබූ හෙයින් මහා සංඝරත්නය ඔහුට ඔටුනු පැලඳවීමේ මංගල්‍යයට සහභාගි වීම ප්‍රතික්ෂේප කර තිබේ.

මේ හේතුව නිසා ඊට විසඳුමක් ලෙස කේරළයෙන් බමුණන් අටදෙනකු ගෙන්වා එම ඔටුනු පැලඳවීමේ මෞලි මංගල්‍යය සිදුකර තිබේ. ඉන් පසුව බමුණන්ට ගම්වරද තුටු පඬුරුද සිංහල කුල කුමරියන්ද සරණ පාවා දී මෙරට තුළම රඳවා තබාගෙන ඇත්තේ ප්‍රති උපකාරයක් වශයෙනි. මොවුන් පදිංචි ගම සලාගම ලෙසින් ප්‍රකටව කුලයක් ලෙස පැවැත එමින් කාලයක් මුළුල්ලේ විවිධ පාලන යුගයන්හි රජවරුන්ගේ විශේෂ සැලකිලි ලැබූවන් බවටද පත්ව තිබේ.

ඉංග්‍රීසි පාලන අවධියේද සලාගම කුලය විශේෂ වරප්‍රසාද ලැබූ බව ආණ්ඩුවේ ගැසට් පත්‍ර තුළින්ද හඳුනාගත හැකිය.

මෙලෙස විවිධ කාලයන් අනුව ඒ ඒ කුල අනුව විවිධ ලැබීම් සහ විවිධ වරප්‍රසාද බෙදීයෑම තුළත් සමාජයේ එක්වීම එකමුතුකම පාලක පක්ෂයට අවශ්‍ය ආකාරයට පාලනය කරගැනීමටත්, කුලය නමැති බෙදීම සමාජය තුළ පැල කළා යැයි හඳුනාගත හැකි තැන් බොහෝ හමුවේ. එකී බෙදීම් නිසා අදද බොහෝ කාරණා විවිධ පාර්ශ්වවලට පහසුවටත් තවත් කොටසක අයහපතටත් හේතුවී ඇති බව හඳුනාගත හැකිය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

HNB FINANCE PLC දෘශ්‍යාබාධිත පවුල් 100ක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කරයි…

Next Post

ඇසට්ලයින් ‘ලිය දිරිය’ වෙතින් ආරක්ෂිතව වාහන පැදවීමේ වැඩසටහනක් දියත් කරයි…

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.