• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

සිංහල අම්මලා වඳ කළා කියපු – ගිණුම්වල කෝටි ගණන් තිබුණා කියපු – හාමුදුරුවරු දේශපාලකයන් මාධ්‍ය වට කරගෙන ගහපු දොස්තර ශාෆි කතාකරයි!

February 17, 2022
in Exclusive, News
Reading Time: 10 mins read
A A
සිංහල අම්මලා වඳ කළා කියපු – ගිණුම්වල කෝටි ගණන් තිබුණා කියපු – හාමුදුරුවරු දේශපාලකයන් මාධ්‍ය වට කරගෙන ගහපු දොස්තර ශාෆි කතාකරයි!
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරයෙන් පසු මෙරට මාධ්‍ය, ඇතැම් ස්වාමීන් වහන්සේලා, ඇතැම් දේශපාලකයන් උඩ දම දමා පහරදුන් චරිතයක් වූයේ දොස්තර ශාෆි සහබ්දීන්ය. නමුත් ඒවාට පිළිතුරු දීමට දොස්තර ශාෆිට අවස්ථාවක් ලැබුණේ නැත. මේ හේතුව නිසාම ඒකපාර්ශ්විකව දොස්තර ශාෆිට සමාජයෙන් විශාල දෝෂාරෝපණයක් එල්ල විය. අවසානයේ ශාෆි අත්අඩංගුවට ගැනිණි. නමුත් මේ වන විට මාස ගණනාවකට පසු ඔහු නිදහස් කොට ඇත. ශාෆිට චෝදනා එල්ල කළ මාධ්‍ය අද නිහඬය. ඇතැම් ස්වාමීන් වහන්සේලා පාර්ලිමේන්තුවේය. දේශපාලකයන් සද්දයක් නැත. නමුත් අප පුවත්පත එදා කුරුණෑගලට ගොසින්ම දොස්තර ශාෆි සම්බන්ධ ඇත්ත රටට හෙළිදරව් කළේය. මේ පළවන්නේ නිදහස් වීමෙන් පසු දොස්තර ශාෆි සන්ඩේ ටයිම්ස් පුවත්පතේ නාමිනී විජේදාස සමඟ කළ සාකච්ඡාවකි. එහි සිංහල පරිවර්තනය “ලංකා සර” වෙබ් අඩවියේ පළවිය.

‘හිර කුටියේදී එයාල මට ලීටර් එකහමාරෙ ප්ලාස්ටික් බීම බෝතලයක් තියාගන්න ඉඩ දුන්නා. කාටවත් කොට්ට දුන්නෙ නෑ. ඒත් බිම ඔළුව තියාගෙන ඉන්නකොට මට නින්ද යන්නෙ නෑ. බෝතලේ වතුරෙන් පුරවල ටිකක් වතුර ඉවත් කළාම ඒක ටිකක් නම්‍ය වෙනවා. මම සී.අයි.ඩී.යෙ හිටිය දවස් 46ම නිදාගත්තෙ ප්ලාස්ටික් බෝතලේ ඔළුවට තියාගෙනයි. මම ඒකට හුරු වුණා.’

පුවත්පතක් කළ විනාශය

ශාෆි සහාබ්දීන් එම බිහිසුණු අත්දැකීම විඳින්නට පටන් ගත්තේ 2019 මැයි 23 වැනිදා පුවත්පතක මුල් පිටුවේ මෙම වෛද්‍යවරයා, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය මෙහෙයවූ බවට සැකකරනු ලැබූ තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයකුව හිඳිමින් සිසේරියන් සැත්කම් කරන අතරතුර සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් රහසේ වඳ භාවයට පත් කළේ යයි චෝදනා කරන පුවතක් පළ කිරීමෙන් අනතුරුවයි.

ඔහු සිරගත කොට ඇප මත නිදහස් කිරීමෙන් පසු පළමු වරට තමා සහ තම පවුලේ අය විඳි ගැහැට පිළිබඳ හෙළිදරව් කරමින් සහාබ්දීන්, ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත සමග සංවාදයක යෙදුණේය. ඔහු ආරක්ෂා කරනු ලැබුවේ දෙවියන් සමග මූලික වශයෙන් සිංහල රෝගීන්ගේ ආශිර්වාදයත්, යාදිනි විසිනුත් බව හෙතෙම කියා සිටී.

වෛද්‍ය සහාබ්දීන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාන්තා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයාව සිටියේය. 2015 දී ඔහු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අස් වී එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට තරග කළේය. ඔහුට පාර්ලිමේන්තුවට ඇතුළත් වීමේ වරම අහිමි වූයේ සුළු ඡන්ද සංඛ්‍යාවකිනි. මැතිවරණයට පෙර පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී වෛද්‍ය සහාබ්දීන්, තමා වෛද්‍ය වෘත්තියේදී සිසේරියන් සැත්කම් 8000ක් පමණ කර තිබේ යැයි මාධ්‍යවේදියකුට කියා තිබිණි. ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාව වූයේ එයින් සැත්කම් 4000ක් කරන අතරතුර නීති විරෝධී අයුරින් නාළ අවහිරකොට සිංහල බෞද්ධ මවුවරුන් වඳභාවයට පත් කළේය යන්නයි.

වෛද්‍ය වෘත්තියේ යෙදෙන බොහෝ අයට මෙම කීම මනඃකල්පිතයක් විය. මේ බව අධිකරණ හා නිල විමර්ශනයේදී ගර්භණී හා නාරි වෛද්‍ය අංශයේ වෛද්‍යවරුන් හෙදියන් හා කාර්යමණ්ඩලයේ අනෙක් අයගෙන් වාර්තා කරගත් ප්‍රකාශවලින් පෙනීගියේය. එකී චෝදනාවට ඇතැම් වෛද්‍ය විශේෂඥයෝ ප්‍රසිද්ධියේම අභියෝග කළහ.

පොඩි හිමිවරුන්ට පාලි ඉගැන්වූ ගුරුතුමාගේ මුණුබුරා

වෛද්‍ය සහාබ්දීන් අධ්‍යාපනය ලබාගත්තේ කලාවැව මුස්ලිම් විද්‍යාලයෙනි. කලාවැව යනු අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශාලතම සහ පැරැණිතම මුස්ලිම් වාසස්ථාන පිහිටි ප්‍රදේශයයි. ඔහුගේ පිය පාර්ශ්වයේ සීයා, එම ප්‍රදේශයේ පළමු රාජ්‍ය සේවකයාය. එම ප්‍රදේශයේ පළමුවෙන්ම දිග කලිසම් ඇඳි අයකුගෙන් කෙනකු වූ ඔහු විජිතපුර රජමහා විහාරයේ ළාබාල බෞද්ධ භික්ෂූන්ට පාලි භාෂාව ඉගැන්වූයේය. ඔහුගේ පියා විදුහල්පතිවරයකු වූ අතර මව ගෘහණියක වූවාය.

පවුලේ දරුවන් තිදෙනාගෙන් බාලයා වූයේ වෛද්‍ය සහාබ්දීන්ය. ඔහුගේ සොයුරිය වෛද්‍යවරියකි. සොයුරා ගණකාධිකාරීවරයෙකි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයෙන් සමත් වූ අයෙකි. 2003 දී තමාට වඩා කනිෂ්ඨ වෛද්‍යවරියක වූ ඉම්රා සමග ඔහු විවාහ වූයේය. ඇගේ උපන් නගරය වූ කුරුණෑගල ඔවුහු පදිංචි වූහ. 2004 දී සෞඛ්‍ය අමාත්‍යංශයට සම්බන්ධ වීමෙන් පසු හෙතෙම මධ්‍යම පළාතේ සේවය කළේය. මැතිවරණය සඳහා නික්ම යනවිට ඔහු සේවය කරමින් සිටියේ දඹුල්ල රෝහලේය.

පුද්ගලික ව්‍යාපාරවලට යොමුවීම

වෛද්‍ය සහාබ්දීන් ටිකෙන් ටික පෞද්ගලික ප්‍රතිකාර කිරීමේද නියැළුණේය. කුරුණෑගල නගරයේ සාර්ථක ලෙස විද්‍යාගාරයක් පිහිටුවූ ඔහු වාහන අලෙවි කිරීමට සහ රෙදිපිළි අලෙවි කිරීමේ ව්‍යාපාර වෙතද යොමු වූයේය.

කුරුණෑගල නගරයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා මිතුරන් තිදෙනකු සමග එකඟතාවකට එළැඹීමෙන් පසුව එය මිලදී ගැනීම සඳහා ඔවුහු ඔහුගේ බැංකු ගිණුමේ රුපියල් මිලියන ගණනක් තැන්පත් කළහ. ඒ වන විට පැවතුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයක ඉලක්කයක් බවට පත් වූයේ එම ගනුදෙනුවයි.

මැතිවරණයෙන් ඔහුට ඡන්ද 54,000 ලැබුණු මුත් පාර්ලිමේන්තු ආසනයක් හිමිකර ගැනීම සඳහා එය ප්‍රමාණවත් නොවීය. මැතිවරණයෙන් මාස 16කින් පමණ අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශය ඔහු නැවත සේවයේ පිහිටුවාලූයේ මැතිවරණයෙන් පැරදුණු තවත් වෛද්‍යවරුන් දෙදෙනකුද සමගය. 2018 පෙබරවාරි මාසයේ පටන් 2019 මැයි මාසයේ ඔහු අත්අඩංගුවට ගන්නා තුරු ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ගර්භණී හා නාරි වෛද්‍ය අංශයේ සේවය කළේය.

පාස්කු ප්‍රහාරයෙන් පසු

2019 අප්‍රේල් මාසයේ ප්‍රහාර එල්ල කිරීමෙන් පසු එම ප්‍රදේශය පුරා මුස්ලිම්වරුන් අතර ආතතියක් හටගත්තේය. නොපැහැදිලි චෝදනා මත සුප්‍රසිද්ධ ප්‍රජා නායකයෝ අත්අඩංගුවට පත්වූහ. ඇතැමුන් සිර භාරයෙන් නිදහස් කරනු ලැබුවේ දින ගණනාවක් ඉක්ම ගිය පසුවය. තමාද ඉලක්ක වී ඇති බවට කියන කටකතා වෛද්‍ය සහාබ්දීන්ගේ කනට ඇසිණි. පවතින තත්ත්වය පහව යනතුරු රටින් පිටව ගොස් හිඳ නැවත පැමිණීමට ඔහුගේ බිරිඳට අවශ්‍ය වූයේය.

‘මට බය හිතුණා. ඒත් කාට වුණත් මාව අත්අඩංගුවට ගන්න ඕන වෙන්නෙ ඇයි කියල මම ප්‍රශ්න කරමින් හිටියෙ.’ ඔහු කීවේය. ‘මම රටෙන් පිටව යන්න කැමැති වුණේ නෑ මගේ රටට මම ආදරේ නිසා. පසුගිය කාලෙ රටෙන් යන්න ඕනෑ තරම් අවස්ථා මට ලැබුණා. අද පවා එහෙමයි. අසරණ රෝගීන්ගේ කන්නලව් නිසා මම ආරක්ෂා වුණා කියලයි හිතන්නෙ. මොකද මම වැඩ කළේ ඒ අයටයි. යම් පුද්ගලයකුගේ දුක් වේදනා තමන් දුරු කළොත් ඔවුන් තමන් වෙනුවෙන් හදවතින් කතා කරනවා.’

මුළු රෝහල පුරාම වෛද්‍ය සහාබ්දීන් මුළුමනින් ජනප්‍රියව සිටියේ යැයි එයින් ඇඟවෙන්නේ නැත. විශේෂයෙන් ඇතැම් ජ්‍යෙෂ්ඨයන් අතර ඔහු ජනප්‍රිය නොවූයේය. ඔහුගේ ප්‍රතිපත්තිය වූයේ, ගිහින් තමාගේ රැකියාව කොට එතැනින් නික්ම ඒමයි. එකිනෙකා සමග දොඩමින් සිටීමට ඔහු කාලය ගත කළේ නැත. ශාෆි මහත්තයා ලවා ශල්‍යකර්ම, ස්කෑන් සහ වෙනත් රෝග පරීක්ෂා කිරීම් කර ගැනීමට කාර්ය මණ්ඩලයේ උදවිය ඔහු සොයා ගියහ.

පාදෙණිය නෝනාගේ සිසේරියන් සැත්කම

රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ හිටපු සභාපති අනුරුද්ධ පාදෙණියගේ දෙවැනි දරුවා ලැබෙන විට ඊට අදාළ සිසේරියන් සැත්කම කර ඇත්තේ ද වෛද්‍ය සහාබ්දීන් ය.
‘මම ඨඵධ් සාමාජිකයකු වුණත් මම ඔවුන්ට විරුද්ධව දැඩි මතයක සිටියා. විශේෂයෙන් වර්ජනවලදී තමන් ජයග්‍රහණ ලබන්නේ රෝගීන්ගේ අයිතීන් අහිමි කරලයි’ යන මතයේ මම සිටිය. ‘රෝගීන් දුක් විඳිනව. ඒ නිසා මම වැඩ වර්ජනය කරල වෛද්‍ය සංගමයට සහාය වෙමින් ඊට එක්වුණේ නෑ.’

ඇතැම්හු වෛද්‍ය සහාබ්දීන්ට එරෙහිව අපහාස වදන් දෙඩුවෝය. ඇතැම් විට ඔහු හා වචන හුවමාරු වූයේය. ඔහු හිස උදුම්මාගත් දඩබ්බර අයෙක් සේ සලකනු ලැබිණි.
‘මම කාටවත් හිස නැමුවෙ නෑ. මම මගේ වැඩක් බලාගෙන හිටියෙ. ඒත් ඒ ගතිය නිසා මට මෙතරම් හානියක් වේවි කියල මම හිතුවෙ නෑ.’

පොලිස් අත්අඩංගුවට පත්වීම

නීති විරෝධී වඳ සැත්කම්වලට වෛද්‍ය සහාබ්දීන් වැරැදිකරු යයි කියන මතයට පක්ෂ පුවත් පත්තර පිටු ගණන් පළවෙන්නට ගත්තේය. සමාජ මාධ්‍යවල ඔහුට මරණ තර්ජන එල්ල විය. මැයි 24 වැනිදා උදයේ ඔහු සේවයට වාර්තා කිරීමට බියෙන් පසුවූයේය. රෝහල් පරිශ්‍රයෙන් පිටත ඔහුට ආරක්ෂාව සැපයීම ප්‍රතික්ෂේප කෙරිණි. එදින රාත්‍රියේ ඔහු උපවාස කාලයෙන් පසු සිය 12 හැවිරිදි පුත්‍රයා සමග පල්ලියේ යාඥා කරමින් ඉන්නා විට තම නිවෙසට පොලිසිය පැමිණ ඇතැයි ඔහුට පණිවිඩයක් ලැබුණේය.

ඔහු කඩිමුඩියේ නිවෙසට පැමිණියේය. අසාධාරණ ලෙස තමා ඉලක්කගත වූයේ ඇයි දැයි පොලිසියෙන් විමසා සිටියේය. ඔවුහු ඔහුව පොලිසිය වෙත රැගෙන ගියේ පුවත්පත් ලිපියක සඳහන් චෝදනාවලට, ෆේස්බුක් සටහනක් යෙදූ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකුට එරෙහිව පැමිණිල්ලක් ගොනුකරන මුවාවෙනි.

පොලිස් ස්ථානයේදී තමාට අයුක්තිය සිදුකළ පැමිණිල්ල වාර්තාගත කිරීම ඔහුට අවශ්‍ය විය. එම කාර්ය ඉටු නොවීය. ඉන්පසු ඔහු නැවත නිවෙසට රැගෙන ආයේ නිවෙස පරීක්ෂා කිරීම සඳහාය. ක්‍ක්‍ඔඪ කැමරා නිවා දමන ලෙස ඔවුහු නියෝග කළහ. ඔවුහු දරුවන්ගේ කොම්පියුටර්, ලැප්ටොප්, බී්‍රෆ්කේස් සහ පැරැණි දුරකතන ඉවත ඇදගත්හ. ඔහුගේ බිරිඳගේ කුරානය පවා ඔවුහු උදුරා ගත්හ.

නීතිඥ සහාය ගන්නත් අවසර නෑ…

පොලිස් නිලධාරීහු නැවත ඔහුව පොලිස් ස්ථානය වෙත රැගෙන ආහ. නීතිඥවරයකු අමතන්නට ඔහුට අවසර නොලැබිණි. ඔහුගේ දුරකතන ක්‍රියාවිරහිත කෙරිණි. ඔහු පොලිස් කොස්තාපල්වරයකු ළඟ හිඳුවා තැබූ අතර එම නිලධාරියා ඔහුට ඉවත යන්නට ඉඩ දුන්නේ හෝ ඔහුගේ පැමිණිල්ල ලියා ගැනීමක් සිදු කළේ නැත. ඔහු රඳවා තබාගෙන ඉන්නේ ඇයි දැයි (ඔහු තබාගෙන ඇත්තේ රඳවාගෙන නම්) ඔහු නොදත්තේය. නිවෙසට ගොස් පසුදා එන්නට ඔහු විමසූ විට කොස්තාපල්වරයා ඊට ඉඩ නුදුන්නේය. කිසිවකුට ඔහු බලන්නට අවසර නුදුන්නේය.

‘මාව තනිකරම හුදෙකලා කළා.’ වෛද්‍ය සහාබ්දීන් කීවේය. ‘මාව තියාගන්නවද මට යන්න දේවිද දන්නෙත් නෑ.’

ඊළඟ දිනයේ උදෑසන ඥාතීන් දෙදෙනකුට ඇතුළට පැමිණ ඔහුට විස්කෝතු හා වතුර ලබාදෙන්නට ඉඩ දෙනු ලැබීය. ඉහළින් ලැබුණු නියෝගයකට අනුව විමර්ශන සඳහා ඔහු තබාගත් බව පොලිසිය ඔහුට කීවේය. නැවත අපරාධ අංශයට ගෙන ගිය ඔහුට පුටුවක හිඳගෙන ඉන්නට සිදුවිය.

ඔහුගේ නීතිඥවරයාට එතැනට එන්නට අවසර නොලැබිණි. ඔහුගෙන් ප්‍රශ්න කරන ලද්දේ බලෙන් වඳ සැත්කම් කිරීමක් ගැන නොව පෞද්ගලික හා පවුලේ ඉතිහාසය පිළිබඳවය. ඔහු අත්අඩංගුවට ගැනීම ගැන ආරංචිය පැතිරයාමත් සමග මාධ්‍යවේදීහු පොලිසිය වෙත ආහ. ‘ඊට පස්සෙ මාව අත්අඩංගුවට ගන්න කතාවක් ඇහුණ.’ වෛද්‍ය සහාබ්දීන් කීවේය.

පොලිසියෙන් සී.අයි.ඩී.යට

‘ඔවුන් මාව සී.අයි.ඩී.යට දෙන්න සූදානම් වුණා. මොනව කරන්නද කියල මට හිතාගන්න බැරිවුණා. ඒ සඳහා අනුගමනය කරන වැඩ කිහිපයක් තිබුණා. මගේ ඇඟිලි සලකුණු අරගෙන ශරීරය පුරා පරීක්ෂා කළා. එය මානසික වදයක්.’

ඔහුට මාංචු දමා ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගැනුණි. මැයි 25 වැනිදා ඒ වන විට ප.ව. 6.00 පසු වී තිබිණි. ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ගෙන යා යුතු විය. පොලිසිය ඔහු සේවය කළ කුරුණෑගල ශික්ෂණ රෝහලටම රැගෙන ගියේය.

‘හැමෝටම පේන්න මාංචු පිටින්.’ ඔහු කීවේය. ‘හැම දෙනාම මා දිහා බැලුවා. මට වැඳපු මිනිස්සු මට ගෞරව කරපු මිනිස්සු සමහර ඇටෙන්ඩන්වරුන්ගෙ ඇස්වල කඳුළු.’

එක් කූඩුවක මාකඳුරේ මධුෂ්

අවසානයේ වෛද්‍ය ශාෆිව ගෙන ගියේ සී.අයි.ඩී.යේ හතරවැනි තට්ටුවටයි. කොළඹ සී.අයි.ඩී.යේ මූලස්ථානය වූ එහි සිරමැදිරි 4ක් විය. එකක සිටින්නේ මාකඳුරේ මධුෂ් බව ඔහුට දැනුම් දුන්නේය.

‘ඔහු සමග සම තත්ත්වයට වැටීමට මා කළ වරද කුමක්දැයි මා කල්පනා කළා. මට මහ හිතේ අමාරුවක් දැනුණා. මම ඇඬුවෙ නෑ. අඬල වැඩක් නෑ. මගේ අරමුණ වුණේ පිටට එන එකයි. මට කරදරයක් නොවෙන බවට මට ලොකු විශ්වාසයක් තිබුණා. දෙවියන් මා බේරාගනීවි. මට මාංචු දමන විටත් මට සිහි වුණේ අල්ලා දෙවියන්වයි.’

වෛද්‍ය සහාබ්දීන් දින 46ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගතකොට ජුලි 25 දින ඇප ලබා ගත්තේ සති දෙකක් කෑගල්ල බන්ධනාගාරයේද සිර කර තැබූ පසුවය. ඔහුව රඳවා තබාගනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය. කිහිප වාරයක් ඔහු ප්‍රශ්න කිරීම්වලට භාජන විය. ඇතැම් විට ප්‍රකාශ ලබාගැනීම සඳහා සාක්ෂිකරුවන් සී.අයි.ඩී.යට රැගෙන ආයේය.

‘මට එල්ල කළ හැම චෝදනාවක්ම අදාළ නොවේය යන ස්ථාවරයේ මම සිටියා. ඒ බව ඒ අය තේරුම් ගන්නා බව මම දැන සිටියා.’ වෛද්‍ය සහාබ්දීන් කීවේය.

පවුලේ අයට කරදර

ඔහුගේ පවුලේ උදවිය නොයෙක් කරදර වින්දෝය. ඔහුව රැගෙන ගිය දිනයේ ඔවුහු නිවෙස හැර ගියෝය. ඉම්රා, දරුවන්, ඒ අයගේ පාසල්වලින් ඉවත් කරගෙන කොළඹ රැගෙන ආවාය. වෛද්‍ය ශාෆිගේ බිරිඳට මුස්ලිම්වරු පවා ඉඩ නොදුන්හ. තට්ටු හතක් ඉහළ උසින් පිහිටි නිවාස කොටස කුලියට ගන්නට ගිය අවස්ථාවේ මිත්‍රශීලීව ඇයට සලකා ඇත්තේ එකම එක යුවළක් පමණි.

‘ඈ නිතරම බයෙන් පීඩාවට පත්වෙලා හිටියෙ.’ ඔහු කීවේය.

‘ඈට ඉස්කෝල සොයන්න සිදුවුණා. කුරුණෑගල වැඩ කරන්න බැරි නිසා මාරුවක් ඉල්ලන්න සිදු වුණා. ඇගේ අතේ සතේ නැති වුණා. මගේ ගිණුම් අත්හිටෙව්වා. පත්තරකාරයො ඈව ලූහු බැන්දා යන යන තැන. ප්‍රසිද්ධියෙ කතා කළොත් ඈට දරුවන් ආරක්ෂා කරගන්න බැරිවුණා. තමාව මරාදමාවි කියලත් ඈ බය වුණා.’
දරුවන්ට කුරුණෑගලින් කොළඹ ගොස් ඉන්පසු කල්මුණේ සහ ආපසු මහනුවරටත් යන්නට සිදුවිය. දැන් ඔවුන් වාසය කරන්නේ මහනුවරයි. තවමත් ඔවුන් සාමාන්‍ය තත්ත්වයට පැමිණ නැත. තමන්ට වූ හදිය කුමක්දැයි ඔවුහු තවමත් නොදනිති.

SendShareShare
Previous Post

අසූචි ටීම් එක ගැන කිව්වොත් මිලියන භාගයක්!

Next Post

තවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක්!

MORE NEWS

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

Load More
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ බලයට පත් වූ අනුප්‍රාප්තික ආණ්ඩු විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත...

Read more
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.