• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සේද වත්තේ ජෝන්ලා වැනි චණ්ඩින් බිහි කළ රේස් කොළේ හැංගුණු කතාව…

February 13, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
සේද වත්තේ ජෝන්ලා වැනි චණ්ඩින් බිහි කළ රේස් කොළේ හැංගුණු කතාව…
Share on WhatsAppShare on Facebook

දිනය එක්දහස් අටසිය පනස් හය වසරේ අවසන් දින කිහිපයේ දවසකි. කොළඹ අහස වෙනදා වගේම පැහැබරව තිබිණි. ගහකොළ අතරින් හමා එන සීතල සුළඟ ගත දැවටෙමින් අමුතු සිසිලක් ගෙනදෙමින් තිබිණි. මේ මොහොතේ රේස් කෝස් පිටිය අවට තිබුණේ සැණකෙළියකි. ගැහැනු පිරිමි පොදිකමින් පිටිය වටා එක්රොක් වෙමින් සිටියෝය. පිරිමිහු හරි හරියට ඔට්ටු දමමින් විනෝද වූහ. ගැහැනුහු විසිතුරු මෙවලම් ආභරණ ඇඳුම් පැලඳුම් පැලඳ විවිධාකාරයේ ඉඟිබිඟි පාමින් විනෝද වෙති. දරුවෝද තරුණ තරිණියෝද රස මසවුළු බුදිමින් ප්‍රීතියෙන් විනෝදයෙන් සිටියෝය. මේ අතරේ දණහිස තෙක් දිගැති මිනි ගවුම් හැඳි අභිසාරිකාවෝ පිරිමින්ට බැල්ම හෙළා යටි තොල් පිට පෙරළමින් මොකක්දෝ ගනුදෙනුවකට ආරාධනා කරති. එසේ පිරිමියකු ඩැහැගන්නා කාන්තාවෝ අතුරුදන් වෙති. ඈ යළිත් මතුවන්නේ මිනිත්තු කිහිපයකට පසුවය. ඒ, තමන් සමග ගිය පුද්ගලයාගේ කැමැත්ත පරිදිය.

මේ අතරේ රේස් කෝස් පිටියේ අශ්වයන් තරගයට දුවන්නේය. නරඹන්නන්ගේ විසිල් හඬ උන්ව දිරිගන්වනවාද කලබල කරනවාද කියා දන්නේ නැතත් අශ්වයෝද හරි හරියට දිව යති. රැස්කමින් බලා සිටින්නන්ටත් ඔට්ටු අල්ලන්නන්ටත් ඊට වඩා සතුටක් තවත් නැති තරම්ය. අශ්ව රේස් එදා මෙරට ජනයාට සැණකෙළි සිරියක් සතුටක් ගෙන දුන්නේත් එවක ගණිකා වෘත්තියේ නියැළුණු කාන්තාවන්ට හරි හරියට පිරිමින් දපනේ වට්ටවා ගන්නට ඉඩ සැලසුවේත් එලෙසිනි. රේස් දවසට එකී ගැහැනුන් දවස ගෙවා ඇත්තේද රේස් එකේ යැයි පැරැන්ණන්ගේ කතාබහෙන් මනාව පැහැදිලි වන්නේය. ඳා

කෙසේ නමුත් අන්තර්ජාතික ක්‍රීඩාවක් වූ අශ්ව රේස් මෙරටට හඳුන්වා දිය යුතුය යන අදහස මුලින්ම පහළවෙන්නේ සුදු ජාතික ජෝන් බේකර් මහතාටය. බේකර් මහත්තයාට මේ අදහස ආවාට අශ්ව රේස් ගැන මෙලෝ දැනුමක් නැති මේ රටේ අයට මේ අමුතු ක්‍රීඩාව එක පාරටම පුරුදු කරන්න බැරි බව තේරුම් ගත්තු බේකර් මහත්තයාට නුවරඑළියේ පිහිටි තමන්ගේ ගෙවත්තේ අශ්වයන් පුරුදු කරන්න ධාවන පථයකුත් හදන්න සිද්ධ වෙනවා. කොහොමින් කොහොම හරි තමන්ගේ අදහස් ඉටුකරගන්න කැපවීමෙන් කටයුතු කරපු බේකර් මහත්තයාට ගෙවත්තේ පුරුදු කරපු අශ්වයන් යොදාගෙන ඉඩපාඩු ඇතිව රේස් එකක් තියන්න ලැබුණේ ගෝල්ෆේස් එකේ රේස් පිටිය හැදුවාට පස්සෙයි. ඒ කාලේ සිලෝන් ටර්ෆ් ක්ලබ් කිව්වේ මේ පිටියට. ඒ කාලේ සිලෝන් ටර්ෆ් ක්ලබ් එක හරහා මේ රේස් දිනන අයට සම්මානත් දීලා තියෙනවා.

මුලදී අශ්ව රේස්වලට සහභාගි වෙලා තියෙන්නේ වතු වැවිලිකරුවෝ කියලත් කියනවා. මොකද අශ්වයෝ ඉඳලා තියෙන්නේ ඒ අය සතුවනේ. තරගවල ප්‍රතිඵල පළවුණාය කියන්නේ සිලෝන් ඩේලි නිවුස් පත්තරේනේ. මේ සී.ටී.සී. ඒ කියන්නේ සිලෝන් ටර්ෆ් ක්ලබ් ක්‍රීඩා සමාජයේ මුල්ම සභාපතිවරයා විදියට ඉංග්‍රීසි ආණ්ඩුකාර ශ්‍රීමත් හර්කියුලිස් රොබින්සන් කටයුතු කළ බවත් කියනවා. හැබැයි ඉතින් මේ සිලෝන් ටර්ෆ් ක්ලබ් ලංකාවේ තිබුණත් මුල් කාලේ ලංකාවේ මිනිසුන්ට මේ අශ්ව රේස් වැඩේ ඒ තරම් හිතට අල්ලලා නැති බව තේරුම් යන්නේ මේ ක්‍රීඩාව තමන්ගේ මුල්ම සාමාජිකයන් සියලු දෙනාම යුරෝපා ජාතිකන් වීම නිසයි.

ඒත් ඉතින් දුවන්නේ මොන අශ්වයා වුණත් අශ්වයා පදින්නේ කවුරු වුණත් දවසින් දවස අශ්ව රේස් වැඩේ දියුණු වෙලා අන්තිමට ගෝල්ෆේස් රේස් පිටිය ඉඩ මදි වෙනවා. එයට පිළියමක් විදියට කොළඹ හතේ කුරුඳුවත්තේ රේස්කෝස් පිටිය ඉදිකෙරුණට පස්සෙ තමයි ලංකාවේ මිනිසුන්ට මේක හරි අපූරු සැණකෙළියක් බවට පත්වුණේ.

ඊට පස්සේ ලංකාවේ හතර දිග්බාගෙ මිනිස්සු වැල නොකැඩී මේ රේස් බලන්න ඇවිත් තියෙන්නේ දවස් දෙක තුන මඟට කැපකරලයි. එහෙම එන අය විනෝදෙට හරි අගේට අත දිගහැරලා වියදම් කරන බව දන්න නිසාත්, බොහෝ ගම්බද පිරිමින් කොළඹ ගැහැනුන්ගේ අනඟ රැඟුම්වලට ආශා කළ නිසාත්, එකල අභිසාරිකාවන්ට මේ රේස් අස්සේ තමන්ගේ පසුම්බි පුරවාගන්නත් හරි හරියට ඉඩ ලැබුණාය කියලත් කියනවානේ.

ඒ කාලේ ගම්වල කට්ටිය කරත්ත හයර් කරගෙන කොළඹට ඇවිත් අශ්ව රේස් බලලා යන්න පුරුදු වෙලා හිටියා කියලත් කියනවා. ඒ විතරක් නොවේ, ගමෙන් කොළඹට ආපු සමහර ඇහැට කනට පේනා ගැටිස්සියෝ කොළඹ පිරිමින්ගේ විතරක් නොවේ ගැහැනුන්ගේ ගැටවලටත් හසුවෙලා කොළඹම නතර වුණාය කියලත් කියනවා.

කොහොමින් කොහොම හරි අශ්ව රේස් අතිශය ජනප්‍රිය වූ යුගයකුත් තිබිලා තියෙනවා. ඒ කාලෙ රට පුරා රේස් බුකී ආරම්භ කරලත් තියෙනවා. රේස් බුකී ශීඝ්‍රයෙන් රට පුරා ව්‍යාප්ත වෙද්දී ඒ ඒ දිස්ත්‍රික්කයට අදාළ රේස් කොළ බස් රථවලින් අදාළ ප්‍රදේශයට යැවූ බවයි කියන්නේ.

රේස් බුකී ව්‍යාප්තියත් සමග ඒ ඒ රේස් බුකී ආශ්‍රිතව ඇතිවන ගැටුම් නිරාකරණයට සවි ශක්තිය ඇති පුද්ගලයන් තෝරාගැනීම තුළ සේදවත්තේ ජෝන් වැනි චණ්ඩින්ද බිහි වූයේ විදුලි වේගයෙන්. ඒ චණ්ඩින් එක්කම පාතාලය කියන කාරණාවත් ලංකාව තුළ මුල් නොඇද්දාය කියල කියන්නත් බැහැ.

මෙවැනි බොහොමයක් කාරණා සමග බද්ධ වෙමින් රේස් කොළේ තවමත් මෙරට ප්‍රසිද්ධව ඇතත් අශ්ව රේස් නම් දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි එදා බුකියෙන් පටන් ගත් පාතාලය අද හැම තැනකම ඔඩුදුවපු තත්ත්වයට පත්ව ඇති බව නම් ඉතින් කාටවත් අමුතුවෙන් කිව යුතුයි කියලා සිතන්නත් බැහැ.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

හොඳම ආයතනික සංස්කෘතියට හිමි සම්මානය AIA ඉන්ෂුවරන්ස් වෙත…

Next Post

කවුරුත් බයවෙන මොනවද මේ කෝණ මාස…

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.