දැනට රට තුළ මතුව පවතින උග්‍ර ආර්ථික අර්බූදය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ආර්ථික විශේෂඥයන් වන කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට පියවර ගත්හ.
එහිදී හර්ෂ ද සිල්වා මහතා පවතින ඩොලර් හිගය පිළිබදවත්, ඉරාන් වික්‍රමරත්න මහතා අර්ථසාධක අරමුදල්වල සිදුව ඇති වංචා පිළිබදවත්, කබීර් හෂීම් මහතා ආණ්ඩුව විසින් පැනවීමට යන 25%ක අධිභාරය පිළිබදවත් අදහස් දැක්වූහ.









