• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

බොලිවුඩය වසඟ කළ තරු කපල් එක

November 22, 2019
in Heart
Reading Time: 1 min read
A A
බොලිවුඩය වසඟ කළ තරු කපල් එක
Share on WhatsAppShare on Facebook

අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලිගේ අපූරු ප්‍රේම කතාව වෙනත් පෙම් පළහිලව්වලට වඩා වෙනස් මුහුණුවරක් ගත්තේය.
දෙදෙනා ආදරයකට මැදිව සිටින බව සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ හෙමින් හෙමින් ලීක් වෙන්නට ගත්විට කවුරුත් හිතුවෙ එයද වෙනත් පෙම් කතා මෙන් බොඳවී යනු ඇතැයි කියාය.
එහෙත්,
සුරතල්, දඟකාර අනුෂ්කා සේම දඩබ්බර කෝලිද එකිනෙකාට අවංකව පෙම් කරන බව උතුරු ඉන්දීය ක්‍රිකට් ලෝලීන් වගේම සිනමා ලෝලීන්ද නිවැරැදිව වටහා ගත්තේ මෑතකදීය.
විවාහයෙන් පසුද මේ දෙපළගේ ප්‍රේමය මනරම් විය. වයස දහසයේ ගැටවර කොල්ලන්, කෙල්ලන් මෙන් ඔවුන් දෙදෙනාගේ අඹු – සැමි පෙමද බොළඳ විය. ෂූටිං යන විට අනුෂ්කාත් ක්‍රිකට් තරගවලට විදේශගතවූ විට කෝලිත් පෙම් පණිවුඩ හුවමාරු කරගත්හ.
මේ ගෙවී යන්නේ ඔවුන්ගේ ප්‍රීතිමත් විවාහ ජීවිතයේ දෙවැනි වසරේ අවසානයයි.
ඒ සමඟම ඔවුන්ගේ තවත් අපූර්වතම වූ ප්‍රේමණීය සේයාරූ එකතුවක් මේ දිනවල සමාජ ජාලා වෙබ් අඩවි හරහා පැතිර යන්නට පටන්ගෙන ඇත. ඒ සඳහා පසුබිම් වී ඇත්තේ ඔවුන්ගේ භූතාන සංචාරයයි.
මේ සොඳුරු පෙම් යුවළගේ අලුත්ම විනෝද චාරිකාවට හේතු දෙකක් වෙයි. එකක් විරාත්ගේ 31 වැනි උපන් දිනයයි. අනෙක් කාරණය ඔවුන්ගේ දෙවැනි විවාහ සංවත්සරයයි.
භූතාන සංචාරය අනුෂ්කාගේ සැලසුමකි. ඇඳුම් – පැලඳුම්, සෆාරි විලාසිතාවේ අත් ඔරලෝසු සහ පාවහන් සියල්ල අනුෂ්කාගේ තේරීම්ය.
ආරංචියේ හැටියට දෙදෙනා සිය පොදු දුරකතන අංක සහිත ජංගම දුරකතනයන් ක්‍රියා විරහිත කර ඇත. කොහේ හෝ ඈතකට ගිහින් මඳකට නිස්කලංකේ ඉන්නට ඕනෑය. හැබැයි ඒ තනිව නොව, මට ආදරයේ මිහිරියාව කියා දුන් හිතේ ආදරය සමඟය.
යනුවෙන් අනුෂ්කා දෙසතියකට පළමුව තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි නිදහස් සිතුවිල්ලක් බැර කොට තිබිණි.
මගේ ආදරය තේරුම ගත්තට ස්තුතියි. මතක ඇතුව මගේ ඇඳුම් බෑග් එක ගැනත් ඔයාම බලාගන්නැයි,
යනුවෙන් විරාත්ද එයට පිළිතුරු සටහන් කළේය.
භූතානයට ගියදා පටන්ම අනුෂ්කා ඉතා අපූරු ඡායාරූප පෙළක් තම ට්විටර් ගිණුමට දමා තිබිණි.
විරාත් දෙවියන් යදිමින් සිටින මොහොතක් කැමරා කාචයට හසුකර ගත් ඈ…’
මගේ ආදරය දෙවියන් සමඟ ප්‍රේමණීය ගනුදෙනුවක් යනුවෙන් සටහන් කරමින් එය සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි මුදාහැරියාය.
විවාහ සංවත්සරයත්, විරාත්ගේ උපන් දිනයත් සමරමින් ඔවුන් ගත කළ ඒ ඉතාම ප්‍රියජනකවූත්, සැබෑම ආදරණීය වූත් නිවාඩුව අන්තර්ජාලය පුරා ඉතා රසාලිප්ත දසුන් මවා තිබිණි.
සතුන් සමඟ ඔවුන් සුරතල් වන ආකාරය, කඳු අතර ආදරයෙන් තුරුලුව ඇවිද යන ආකාරය සේම දෙදෙනා සිය මංගල සේයා රූ රැගත් ඇල්බමය පෙරළා බලන ආකාරයද එහි අපූරුවට සටහන්ව තිබිණි.
සේයා රූ පෙළ අවසානයේ අනුෂ්කා සටහන් කර තිබූ සෙනෙහෙබර වදන් ඉතාම හැඟීම්බර විය.
විරාත්, ඔබ මගේ ජීවිතයට පැමිණි වසන්තයයි. ආශීර්වාදයයි. මට හමුවූ හොඳම යහළුවා වගේම විශ්වාසවන්තයාද ඔබය.
මගේ සොඳුරු ආදරය, හැමදාමත් ඔබ යන මඟ ආලෝකය විහිදවන්නැයි මම දෙවියන් යදිමි. ඔබේ නායකත්වය යහපත් කරන්නැයි දෙවියන් යදිමි. ඔබ වැනි සොඳුරු තෝරා ගැනීමක් කරන්නට දෙවියන් මට දුන් අවස්ථාව ගැන උන්වහන්සේට ස්තුතියි කියමි. කිසිවිටෙක මේ සතුට අපෙන් උදුරා නොගන්නැයි ප්‍රාර්ථනා කරමි.
ඉතින්…,
මගේ මිහිරිතම ආදරය, ඔබට සුබ උපන් දිනයක් වේවා!
ඒ අපූරු සටහන කියවූ ලක්‍ෂ සංඛ්‍යාත සිනමා ලෝලීන් ඔවුනට ආශීර්වාද කර තිබිණි.
බොහෝ දෙනකුගේ ප්‍රාර්ථනාවන් අතර වූයේ,
“කිසිවකුගේ ඇස්වහ ඔබ දෙපළට නොවදීවා!”
යන්නය.
අතිනත් ගත් සැණින් වෙන්ව යන සුපිරි මට්ටමේ විවාහ බන්ධනයන් අතර විරාත් – අනුෂ්කා බැඳීම විටෙක පුදුමාකාරය. සුවිශේෂීව කියනවා නම් අද වැනි අමුතු සමාජ ක්‍රමයක් හමුවේ මෙවැන්නක් අහම්බයක් බඳුය.
ඒ “අහම්බය” සදා වාසනාවක්ම වේවා! යන්න අපිද ඔවුන් හමුවේ ප්‍රාර්ථනා කරමු.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අලුත් ඇමැතිවරුන්ට ‌ගෝඨා දැමූ ‌කොන්දේසි ‌මෙන්න

Next Post

Gaga Bees – Udawalawa

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.