අමෙරිකානු විශේෂ බලකාය විසින් ඊයේ රාත්‍රියේ දී වයඹදිග සිරියාවේ සිදුකළ මෙහෙයුමකින් ඉස්ලාමිය රාජ්‍ය සංවිධානයේ නායක අබු ඉබ්‍රාහිම් අල්-හෂිමි අල්-කුරේෂි ඝාතනය කළබව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කර ඇත.
මෙම මෙහෙයුමේදී පුද්ගලයින් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අතර ළමුන් 06 දෙනෙකු සහ කාන්තාවන් සිව්දෙනෙකු ද සිටින බවද වාර්තා වේ.










