• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නම කිව්වත් බයවෙන කවුද මේ මහාලොකු මෑණියෝ…

February 7, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 4 mins read
A A
නම කිව්වත් බයවෙන කවුද මේ මහාලොකු මෑණියෝ…
Share on WhatsAppShare on Facebook

මේ කන්ද උඩරටට ආසන්න මහා වනාන්තරයකි. තමන්ගේ ඥාතියකුගේ හදිසි අවශ්‍යතාවකට බෙහෙත් පැළෑටි කිහිපයක් සොයාගෙන ඒ වන ලැහැබ තුළට වැදුණු ගැමියෝ තිදෙනකු ගහෙන් ගහට ඇසට පෙනෙන හැම තැනකම විපරම් කරමින් පියවරෙන් පියවර ඉදිරියට ගියහ. වන ලැහැබේ බොහෝ දුරක් ගෙවමින් සුළු අතපසු වීමකින් වුවද තමන් පැමිණි දිශාව සොයා ගන්නට අපහසු විය හැකි අවස්ථා බහුල වූ එම වනාන්තරයේ මේ තිදෙනාට එවන් හැඟීමක් ඇතිව නොතිබුණද හිටි හැටියේ ඉන් එක් පුද්ගලයකු තරමක් කලබලයෙන් නතර විය.

‘අපි ආපහු යන්න ඕනෙ කොහෙන්ද?’ ඔහු සිටියේ අන්දමන්දවය. අනෙක් දෙදෙනාද යම් කලබලකාරී ස්වභාවයකින් සිටියහ.

‘මටත් ඕකම හිතුණා. මං හිතන්නේ අපි කැලේ ඇතුළට ආවා වැඩියි. අපිට පාර වැරැදිලා වගෙයි මම හිතන්නේ…’ අනෙක් පුද්ගලයාද කතාවට අඩුවැඩිය එක් කරමින් කීවේය. තිදෙනාට ඒකමතිකව පිළිගත්තේ තමන් මංමුළාවී ඇති බවකි.

‘මට හිතෙන්නේ මංමුළා වැල් පෑගිලා කියලා…’

‘හ්ම්… මටත් හිතෙනවා…’

‘දැන් අපි මොකද කරන්නේ…?’

තිදෙනාම වන ලැහැබ තුළ ඒ මේ අත බලමින් කතාබහට එකතු වූයේ දෙගිඩියාවෙනි. ඉන් එක් පුද්ගලයෙක් අසල ගසකට නැඟ බැලුවේ කොහෙන් හෝ හෝඩුවාවක් සොයාගන්නා අදහසිනි. තමන් වනයට ඇතුළු වූ දිශාවේ පිහිටි කඳු පන්තිය හඳුනාගත් හෙතෙම බිමට බැස ඒ දිශාවට යන්නට යෝජනා කළේය. අනෙක් දෙදෙනාද අවිවාදයෙන්ම එම තීරණයට එකඟව එදෙසට පියවර තබන්නට පටන්ගත්හ.

මේ ආකාරයට සැලකිය යුතු දුරක් ඝන කැලෑව තුළ ඇවිද ගියද යළිත් ගසකට නැඟ පරීක්ෂා කරද්දී පෙර තරම් දුරකින්ම කඳුවැටිය පෙනුණේය. මේ ආකාරයට අවස්ථා ගණනාවකදී පරීක්ෂා කරමින් ඇවිද ගියද වන ලැහැබ අවසානයක් හමු නොවීය. මන්ද නිතර නිතර මාර්ගය වැරැදී ඇතැයි තේරුම් ගත් පිරිස යළිත් කතාවට වැටුණේ සැන්දෑ අඳුර අත වනමින් තිබියදීය.

‘අපට කැලෙන් එළියට යන්න බැරි වෙයි වගේ…’ ඔවුහු අවසානයට තීන්දු කළේ යම් තිගැස්මක්ද සමගය. ක්‍රමයෙන් රාත්‍රියද උදාවෙමින් තිබුණේය. එකිනෙකා අතර තිගැස්මද පැතිර යමින් තිබිණි. ඒ අතරේ එක් පුද්ගලයකුට අලුත් අදහසක් ආවේය. ඔහු දොහොත් මුදුන් දී වැඳගනිමින් කාටදෝ කන්නලව්වක් කළේය. ඉන් පසු මොහොතක් නිහඬව වැඳගෙන උන්නේය. අනෙක් දෙදෙනා කිසිවක් නොඅසා ඔහු හා වැඳගෙන සිටියහ. වෙන්නේ මොනවාද යන්න සිතනවාට වඩා යහපතක් වේවායි කියන සිතුවිල්ල ඔවුන් තුළ තිබුණේය.

‘දැන් හරි. මට හිතෙනවා අපි යන්න ඕනෙ මේ පැත්තට කියලා. යමුද බලන්න…’

කන්නලව්ව කළ පුද්ගලයා ඉස්සර විය. අනෙක් දෙදෙනා ඔහු පසුපසින්ම ගමනට වැටුණහ. බොහෝ දුරක් එද්දී ඔවුන්ටත් නොදැනීම තමන් යායුතු අඩි පාරට වැටුණේ අහම්බෙනි. එහි බොහෝ දුරක් ඇවිද ගිය ඔවුන් ගමන අවසන් කර ගුරු පාරට පියවර තැබුවේ සිතේ සතුටිනි.

‘ඇති ඔයින් ගියා. අපි හෙටම ගිහින් ලොකු මෑණියන්ට පූජාවක් තියන්න ඕනෙ…’

‘ලොකු මෑණියන්ට?’

‘ඔව්. මං අපිට හරි පාර පෙන්නන්ඩ කියලා ලොකු මෑණියන්ට කන්නලව් කළා..’

තර්ක විතර්ක නොමැතිව ඔවුන්ගේ කතාව අවසන් වූයේ එම ඉසව්වේ ජනයා තුළ මහ ලොකු මෑණියන් ගැන තිබූ විශ්වාසය නිසාමය. එම විශ්වාසය සහ ගෞරවය නිසාම ඔවුන්ට එදා යායුතු මාර්ගය පෙන්වා දුන්නේය. ඒ මහ ලොකු කිරි අම්මා නොහොත් මහ ලොකු මෑණියන්ගේ හැටිය. තමන්ට හදවතින් සලකන ගෞරව කරන කාටත් මහ ලොකු මෑණියන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබිණි. එතරම් බල සම්පන්න දේවතාවියක වූ මහ ලොකු මෑණියන් ගැන ජනප්‍රවාදයේ විවිධ කතා පුවත් පැවත එන්නේය. ඒ අතරින් සමන් දෙවියන් හා බැඳුණු කතාව විශේෂ වෙයි.

සමනල අඩවියට අධිපතිව වැඩවසමින් සිරිපා බිම ආරක්ෂා කරන සමන් දෙවිඳුගේ වැඩිමල් සහෝදරිය වන මහ ලොකු මෑණියෝ හෙවත් මහ ලොකු කිරි අම්මා ගැන රසබර ජනප්‍රවාද තිබේ. පෙර කල මහ බිය කුමරිය නමින් හඳුන්වා ඇති ඇය ශාක්‍ය වංශික පතීත රජුගේ දියණියකි. මුලින් මහ බිය කුමරිය පසු කලෙක මහ ලොකු මෑණියන් වන්නට ඇතැයි විශ්වාස කරයි. සුමන සමන් දෙවිඳුන් මහ බිය කුමරියත් පනීත රජුගේම දරුවන් ලෙසයි සැලකෙන්නේ.

කෙසේ නමුදු අදටත් මහ ලොකු මෑණියන් ගැන අසීමිත විශ්වාසයකින් වඳින පුදන මිනිසුන් සිටින ප්‍රදේශ ගණනාවක් ගැන අසන්නට ලැබෙයි. මහ බලගතු දේවතාවියක වන මහ ලොකු මෑණියන් සමග ආවාට ගියාට වැඩ කළ නොහැකි බවත්, එම දේවතාවියට වූ බාරහාර නිසි පරිදි ඉටුකළ යුතු බවටත් ජනයා විශ්වාස කරනවා. ඇය වෙනුවෙන් කරන පුද පූජාවලට ක්ෂණික ප්‍රතිඵල ලැබෙන බවත්, බොහෝ දෙනකු අතර අසීමිත විශ්වාසයක්ද ඇති අතර ඇගෙන් ඉල්ලූ යහපත් ඉල්ලීමක් ඉටු නොකර සිටින්නේ නැති බවටත් ජනයා විශ්වාස කරති.

SendShareShare
Previous Post

ඉදිරියේදී ඔබත් අසනීප වෙයිද?

Next Post

මෝඩි හමුව තවමත් ඉන්දියාවෙන් ජී.එල්.ට තහවුරු කර නෑ!

MORE NEWS

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

Load More
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වගා ව්‍යාපෘති යැයි කියමින් මුදල් එකතු කිරීම නීතිවිරෝධී බවත්, ජනතාව එහි කැන්පත් කර ඇති මුදල් වහාම ඉල්ලා ගන්නා ලෙසත් මහබැංකු...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.