• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තිස්ස කුට්ටි අලුත්ම කතාව එළියට දමයි! වැඩ වර්ජන කරන එවුන්ට වැහි නැති හෙණ ඉල්ලයි! (VIDEO)

January 27, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
තිස්ස කුට්ටි අලුත්ම කතාව එළියට දමයි! වැඩ වර්ජන කරන එවුන්ට වැහි නැති හෙණ ඉල්ලයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පෙබරවාරි 03 දා මහා සංග්‍රාමයක් ආරම්භ කරන අතර ඉතිහාසයේ පළමු වතාවට මහ දැවැන්ත මුදල් සම්භාරයක් පක්ෂ භේදයකින් තොරව වර්තමාන මුදල් ඇමතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හට ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි මහතා අදහස් දක්වමින්,

“ඉතිහාසයේ කිසිම දවසක අත්විදපු නැති ඛේදනිය ඉරණමක් තුළ තමයි අපේ රට තිබෙන්නේ. මෙය අපි තේරුම් ගන්න ඕන.
අපේ රටේ තරුණ තරුණියන් පිටරට ගියාම පැය 12, 15 ක් වැඩ කරලා තමයි ලක්ෂ 2 ½ ක් හම්බ කරලා එවන්නේ. හැබැයි අපේ රටේ තරුණයා නිකරුනේ කාලය ගතකරමින් සැපහසුකම් තුළ ජිවත්වෙන වාතාවරණයක තමයි සමහර අවස්ථාවල අපි දකින්නේ. ඒ නිසා තමයි අපේ රට ආපස්සට යනවාදෝ හිතන්නේ. සමහර විදේශිකයෝ කියන්නේ වැඩිපුරම විවේක ගන්න රට ශ්‍රි ලංකාව කියලා. වැඩ බිම පැත්තකින් තියලා අනිත් කෙනාට චෝදනා කර කර ඉන්න ස්වරූපයක් පෙන්නුම් කරනවා. ඒ නිසා සමස්ථ රටේ ජනතාවට මතක් කරනවා මේ අවස්ථාවේ බුද්ධිමත්ව කටයුතු කරන්න. රට හොඳ පැත්තක නොවේ තිබෙන්නේ. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, ඒ වගේම බැසිල් රාජපක්ෂ මැතිතුමා මහ දැවැන්ත සංග්‍රාමයක ඉන්නේ කියලා කියන්න ඕන. මේ අවස්ථාවක් නොවේ ඓතිවාසිකම් ඉල්ලන්න. මේ සෑම වැඩවර්ජනයක් පිටුපසම මම ඉතා පැහැදිලි චෝදනාවක් සිදුකරනවා ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ උසි ගැන්වීම කරන්නේ. “අනුර සමඟ නිදියමු. හීනෙන් ජනපති වෙමු”.එහෙම නේ අලුත් සංකල්පය වෙලා තිබෙන්නේ. එහෙම කිය කියා මුළු රටේම උද්ඝෝෂණ රැල්ලක් ඇති කරනවා. විශේෂයෙන් ජනතාවට මතක් කරනවා නැවත කොරෝනා රැල්ලක් හිස එසෙව්වොත් අපිට හිඟා කන්න තමයි වෙන්නේ. මේ එන ඩොලර් ටිකත් නැති වෙනවා. මේ වන විට දවසකට 17,000 ක් 18,000 ක් AVERAGE එකක් විදේශීය සංචාරකයෝ ලංකාට එනවා. ලංකාව සංචාරය කරන්න සුදුසු භූමියක් විදිහට අද ලෝකය නම් කරලා තිබෙනවා. එහෙම තියෙද්දි ඒ සංචාරකයෝ එන වැඩපිළිවෙළ නතර වුවහොත් අපි ඉතා අසිරුතාවයකට පත්වෙනවා. මෙවැනි අමාරු අවස්ථාවක තමන්ගේ වෘත්තිය ඓතිවාසිකම් වෙනුවෙන් නම් වැඩ වර්ජනය කරන්නේ ඒක විශාල ඛේදනීය අවස්ථාවක්. මෙ වැඩවර්ජනය කරන සෑම තැනකම පසුපස සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණයි. මේ වැඩවර්ජන තුළ සම්පූර්ණව තිබෙන්නේ සංවිධානාත්මකව අංක එකේ ජනතා විමුක්ති පෙරමුණේ කඩාකප්පල්කාරි වැඩපිළිවෙළක් කියන කාරණය ඉතා නොබියව අපි මතක් කරනවා. ඒ නිසා අනුර කුමාර සහෝදරයාගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමා රටට ආදරෙයි නම් ඔබතුමාගේ වැඩපිළිවෙළ ජනතාවට කියන්න. හැබැයි අහිංසක ජනතාව පාරට බස්සලා කොරෝනා රැල්ලක් හදලා මේ ආර්ථිකය වට්ටලා රට විනාශ කරලා ඔබතුමාලා බලය ගන්න හිතන්නේ ඔබතුමාලා 70,80 ගණන්වලත් ඔය දේමයි කළේ . ඔබතුමාට මතක් කරනවා කරුණාකරලා මේ වැඩවර්ජන රැල්ලේදි දේශපාලන වාසීන් ගන්නේ නැතිව අතිගරු ජනාධිපතිතුමා කරගෙන යන වැඩපිළිවෙලට සහයෝගය දෙන්න බැරිනම් ජනතාව ගැන හිතලා කරුණාකරලා නිහඩව තමන්ගේ දේශපාලන ව්‍යාපාරය රටට අහිතකර නොවන ආකාරයට කරන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙම නැතිව මේ අසීරු අවස්ථාවේ වැඩවර්ජන කරන එවුන්ට වැහි නැති හෙණ වදින්න ඔ්න.

ඒ වගේම අපි පෙබරවාරි 03 දා මහා සංග්‍රාමයක් ආරම්භ කරනවා. ඉතිහාසයේ පළමු වතාවට මහ දැවැන්ත මුදල් සම්භාරයක් පක්ෂ භේදයකින් තොරව වර්තමාන මුදල් ඇමතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට විමද්‍යගත මුදල් මිලියන 15 ක් දක්වා වැඩි කළා. එසේම සෑම ග්‍රාම සේවා වසකමකටම මිලියන 03 ක් ලබා දෙනවා සේම එක කොට්ඨාශයක මන්ත්‍රිවරයෙකුට ලක්ෂ 40 ක් ලබා දෙනවා. එයත් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මේ මුදල් වෙන් කරලා තිබෙන්නේ ගමේ තමන්ගේ කොට්ඨාශ ජනතාවට සංවර්ධන කටයුතු කරන්න.

බැසිල් රාජපක්ෂ මැතිතුමාට මොළ හතක් තිබෙනවා කියලා අපේ මන්ත්‍රිවරයෙක් අර්ථකතනයේ කළේ විඥ්ඥානය, ජන විඥ්ඥානය, ජන දුක හදුනගෙන රටේ අනාගත දැක්ම පිළිබඳව රටේ කියවන්න පුළුවන් නායකයෙක් විදිහට තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමාව අපි දකින්නේ. ඒ නිසා තමයි ග්‍රාම සේවා වසම් 14,000 ආවරණය වන පරිදි මිලියන 85,000 ක් බිමට දුන්නේ. මහපරිමාණ ව්‍යාපාරිකයන් නඟා සිටුවන්න නොවේ එතුමාගේ බලාපොරොත්තුව වූණේ. සාමාන්‍ය ව්‍යාපාරිකයාට මුදල් බිමේ ඉන්න ව්‍යාපාරිකයන්ගේ ආර්ථිකය නඟා සිටුවන්නයි එතුමා බුද්ධිමත්ව මේ වැඩපිළිවෙළ හදලා තිබෙන්නේ. මේ වැඩපිළිවෙළ අපි 03 දා ආරම්භ කරනවා. අපි දේශපාලන මතය මැතිවරණ කාලයේදි කරමු. දේශපාලනය කරන්න ගියෝත් මේ රට අගාතයට යනවා වගේම ඔබටත් මටත් වඩා මේ රටේ අහිංසක දරුපැටවුන්ට දුක්විදින්න වෙන්නේ. අපි සියලුදෙනා එකතුවෙලා වැඩ කරමු කියලා කියනවා‍.”

SendShareShare
Previous Post

ගොවියො ආයෙත් පාරට බහී! අද පටන් ගනී! දිගටම යයි වගේ! (VIDEO)

Next Post

තෙල් ගන්න ඉන්දියාව පිහිටට එයි! කරන්ට් එකත් කෙළින්ම ඉන්දියාවෙන් ගන්න සාකච්ජා පටන් ගනී!

MORE NEWS

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.