පොහොර නොලැබීම හේතුවෙන් වගා විනාශ වූ ගොවීන් ආණ්ඩුවට එරෙහිව යළිත් වතාවක් පාරට බැසීම ආරම්භ කොට තිබේ.
ඒ අනුව ඇඹිලිපිටියේදී වගා විනාශයට නිසි වන්දි ඉල්ලා ගොවීන් දහස් ගණනක් පාරට පැමිණ උද්ඝෝෂණය කරන ආකාරයක් දැකගත හැකි විය.
මෙම උද්ඝෝෂණ දිගටම සිදුකරන බවද ගොවීහු අවධාරණය කර සිටියහ.