සුදුළූණු වංචාව සහ ගෑස් ප්‍රමිතිය වෙනස් කිරීම පළමුවරට රටට අනාවරණය කළ පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂක නිලධාරියා වන තුෂාන් ගුණවර්ධන මහතාට අමෙරිකාව බලා පිටත්ව යාමට ඉඩ නොදී ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් රදවාගැනීම සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම මහතා සමග අදහස් දැක්වීමක් සිදු කොට ඇත.
එහිදී වැලිිසර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ තමන්ට එරෙහිව නඩුවක් පවරා ඇති බවත්, එහි සැකකරුවකු ලෙස තමන් නම් කොට ඇති බවත් කී ඒ මහතා පැමිණිල්ල ඉදිරිපත් කළ තමන් සැකකරුවෙක් ලෙස නම් කොට තිබීම පුදුම සහගත බවද කියා සිටියේය.
මිට එරෙහිව තමන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මේ හදන්නේ තමන් අත්අඩංගුවට ගැනීමට බව කී ඒ මහතා මෙය නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, ඇමැතිවරුන් වන බන්දුල ගුණවර්ධන, ලසන්ත අලගියවන්න වැඩක් බවද කියා සිටියහ.










