• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වසර 72කට පෙර ජනවාරි 31 ඉතිහාස ගතකළ මහා මංකොල්ලය…

January 24, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
වසර 72කට පෙර ජනවාරි 31 ඉතිහාස ගතකළ මහා මංකොල්ලය…
Share on WhatsAppShare on Facebook

දිනය 1949 ජනවාරි 31 වැනිදාය. වෙලාව උදය වරුවේ අඩක් ගෙවී යමින් තිබිණි. කොළොම් තොට අහස වෙනදා මෙන්ම සුපුරුදු හිරු කිරණින් උණුසුම් වෙමින් තිබිණි. කොළඹ නගර ශාලාව දෙපසට යමින් තිබූ චවලට් මෝටර් රථය යම් මධ්‍යස්ථ වේගයකින් ගමන් කරමින් තිබිණි. මෝටර් රථය තුළ පිරිස තමන් යායුතු මාර්ගය ගැන තීරණයක් නොමැතිව මෙන් හිටි හැටියේ නතර කෙරිණි. ඉදිරිපස අසුනේ පොලිස් ඇඳුමකින් සැරසී සිටි පුද්ගලයා අතෙහි වූයේ පිස්තෝලයකි.

එක්වරම සිය ස්වරූපය වෙනස් කළ පොලිස් නිලධාරියා මෝටර් රථයේ සිටි පුද්ගලයකුට තර්ජනය කර බිමට බස්සවන්නට සූදානම් වන අයුරු පැහැදිලිව පෙනුණි. ඒ මොහොතේ පොලිස් නිලධාරියාගේ හැසිරීම ගැන සැකයක් ඇතිකරගත් සෙසු පිරිස ඔහු හා ගැටුමට වැටුණේ වාහනයේ පසුපස වූ මහා මුදල් සම්භාරය ආරක්ෂා කරගැනීමේ අදහස ඇතිවය. එහෙත් පොලිස් වෙස්ගත් කොල්ලකරුවාගේ පිස්තෝලයෙන් වෙඩි උණ්ඩ කිහිපයක් නිකුත් වූයෙන් ඔහු හා සටන් වැදුණු එක් අයකුට වෙඩි වැදී තුවාල විය. තවත් අයකු ඊට බියවී පලා යද්දී වෙඩි වැදුණු පුද්ගලයා වාහනයේ ඇති මුදල් රැක ගැනීම උදෙසා මහත් පරිශ්‍රමයක් දැරුවේ වාහනයේ එල්ලී සිටිමිනි.

ඒ අතරේ වාහනය වේගයෙන් ඉදිරියට ධාවනය කෙරිණි. අවසානයේ කොළඹ මහජන පුස්තකාලය ආසන්නයේදී මෝටර් රථයේ එල්ලී සිටි අය මහා මාර්ගයේ ඇදවැටුණු අතර හාරලක්ෂයක මුදලක් රැගෙන කොල්ලකරුවන් පලාගියේ රටම භීතියට සහ කුතුහලයට පත්කරමිනි. අතරමඟදී එහි සිටි තවත් පුද්ගලයකුට පහරදී බිමට ඇද දමා කොළඹ මහ රෝහල අසලදී චවලට් රථය අතහැර දමා මුදල් සියල්ල වෙනත් වාහනයකට පටවාගෙන පලාගොස් ඇත්තේ ඉතා සූක්ෂ්ම අයුරිනි.

කොල්ලකරුවන් රැගත් වාහනයට අතරමඟදී තවත් කිහිප දෙනකු ගොඩවී ඇති අතර රථය බොහෝ දුරක් ගෙවා අනුරාධපුරය දෙසට ධාවනය කර ඇත්තේ පෙර සැලසුමකට අනුවය. එහෙත් අතරමඟදී කොල්ලකරුවන් වෙත කඩාපනින ලද මුහුණු ආවරණය කරගත් පිස්තෝලකරුවන් දෙදෙනකු කොල්ලකෑ මුදල් ඉල්ලා වාදයක් ඇතිකරගත් හෙයින් දෙපිරිස අතර ගැටුම දුරදිග ගියේය. එහිදී එක් අයකුගේ දෑත් බැඳ ගසකට තබා ගැටගසා ඔහුට මුහුණු ආවරණයක් දමා හුස්ම සිරකොට මරාදැමූ අනෙක් පිරිස පලාගොස් ඇත්තේ ජයග්‍රාහී ලීලාවෙනි.

ඒ අනුව රටම කතාකළ හාරලක්ෂයේ මංකොල්ලය ගැන විවිධ ආරංචි රට පුරා පැතිර ගියේය. එකල ඉතා ප්‍රසිද්ධ කවි කොළ පවා මේ සිදුවීම වෙනුවෙන් නිකුත් විය. ඒවා උණු කැවුම් මෙන් අලෙවි වෙද්දී රටම බලා සිටියේ ඊළඟට මොනවා වේදෝයි සැකයෙනි.

ඒ සියල්ල අතරේ ඉතා සූක්ෂ්ම අයුරින් පොලිස් පරීක්ෂණද ආරම්භ වූ බැවින් කොල්ලකරුවන් කොටුකර ගැනීමට අවශ්‍ය මුල්ම හෝඩුවාව ලැබුණේ මුදල් රැගෙන ගිය මෝටර් රථය කුලියට ගත් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. ඔහුගෙන් ලද තොරතුරු පසුපස යමින් ඉතා දක්ෂ ලෙස සැකකරුවන් ලුහුබැඳ යන්නට පොලිසිය කටයුතු කළ්ය. සැකකරුවන් අත්අඩංගුවට පත්වීමත් සමග මහා මංකොල්ලයේ සියලු රහස් හෙළි විය.

එකල අතිශය ජනප්‍රිය ක්‍රීඩාවක් වූ තුරඟ තරග පැවැත්වීම මහ ඉහළින් සිදුවූවකි. තුරඟ තරග සඳහා ඔට්ටු ඇල්ලීමද ජයටම සිදුකෙරුණු අතර ඊට පූර්ණ දායකත්වය සැපයුවේ සිලෝන් ටර්ෆ් ක්ලබ් ආයතනය සහ ලංකා තුරඟ තරග සමාජය විසිනි. 1949 ජනවාරි 29 වැනිදා එවැනි විශේෂ තුරඟ තරගයක් පවත්වා ඇති අතර එයින් විශාල මුදල් ප්‍රමාණයක් උපයාගැනීමටද ඉහත කී ආයතන සමත්ව තිබේ.

ඔට්ටු අල්ලනු ලැබූ මුදල් කොටස් කර කොළඹ කොටුවේ චාර්ටඩ් බැංකුවට ගෙන යෑම සඳහා මලුවල ඇසුරුම් කිරීම සාමාන්‍ය සිරිතය. එදිනද එලෙසම සිදුවූ අතර සති අන්තයේ එකතුවන මුදල් බැංකුවට ගෙන යන්නේ සඳුදාටය. එතෙක් ඒවා තැන්පත් කරන්නේ යතුරු හතරකින් විවෘත කළ හැකි සේප්පුවකය. ඉන් යතුරු දෙකක් සිලෝන් ටර්ෆ් ක්ලබ් මුදල් අයකැමි ළඟත්, අනෙක් යතුරු දෙක එහි ලේකම් භාරයේත් විය. බැංකුවට මුදල් ගෙන යනු ලබන්නේ ආම්ස්ට්‍රොන් ගරාජය මගින් එවන වාහනයකිනි. සඳුදා ගමනට සෙනසුරාදා සිටම වාහනයක් එවා තිබීම සාමාන්‍ය සිරිත විය.
මේ සියල්ල සිදුවන විදියත්, තුරඟ තරග සඳහා එකතු වන විශාල මුදල් ප්‍රමාණය ගැනත් ඉතා හොඳින් දන්නා කියන අයකු මේ මුදල් ගැන යම් කෑදරකමකින් පසුවිය. ඒ බව කිසිවකුත් දැන සිටියේද නැත. ඔහු තුරඟ තරග පිටියේ ආපන ශාලාව පවත්වාගෙන ගිය තැනැත්තාය.

කෙසේ හෝ මේ මුදල් සම්භාරය කොල්ලකෑවොත් තමාට ජීවිත කාලයටම ඇතැයි යන්න සිහින දුටු හෙතෙම කාලයක් පුරා ඉතා සූක්ෂ්ම ලෙස කොල්ලය සැලසුම් කර තිබිණි. ඊට අවශ්‍ය කරන පුද්ගලයන්ද දැන හඳුනාගෙන සූක්ෂ්මව සැලසුම් සකස් කිරීමට ඔහුගේ දීර්ඝකාලීන තුරඟ තරග පිටියේ ජීවිතය උදව් වී ඇත. පිටස්තර හත්දෙනකුත් ආම්ස්ට්‍රෝන් ගරාජයේ රියැදුරකුත් නම්මවා ගත් ආපන ශාලා හිමිකරු සිය අරමුණ කෙසේ හෝ ඉටුකර ගත්තද අවසානයේ සියල්ල හෙළිවී නීතියේ රැහැනට කොටුවන්නට සියල්ලන්ටම සිදුවූයේ කිසිදු වරදක් සැමදා සඟවා තැබිය නොහැකි බව පසක් කරමිනි.

ඒ අනුව රටම කැලඹූ හාරලක්ෂයේ මංකොල්ලයට සම්බන්ධ වූවන්ට අවසානයේ වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම් ගසෙහි එල්ලී වන්දි ගෙවන්නට සිදුව තිබේ.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

ඔබේ ජීවිතය වෙනස් කරන්න රවිට අවස්ථා 12ක්…

Next Post

Asset Draft – ඇසට්ලයින් වෙතින් කාරක ප්‍රාග්ධන විසදුමක්…

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.