• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැනඩාවෙන් ලංකාවට ඇවිත් උමන්දාවෙදි සසුන්ගත වෙලා ඉංග්‍රීසියෙන් බණ කියන ක්‍රිකට් ගහපු හාමුදුරුවො…

January 20, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
කැනඩාවෙන් ලංකාවට ඇවිත් උමන්දාවෙදි සසුන්ගත වෙලා ඉංග්‍රීසියෙන් බණ කියන ක්‍රිකට් ගහපු හාමුදුරුවො…
Share on WhatsAppShare on Facebook

බොහෝ දෙනෙක් හිතන්නේ ජීවිතයේ සතුට කියන දේ තියෙන්නේ අයිති කරගැනීම තුළ කියලා. ධනවතෙක් වුණාම කියලා. ඒත් සැබෑම සතුට ලැබෙන්නේ අතහැරීම තුළින් කියන එක මේ කතාව කියවපුවාම ඔබට වැටහේවි.

සුදම් ප්‍රනාන්දු කියන්නේ නාලන්දා විද්‍යාලයෙන් බිහිවුණු ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. 1993 වර්ෂයේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූ සුදම් එම පාසලේ වරණලාභියකුද වුණා. ඔහු අපේ රටේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරපු හිටපු දක්ෂයෙක්. ක්‍රීඩාවෙන් ලෑබූ ජයග්‍රහණ හමුවේවත්, සැප සම්පත් හමුවේවත් තමන් සෙවූ සැබෑ සුවය හමු නොවූ කල මීට සය වසරකට පෙර ලොව්තුරු මඟ සොයා ගොස් අද දවසේ උතුම් නිරාමිස සුවය අත්විඳන ගෞවරවනීය ස්වාමින්වහන්සේ නමක් පිළිබඳ පසුගියදා අපට අසන්නට ලැබුණා. අපේ මේ කතාවේ කතානායකයා තමයි ඉහත සඳහන් කළ සුදම් ප්‍රනාන්දු කියන්නේ. සියලු ගිහි බැඳීම අතහැර උතුම් පැවිදි දිවියට ඇතුළත් වූ උන්වහන්සේගේ නාමය පූජ්‍ය කොළඹ ධම්මසාර ස්වාමින්වහන්සේ. උමන්දාව මහා විහාර ආශ්‍රමයේ වැඩසිටින උන්වහන්සේ තම ජීවන ගමන ගැන මේ විදියට අදහස් දක්වා සිටියා.

‘මම ඉපදුණේ 1973 අවුරුද්දේ. අපි පුංචි කාලේ ජීවත් වුණේ වැල්ලවත්තේ. මගේ මුල්ම පාසල වුණේ කොල්ලුපිටියේ ශාන්ත තෝමස් කනිෂ්ඨ විද්‍යාලය. පසුව ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ නාලන්දා විද්‍යාලයට ආවා. මගේ පියා ඉන්ජිනේරුවරයෙක්. අම්මා ගුරුවරියක්. මට බාල සහෝදරයන් දෙදෙනෙක් ඉන්නවා. එක මල්ලි කෙනෙක් විද්‍යාඥයෙක්. ඔහු ඇමෙරිකාවේ ජීවත්වෙනවා. අනෙක් මල්ලි ඔස්ටේ්‍රලියාවේ ආයෝජන බැංකුවක සේවය කරනවා.

මම නාලන්දාවට ආව දවස්වල ශිෂ්‍යයෙක් එක්ක ගහගත්තා. ඒ, ඩෙස්ක් එකක් ඉල්ලලා. අන්තිමට එයා තමයි පාසලේ මගේ හොඳම යාළුවා වුණේ. 1991 වර්ෂය මගේ ජීවිතයේ අමතක නොවන අත්දැකීම වුණේ පළමු සුලෝහිත සංග්‍රාමය. ඒ කියන්නේ ආනන්ද – නාලන්ද බිග් මැච් එක. ඒ මැච් එකේදි මම ශතකයක් වාර්තා කළා. සුලෝහිත සංග්‍රාම ඉතිහාසයේ වාර්තා කළ පළමු ශතකය වුණේ එදා මැච් එකේදි මා ලබාගත් ශතකය.

1993 වර්ෂයේ නාලන්දේ පළමු පෙළේ නායකත්වය දැරුවේ මම. ඒ මැච් ඒක කොළඹ ඛෙත්තාරාමයේ පැවැතුණේ. මගේ නායකත්වය යටතේ මහේල ජයවර්ධන, කුමාර ධර්මසේන ක්‍රීඩා කළා. පසු කාලෙක මම ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්වුණා. ක්‍රිකට්වලට අමතරව මම නාලන්දාවේ චෙස් කණ්ඩාය සහ ටේබල් ටෙනිස් කණ්ඩායමෙත් ක්‍රීඩා කළා.

පාසල් වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී එක සම්මානයක් දෙනවා අධිසම්මාන ලත් විශිෂ්ටම නාලන්දීයයාට. 1992 වර්ෂයේදී ඒ සම්මානය හිමිකරගන්න මම සමත්වුණා. ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් තිබුණු නිසා ඒ ත්‍යාගය මට හිමිවුණා. ඒ සම්මානය හිමිවීම මගේ පාසල් දිවියේ වටිනා මතකයක්.

මම 2002 වර්ෂයේ සිට 2016 දක්වා ජීවත්වුණේ කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ. පාසල් කාලයේ මම ක්‍රීඩාවට වගේම ඉගෙනීමටත් දක්ෂතා දැක්වූවා. සාමාන්‍ය පෙළ විභාගයේදී විශිෂ්ට සාමාර්ථ හතක් සහ සම්මාන සාමාර්ථයක් ලබාගන්න මට හැකි වුණා. ඒ අනුව මම උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් පෙනී සිටියා. එයිනුත් විශිෂ්ට ලෙස සමත් වෙලා විශ්වවිද්‍යාල වරම් ලැබුවත් ක්‍රිකට් ක්‍රීඩාවට තිබූ කැමැත්ත නිසා සම්පත් බැංකුවේ රැකියාවට ගියා. බැංකුවේ සේවය කළ කාලය අතරතුර බැංකුකරණයට සම්බන්ධ සියලු විභාගවලට පෙනී සිටිමින් ඒවායින් සමත් වෙන්නත් මට පුළුවන් වුණා.

1997 වර්ෂයේදී මාස්ටර්ස් විභාගය සඳහා මම එංගලන්තයට ගියා. එහි ශ්‍රී ලන්කන් මිඩ්ල් සෙක්ස් කියලා ක්‍රිකට් කණ්ඩායමක් තිබුණා. ඒ කණ්ඩායමේ සාමාජිකයෙක් විදියටත් මම ක්‍රීඩා කළා. ඒ තරගාවලියකදී ශූරයන් වන්නට අපේ කණ්ඩායමට හැකි වුණා.

මම දෙපාරක් විතර නයිට් ක්ලබ් ගිහින් තියෙනවා. ඒකට මම වැඩි කැමැත්තක් නැහැ. මම මිතුරන් ඇසුරු කළත් වැඩි කැමැත්තක් දැක්වූයේ තනියෙම ජීවත් වෙන්න.

මට අවුරුදු අටක ආදර සම්බන්ධයක් තිබුණා. ඇයව තමයි මම විවාහ කරගත්තේ. ඇගේ මවත් මගේ මවත් කොළඹ මියුසියස් විද්‍යාලයේ ඉගැන්නුවේ. ඇගේ මව ගණිත ගුරුවරියක්. ‌ඒ දවස්වල මැච් තියෙන්නේ සිකුරාදා සෙනසුරාදා දවස්වල. මගේ පාඩම් අතපසු වෙන නිසා මාව ඇගේ නිවෙසේ ගණිත පන්තියට යොමුකළා. ඒ අතරතුර තමයි මගේ බිරියව මට හමුවුණේ.

අපි 2002 වර්ෂයේ විවාහ වුණා. ඒ වර්ෂයේම කැනඩාවේ පදිංචියට ගියා. මගේ යාළුවො බොහොමයක් හිටියේ කැනඩාවේ. එහිදී බැංකු ක්ෂේත්‍රයට සම්බන්ධ කොටස් වෙළෙඳපොළක මම සේවය කළා. බිරිය මනෝ විද්‍යාව සම්බන්ධ උපාධියක් ලබාගෙන පසුව ළදරු පාසල් ගුරුවරියක් වශයෙන් කැනඩාවේ සේවය කරනවා.

2008 වර්ෂයේ තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. අවුරුදු ගානක් තිස්සේ මම හරිහම්බ කළ මුදල් නැතිවුණා. එහෙම වුණෙ ලෝකෙම ඒ අවුරුද්දේ දැඩි ආර්ථික ප්‍රශ්නයකට මුහුණ පෑව නිසා. ඒ ප්‍රශ්නත් එක්ක මම ගොඩක් දේවල් හිතන්න පටන්ගත්තා. මට දැනුණේ කිසියම් තෘප්තියක් සොයමින් යන ගමනක අපි නිරත වෙලා ඉන්නවා කියලයි. එතකොට මට වයස අවුරුදු 35යි.
මේ තෘප්තිය සොයා යන ගමන බොරුවක්. නමුත් මේ ලෝකයේ කිසි දවසක වෙනස් නොවෙන සතුටක් තියෙන්න ඕනේ කියලා මට දැනුණා. ඒ සතුට මම ඒ කාලෙ ගතකරපු ජීවිතයම කැපකරලා හරි හොයන්න ඕනේ කියන අදහස මට ආවා.

නමුත් මම කුඩා කාලේ නම් දහමට යොමුවීම අඩුයි. ඒක කොතරම්ද කියනවා නම් තාත්තයි මල්ලිලා දෙන්නයි කුඩා කාලයේ පන්සල් යනවා මම යන්නේ නැහැ. ජීවිතේටම සිල් අරන් තියෙන්නේ එකම එක පාරයි. පාසලේදී මට දැනුණා බුදු දහම තුළින් අපි අපිව තේරුම් අරන් ඇතුළාන්තයට ගිහිල්ලා අපේ වටපිටාවේ වෙන ප්‍රශ්නවලට මුහුණ දීලා තෘප්තියට පත්වෙන ක්‍රමවේදයක් තිබෙන බව.
කැනඩාවේ තිබුණා මහමෙව්නා අසපුවේ ශාඛාවක්. එහිදිත් භාවනා වැඩසටහන්වලට සහභාගි වුණා. එහිදී මම ප්‍රායෝගිකව ප්‍රශ්න ඇහුවාම මට පිළිතුරු ලැබුණේ නැහැ. ඒ අනුව එතැනින් මගේ ගවේෂණය නැවතුණා.

ගිහි කාලේදි මම කොටස් වෙළෙඳපොළේ සේවය කරද්දී මම කල්පනා කරන්නේ ඊළඟ සතියේ ගන්න කොටස මොකද්ද විකුණන කොටස මොකද්ද කියලා. ඒ කාලෙ මගේ බිරිඳ සමන්ත භද්‍ර ස්වාමින්වහන්සේගේ දේශනා අහනවා. මම ඇගෙන් ඇහුවා ඔය දේශනා හරිද මොකද්ද ඔයා හිතන්නේ කියලා. එතකොට ඇය දුන්න උත්තරේ තමයි ඔයා අහලාම බලන්න කියලා. නමුත් මම ඒ ගැන හිත යොමු කළේ නැහැ. මට පසුකාලිනව ඒ කතාව මතක් වුණා. මමත් ඒ දේශනා ඇහුවා. ඒ කියන දේවල් ඒ විදියටම කරන්න පටන්ගත්තා. ‘පටිසෝතගාමී චින්තනය’ ඒ කියන්නේ අපි පුරුදු වෙලා හිටිය හිතන විදියට ප්‍රතිවිරුද්ධව හිතන්න ඒ දේශනාවලින් කියලා දුන්නා. මනසින් මම මේවාට හිත නම්‍යශිලී කරගෙන සෑහීමට පත්වුණා.

පසුකාලීනව චින්තනය වෙනස් වෙන්න පටන් ගත්තා. එතකොට බිරියට තේරුණා හිතන විදියයි දුවන රේස් එකයි ගැළපෙන්නේ නැති බව. 2014 වර්ෂයේදී මම ඉස්සෙල්ලාම බිරිඳට කිව්වා මට පැවිදි වෙන්න අදහසක් තියෙනවා කියලා. අපිට දරුවෝ හිටියේ නැහැ. ඇය ඒකට අවසර දුන්නා. 2014 වර්ෂයේ පෙබරවාරි මාසයේ ලංකාවට ආව වෙලාවක මම බිරිඳත් සමග සිරි සදහම් ආශ්‍රමයට ආවා පැවිදි වෙන්න අවසර ගන්න. ස්වාමින් වහන්සේ එතකොට කිව්වේ ‘හදිසි වෙන්න එපා ඒ හිටපු ජීවිතයටම ආපහු යන්න’ කියලා. ‘ආපහු එහෙම මහණවෙන්න හිතුණොත් නැවත එන්න අපි සලකලා බලමු’ කියලා කිව්වා. ඒ උපදෙස අරගෙන මම ආපසු කැනඩාවට ගියා. ඊට පස්සේ මම රැකියාවෙන් අයින්වෙලා ගේත් විකුණලා බිරිඳගෙන් වෙන්වෙන්න කටයුතු කරලා, ඒ අවුරුද්දෙම දෙසැම්බර් මාසයේ මහණ වෙන්න හිතාගත්තා. කැනඩාවේ තියෙනවා ආචාන් චා සම්ප්‍රදායේ ‘තිසරණ’ කියලා පන්සලක්. තායිලන්ත සම්ප්‍රදාය අනුව තමයි එහි පුහුණු වීම් කළේ. එතැනදී භාවනා ක්‍රම පුහුණු වුණා. 2015 දෙසැම්බර් වෙනකන් ඒ පන්සලේ පුහුණු වුණා. ඉන් පස්සේ මං උමංදාවට ඇවිත් අවසර ඉල්ලුවා. 2016 පෙබරවාරි 20 වැනිදා උමංදාවේදි පැවිදි දිවියට පත්වුණා. ඒ පැවිදිකිරීමේ අවස්ථාවට මගේ දෙමවුපියොත් බිරියත් සහභාගි වුණා.

පාසල් සමයේ පටන් අධ්‍යාපනයෙන් මෙන්ම ක්‍රීඩාවෙන්ද දස්කම් දක්වපු උන්වහන්සේ මේ වන විට ඉංග්‍රීසි භාෂාවෙන්ද ධර්ම දේශනා පවත්වනවා. මේ මෑතකදී උන්වහන්සේ ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකළ දේශනාවකින් උපුටාගත් කොටසක්.

“Patient is the greatest virtue in our practice’ sometimes when we our practice in path we would tend to focus on the in target in our practice we should be patient enough to make the target comes word us sometimes in our life’s there instance verse there are problems we tend to get go behind taking decisions and giving answers but my practice I have understood that being patient will solve problems automatically.”

ඉවසීම අපේ ජීවිතයේ ඇති උතුම්ම ගුණයයි. සමහර විට අපි අපේ ජීවිතයේ පුහුණුවීම් කරන විට අපගේ ඉලක්ක කරා යාමට හැකිවේවි. ඉලක්කය කියන්නේ වචනයක් නොවන බව අපිට ඔප්පු කරන්න පුළුවන් ඉවසීම නිසා සියලු ප්‍රශ්න විසඳාගත හැකි බවත් උන්වහන්සේ අවසානයේ පවසා සිටියා.

ඕනෑම කෙනෙක් මනස සකසා ගත්තොත් බාහිරව වෙන ඔනෑම දෙයකට මුහුණ දෙන්න පුළුවන් බව බුදු දහමෙන් ඉගැන්නුවා. අද ගෙවන ජීවිතය තව තත්පර කිහිපයකින් වෙනස් වෙනවා. වඩාත් වටින්නේ අයිතිකර ගැනීම නොව මනසින් අත්හැරීම බව උන්වහන්සේ අපට ප්‍රායෝගිකවම කියාදුන්නා. අත්හැරීම මුලදී දුකක් වුණත් අප අත්හැර තිබෙන්නේ දුකම බව වැටහෙන දිනයක් අවසානයේදි උදාවනවා. ඒ දවස තමයි අපි සෑබෑම සතුට අත්විඳින දිනය වන්නේ.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ආණ්ඩුවේ බාධා කිරීම් මැද සජිත් පාර්ලිමේන්තුවේදී බරපතළ ප්‍රකාශයක් කරයි! (VIDEO)

Next Post

රටේ සැබෑ උගතුන් පිරිසක් එළියට එයි! රටේ ආර්ථික අර්බූදය ගැන ඇත්ත ප්‍රශ්නෙ රටට කියයි! (VIDEO)

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.