• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

සොඳුරු රටා මැද දිය ඇගිරෙන ඇල්ල

November 20, 2019
in Holiday
Reading Time: 2 mins read
A A
සොඳුරු  රටා මැද  දිය ඇගිරෙන ඇල්ල
Share on WhatsAppShare on Facebook

දොළොස්බාගේ කඳුවැටියේ කඳු අතර පිහිටි කුඩා නගරයක් තමයි දොළොස්බාගෙ කියන්නෙ- මේ කඳුවැටියේ ප්‍රධාන මුදුනක් වන රාස්සාවත් ඒ ආසන්නයේම පිහිටලා තියෙනවා- ගම්පොළ නැත්නම් නාවලපිටියේ ඉඳලා කඳු පල්ලම් සහිත මාර්ගයන් ඔස්සේ දොළොස්බාගෙට එන්න පුළුවන්- රාස්සාව කන්දෙන් ඇරඹෙන දිය කඳුරු එකතුවෙලා නිර්මාණය වෙන දියතිර ඇල්ලත් දොළොස්බාගේ ආසන්නයේදී මාර්ගය අසලම දැකගන්න ලැබෙනවා- අද අපේ ගමනාන්තය වෙන්නෙ පැලම්පිටියේ පිහිටලා තියෙන දිය ඇගිරෙන ඇල්ල- ඒ සඳහා අපි තෝරාගත්තේ දොළොස්බාගේ ඉඳන් වින්සර්ෆොරස්ට් තේ වතුයායන් පහුකරගෙන පැලම්පිටිය දක්වා දිවෙන මාර්ගයයි-

කඳු, පල්ලම්, වංගු සහිත පටු මාර්ගය අවට දර්ශනය නම් හරිම සුන්දරයි- කඳුවැටි මැදින් ඈතින් ඈතට විහිදෙන ගැඹුරු නිම්නයේ ගලාගෙන යන්නෙ වී ඔය- වෑ ඔය කියලත් මේ දිය දහර හඳුන්වනවා- ඊට ඉහළින් දකින්න තියෙන්නෙ කුඩා වන තීරයන් හා තේ වතු යායන්- මාර්ගයේ වම් පස භූමිය වී ඔය දක්වාම බෑවුම් වෙනවා- අනෙක් පැත්තෙන් කඳු මුදුන් දක්වාම පැතිරුණු තේ වගා බිමයි දැකගන්න ලැබෙන්නෙ- කඳු මුදුන්වලින් පටන්ගෙන වී ඔය දක්වා ගලන කුඩා දිය කඳුරු පරිසරයට ගෙන එන්නේ අපූරු සුන්දරත්වයක්-

මේ විදියට දොළොස්බාගේ ඉඳන් කිලෝ මීටර් 5ක විතර දුරක් පැලම්පිටිය දක්වා යන ගමනෙදි වින්සර්ෆොරස්ට් වතුයායේ මෙන්ම කැල්වින් වතුයායේ පිහිටලා තියෙන කුඩා දිය ඇලිත් දැකගන්න ලැබෙනවා- ඒ වගේම පැලම්පිටියට ආසන්න වන තුරුම ජනාවාස ඉතාමත් අඩුවෙන් ඇති නිස්කලංක පරිසරයක් මැදින් ගමන් කරන්නට ලැබීමත් අපූරු අත්දැකීමක්- දොළොස්බාගෙ ඉඳලා පා ගමනින්ම යනවනම් තමයි මේ සුන්දරත්වය හොඳින්ම අත්විඳින්න පුළුවන් වෙන්නෙ- අපි මේ ගමන ගියේ දැන් ටික කාලෙකට ඉස්සර- දොළොස්බාගේ ඉඳන් කිලෝමීටරයක විතර දුරක් හැරුණාම ඉතිරි කිලෝ මීටර් 4ක විතර දුර මාර්ගය කාපට් කරලා හොඳින් සකස් කරලයි තිබුණෙ- බුලත්කොහුපිටියෙ ඉඳලා දේදුගල හරහා කිලෝ මීටර් 20කට ආසන්න දුරක් ගෙවාගෙනත් දිය ඇගිරෙන ඇල්ලට එන්න පුළුවන්- වංගු හා තියුණු බෑවුම් සහිත මේ කඳුකර පටු මාර්ගයේ දෙපස දර්ශනයත් හරිම චමත්කාරජනකයි- මේ ගමනෙදි තැටිබත්ගොඩ ඇල්ල, වෙළඳ ඇල්ල, රිකිල්ල ඇල්ල, නළඟන ඇල්ල, රුක්මල් ඇල්ල වාගෙ දිය ඇලි කිහිපයක්ම දැක බලා ගැනීමේ හැකියාවත් තියෙනවා-

මේ මොන පැත්තකින් ආවත් දිය ඇගිරි ඇල්ලට යන්න ඉහළ පැලම්පිටිය බස් නැවතුම අසලටම යන්න වෙනවා- එතැනට ටිකක් පහළින් තියෙන ගම්මැද්ද අතුරු පාරෙන් දිය ඇල්ලට යන්න පුළුවන්- මේ පාරෙ මීටර් 500ක විතර දුරක් ගමන් කරද්දී තේ වතුයාය මැදින් දකුණු පැත්තට බෑවුම දෙසට වැටුණු අඩි පාරක් මුණගැහෙනවා- ඒ අඩි පාර දිය ඇල්ලේ ජලය ගලාගෙන යන නිම්නය දක්වාම පහළට දිවෙනවා- පහළට එන්න තියෙන දුරත් මීටර් 500කට වැඩි නැහැ- ඒ කියන්නෙ පැලම්පිටිය බස් පාරෙ ඉඳන් දිය ඇල්ල දක්වා තියෙන්නෙ කිලෝමීටරයක විතර දුරක්-
තේ වගා බිම මැදින් පහළට එද්දි දිය ඇල්ලේ හඬ ඇහෙන්න පටන් ගන්නවා- මුලින්ම දිය ඇල්ලේ ඉහළ කොටස විතරයි ගහකොළ අතරින් පෙනෙන්නෙ- දිය ඇල්ල සම්පූර්ණයෙන් දැක ගන්න ආසන්නයටම යා යුතුයි- තේ වගා භූමියේ කෙළවර ඇති පඳුරු සහිත බිම පහුකරගෙන ඇල්ල පාමුලට යන්න පුළුවන්-

නිහඬ පරිසරයක ගහකොළවලට මැදිව ගලා හැලෙන අපූරු දිය ඇල්ලක්- ගලින් ගල හැපෙමින්, දිය විසුරවමින්, රටා මවමින් ජලය ගලා හැලෙන ආකාරය හරිම සුන්දරයි- ලංකා දිය ඇලි සංසදයේ දත්තවලට අනුව නම් දිය ඇගිරෙන ඇල්ලේ උස මීටර් 30ක්- මේ විදියට ඇද හැලෙන දිය දහර නැවත ගලාගෙන ඇවිත් ගල් කුළු දෙකක් අතර තියෙන පටු කපොල්ලකින් කුඩා දිය තටාකයකට ගලා හැලෙනවා- ගමේ කුඩා දරුවන් කිහිප දෙනෙක්ම මේ තටාකයේ දිය නාමින් විනෝදවන ආකාරය අපට දකින්න ලැබුණා- සොබා දහමෙන් ඔවුන්ට ලැබුණු මහඟු දායාදයක් තමයි මේ දිය ඇල්ල-

නිරන්තරයෙන්ම දිය වැගිරෙන හින්දා ‘දිය වැගිරෙන ඇල්ල’ නැත්නම් ‘දිය ඇගිරෙන ඇල්ල’ විදියට හඳුන්වපු බවයි අහන්න ලැබෙන්නෙ- ඇල්ලේ පෝෂක ප්‍රදේශවලට අවුරුද්දේ වැඩි කාලයක් හොඳින් වැසි ලැබෙන හින්දා ඇල්ලත් නිතරම දියෙන් පෝෂණය වෙනවා- ඒ වගේම ඈත ඉඳන් බලන කෙනකුට පෙනෙන්නෙ මේ දිය ඇල්ල ඇද හැලෙන ගල් තලාව තුළින් ජලය වැගිරී ගලා හැලෙන ආකාරයක්- ඒ හින්දත් දිය ඇල්ලට මේ නම ලැබුණා වෙන්න පුළුවන්- දේවගිරි කියන නමිනුත් මේ දිය ඇල්ල හඳුන්වලා තියෙනවා- දිය ඇගිරෙන ඇල්ල ඇද හැලෙන්නෙ කෑගල්ල හා මහනුවර දිස්ත්‍රික්ක වෙන්වන මායිමට ඉතාමත් ආසන්නවයි- ඇල්ල අයිති වෙන්නෙ කෑගල්ල දිස්ත්‍රික්කයට- කැලණි ගඟ දක්වා ගලන වී ඔයටයි ඇල්ලේ ජලයත් එකතු වෙන්නෙ-
සංචාරකයන් අතර මේ දිය ඇල්ල තවමත් ඒ තරම් ප්‍රචලිත නැහැ- ඒ හින්දා දිය ඇල්ල අවට පරිසරයත් බොහෝ දුරට සුරැකී පවතිනවා- කඳු අතර සැඟවී ජනාවාසවලින් තරමක් දුරස්ව ගලා හැලෙන දිය ඇගිරෙන ඇල්ල නරඹන්න ඔබත් එන්න- ඒ වගේම අවට පරිසරය ඒ විදියටම රැක ගන්නත් කටයුතු කරන්න-

මහේෂ් ඉන්දික විජේතිලක

SendShareShare
Previous Post

රේන්කො වෙතින් ගුරුවරුන්ට ප්‍රණාම

Next Post

සියලුම ආණ්ඩුකාරවරුන්ට ඉවත් ‌වෙන්න දැනුම් දීමක්

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.