• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ටික්ටොක් කිරි සමන් අවුරුදු 11ක දැරියකට කළ අපරාධයක්! අම්මලා දරුවන් ගැන ඇහැ ගහගෙන හිටියා නම් හොඳයි!

January 17, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ටික්ටොක් කිරි සමන් අවුරුදු 11ක දැරියකට කළ අපරාධයක්! අම්මලා දරුවන් ගැන ඇහැ ගහගෙන හිටියා නම් හොඳයි!
Share on WhatsAppShare on Facebook

එකොළොස් හැවිරිදි දැරියක් රවටාගෙන සාදවලට රැගෙන ගොස් මත්ද්‍රව්‍ය ලබාදී ඇයව වරින්වර දූෂණය කළ බව කියන “ටික්ටොක් කිරි සමන්” ඇතුළු තරුණයන් සිව් දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙකුව තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුරටත් වාර්තා වුණේ එලෙස දූෂණයට ලක්වී ඇත්තේ කථන ආබාධිත මව්පිය යුවළකගේ එකම දැරිය බවය.

එකොළොස් හැවිරිදි අදාළ දැරිය මේ වනවිට මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

ඉකුත් ජනවාරි 01 වනදා දෙහිවල ප්‍රදේශයේ සාදයකට සහභාගීවීම සඳහා නිවසින් පිටවී ගිය දැරිය පසුදින නිවසට නොපැමිණි බවට දැරියගේ දෙමව්පියන් පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි.

එදින පැය කිහිපයකට පසු දැරිය නිවසට පැමිණීමෙන් අනතුරුව පොලීසියට ඇතිවූ සැකයක් මත දැරිය පොලීසිය වෙත ගෙන්වාගෙන මුල්ලේරියාව රෝහල වෙත යොමු කිරීමෙන් අනතුරුව සිද්ධිය හෙළිකරගැනීමට හැකිවී තිබේ.

එහිදී අන්තරාදායක මත්ද්‍රව්‍ය ශරීරගතවී ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරී චන්න පෙරේරා මහතා විසින් තහවුරු කරගැනීමෙන් අනතුරුව දැරිය රෝහල් ගතකර තිබුණි.

2021 අගභාගයේදී දැරිය වට්ස්ඇප් මාර්ගයෙන් තරුණියක් හඳුනාගෙන තිබූ අතර ඇය මාර්ගයෙන් මට්ටක්කුලිය ප්‍රදේශයේ තරුණයෙකු ද අනතුරුව රාජගිරිය ප්‍රදේශයේ “ටික්ටොක් කිරි සමන් ” නමැත්තා ද හඳුනාගෙන තිබෙන බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

“ටික්ටොක් කිරි සමන්” නමැත්තා දැරියට සාදයකට පැමිණෙන ලෙස කරන ලද ආරාධනාවක් අනුව දැරිය මවුපියන්ට සහ එකම සහෝදරයට හොර රහසේ දෙසැම්බර් මාසයේ දිනක රාත්‍රී 12ට පමණ නිවසින්  පිටවී සාදයට සහභාගීවී නැවත අලුයම 4ට පමණ නිවසට පැමිණ ඇත.

එහිදී ‘ටික්ටොක් කිරි සමන්’ දැරියව දූෂණයට ලක්කර තිබූ අතර ඔහු සමග සිටි තවත් පුද්ගලයකු දැරිය හා ලිංගිකව එක්වී තිබූ බව දැරියගේ ප්‍රකාශයකින් අනාවරණ වූ බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිස් නිලධාරිනියක පැවසුවාය.

පසුව දෙසැම්බර් මස 20, 21, සහ 22 යන දින තුනෙන්  එක් දිනක පෑලියගොඩ ප්‍රදේශයේ සාදයකට යන බව මව්පියන්ට පවසා දැරිය නිවසින් පිටවී ගොස් තිබූ අතර පසු දින අලුයම 6.30 ට පමණ ඇය නැවත නිවසට පැමිණ තිබුණි.

එහිදී ද ‘ටික්ටොක් කිරි සමන්’ සහ තවත් පුද්ගලයකු දැරිය සමග ලිංගිකව එක්වී ඇතැයි පොලීසිය පැවසීය. 

එම සාදයේදී කැලණිය ප්‍රදේශයේ තරුණයෙකුද දැරිය හඳුනාගෙන තිබූ අතර ඔහුගේ ආරාධනාව මත ජනවාරි පළමු වනදා දින දෙහිවල ප්‍රදේශයේ සාදයකට දැරිය සහභාගීවී තිබූ බවත් නිවසට පැමිණීමට ප්‍රමාදවීම හේතුවෙන් එම පුද්ගලයා විසින් කැලණිය ප්‍රදේශයේ   සිය මිතුරෙකුගේ නිවසට දැරියව රැගෙන ගොස් දැරිය සමග එදින ලිංගිකව හැසිරී ඇතැයි ද දැරියගේ ප්‍රකාශයේ සඳහන්ය.

පසුදින දහවල් වනතෙක් තම දියණිය නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් කථක ආබාධිත මව්පියන් එහිදී අදාළ පැමිණිල්ල කිරීමෙන් පසු මෙම අපරාධය අනාවරණය කරගැනීමට හැකිවී තිබුණි.

මැටි ගසන ලද කුඩා කාමරයක තමන්ව තබා තිබූ බව  දැරිය පැවසුවද ඒ සම්බන්ධයෙන් නිශ්චිත ස්ථානයක් මෙතෙක් සොයා ගැනීමට නොහැකි වූ බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් වයස අවුරුදු 19 සහ 22 අතර පසුවන  රාජගිරිය, මට්ටක්කුලිය, කැලණිය ආදී ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

SendShareShare
Previous Post

ගම්මන්පිලගෙන් ලොකුගේට තගක්! ‌ලොකුගේත් වැඩේ අත්නොහරී!

Next Post

සුරාබදු-දේශීය ආදායම්-රේගුව එකතු වෙයි! හෙට මුදල් අමාත්‍යංශයට එරෙහිව සටනක් අරඹයි!

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.