ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ජාවක් අද (19) සවස 2ට පැවැත්වීමට මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කොට ඇත.
අද සවස පොහොට්ටුවේ නියෝජිතයන් අතර පැවැත්වෙන සාකච්ජාවේදී ගත යුතු ස්ථාවරය පිළිබද සාකච්ජා කිරීමට මෙම හමුව පැවැත්වෙන බව දැනගන්නට තිබේ.
ඒ අනුව හදිසි මහමැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් යළි මෙහිදී සාකච්ජා වීමට නියමිත අතර ඊයේ රාත්‍රියේ පැවැති සාකච්ජාවේදී ඔවුන් තීන්දු කර තිබුණේ එවැනි යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ඊට සහාය නොදීමටය.










