විශේෂ සාකච්ජාවක් සදහා පොහොට්ටුව ඇතුලු ශ්‍රීලනිපය නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන් අද සවස 5.00ට කැදවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
මෙම හමුව විජේරාමේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවෙසේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙම සාකච්ජාවේදී ඉදිරියේදී ආණ්ඩු පිහිටුවිය යුතු ආකාරය පිළිබදවද, ඇමැතිවරුන් පත්කිරීම ඇතුලු ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා පැවැත්වීමට නියමිත බව දැනගන්නට ඇත.










