• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

බෝනික්කෝ වගේ හැඩ අක්කා නඟෝගෙ වැඩ!

January 12, 2022
in Heart
Reading Time: 7 mins read
A A
බෝනික්කෝ වගේ හැඩ අක්කා නඟෝගෙ වැඩ!
Share on WhatsAppShare on Facebook

වසරේ ආරම්භයත් සමග අපේ ‘හාට්’ පිටු වලට පුංචි සුරංගනාවියන් දෙදෙනෙක් ගැන දැනගන්නට ලැබුණා. මෙහි විශේෂත්වය වන්නේ එකම පවුලේ අක්කයි, නංගියි ‘ගුග්ලි’ ටෙලිනාට්‍යයේ චරිත දෙකක් නිරූපණය කරමින් ඔබ හමුවට ඒමයි. දුලක්නි මෙරිනා ‘පැංචි’ ලෙසත්, ඇයගේ ආදරණීය නැඟණිය පුනෙත්නි, ‘පැහැසි’ චරිතයත් හරිම අපූරුවට රඟපානවා. ඉතින් මේ අක්කයි නංගියි දෙන්නා ජාතික පුවත්පතකට ප්‍රථම වතාවට ‘මව්රට – හාට්’ අපි සමග කතාබහ කළා.

රඟපාන්න නම් එහෙම ලැජ්ජාවක් තිබුණේ නැහැ…
රඟපානවා කියලා ඇත්තටම දැනුණේ නැහැ…

‘පැංචි’ගේ නම දැනගන්න ගොඩදෙනෙක් ආශාවෙන් ඇති. ඉතින් කියන්නකෝ දුවගේ නම..?
මම දුලක්නි මෙරිනා පෙරේරා.

එතකොට ගම්පළාත්..?
ගම්පහ ප්‍රදේශයේ ඉඳිගොල්ලේ තමයි මගේ ගම.

දුවව හැමෝම දැනගන්නේ ‘ගුග්ලි’ ටෙලිනාට්‍යයේ ‘පැංචි’ගෙන්. ඉතින් දුවට මේ අවස්ථාව ලැබුණේ කොහොමද?
සම්පත් දඩල්ලගේ මාමා තමයි කිවුවේ මෙහෙම ටෙලි නාට්‍යයකට රඟපාන්න සම්මුඛ පරීක්‍ෂණයක් තියෙනවා සම්බන්ධ වෙලා බලන්න කියලා. ඉතින් මමයි, නංගියි, අම්මයි, පන්නිපිටියට ගියා. එහිදී අපිට දෙබස් වගයක් දුන්නා පාඩම් කරලා රඟපාලා පෙන්නන්න කියලා. ඉතින් ඒ කියපු විදියට මමත්, නංගිත් ඉදිරිපත්වෙලා රඟපාලා පෙන්නුවා.

‘පැංචි’ හිතුවද මේ අවස්ථාව ලැබෙයි කියලා?
එහෙම ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. හැබැයි මගෙයි, නංගිගෙයි හැකියාවන් ඒ අවස්ථාවේ දැකලා ‘ගුග්ලි’ ටෙලිනාට්‍යයේ චරිත දෙකකට තෝරා ගත්තා කියලා මේනක රාජපක්‍ෂ මාමා කිවුවා. ඇත්තටම ඒ අවස්ථාවේ පුදුමාකාර සතුටක් දැනුණේ. මොකද මම ගොඩාක් ආශාවෙන් හිටියේ ටෙලිනාට්‍යවල රඟපාන්න.

හැබැයි ඒ ටෙලිනාට්‍යයේම නංගිත් රඟපාන එක තවත් විශේෂත්වයක් වෙන්න ඇති?
ආශාවක් තිබුණට අපි දෙන්නටම එකම ටෙලිනාට්‍යයක රඟපාන්න අවස්ථාවක් ලැබෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ. මගේ නංගි තමයි ‘පැහැසි’ගේ චරිතයට රඟපාන්නේ.

‘පැංචි’ ටිකක් කටකාර, දඟකාර චරිතයක් වගෙයි නේද?
පිටපත කියවලා බලන විටත් මටත් ඒ වගේම දැනුණා. මමත් ඉතින් ඒ වගේනේ. ඒනිසා ‘පැංචි’ චරිතය හොඳට රඟපාන්න පුළුවන් වුණා.

දුවගේ පළමු ටෙලිනාට්‍ය රංගනය තමයි අපි මේ දකින්නේ. මොකද හිතෙන්නෙ මේ පළමු අත්දැකීම ගැන?
ඇත්තටම ගොඩාක් සතුටුයි. මගෙත්, නංගිගෙත් රඟපෑම ගැන හැමෝම හොඳ කියනවා. රඟපාන්න නම් එහෙම ලැජ්ජාවක් තිබුණේ නැහැ. මොකද මම තාත්තාගේ ඔෆීස් එකේ වැඩසටහන්වලට සම්බන්ධවෙලා වැඩ කරපු නිසා. හැබැයි ඉතින් ටෙලිනාට්‍යයක් නිසා හිතට පොඩි බයක් තිබුණා. ඒත් මේනක මාමා කියලා දුන්නම මම රඟපෑවා.

‘පැංචි’ ඇයි ඔය තරම් ‘සහෙත්’ එක්ක තරහ?
මගේ මාළු ටැංකියේ මාළු නැතිවෙනවා. ඉතින් දවසක් ‘සහෙත්’ මගේ මාළු ටැංකිය ළඟ ඉන්නවා මම දකිනවා. මම හිතාගෙන ඉන්නේ ‘සහෙත්’ තමයි මගේ මාළු හොරකම් කරන්නේ කියලා. පන්න පන්න ගහනවා.

හැබැයි එදා ‘පැංචි’ ‘සහෙත්ට’ ගහපු ඉදල්පාර නම් තදින්ම වදින්න ඇති..?
අනේ ඔව්… පාරවල් දෙක තුනක් හයියෙන් වැදුණා. මට පස්සේ පව් කියලා හිතුණා මල්ලිට. ඒත් ඉතින් රඟපාන නිසා මල්ලි ඒ තරම් ගණන්ගන්නැතුව හොඳට රඟපෑවා. මල්ලිට ගහපු ඉදල්පාර නම් මට අමතක කරන්න බැහැ හැබැයි.

දුවගේ පාසලෙන් මොකද කියන්නේ රඟපෑම් කටයුතු ගැන?
මමයි, නංගියි දෙන්නම යන්නේ සිරිකුරුස විදුහලට ගම්පහ. අපි දෙන්නම ටෙලිනාට්‍යයක රඟපාන්න ගත්තා කියලා පාසලේ ගුරුවරුන් දැනුවත් කළා. පාසලෙනුත් අපිට ලොකු සහායක් ලැබෙනවා

අක්කටයි, නංගිටයි මේ ගමන එන්න උදවු කරපු පිරිසකුත් ඇති නේද?
‘ගුග්ලි’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ මේනක රාජපක්‍ෂ මාමාට, ඒ වගේම ටෙලිනාට්‍යයේ නිෂ්පාදක ජනක සම්පත් තඹරවිල මාමාට ඇතුළු ‘ගුග්ලි’ කණ්ඩායමට සහ සම්පත් දඩල්ලගේ, දිනේෂ් හග්ගල්ල ඇතුළු මගේ මවුපියන්ටත් විශේෂ ස්තුතිය පුදකරනවා.

හිතුවේ නැහැ මාව තෝරාගනියි කියලා…
අපි දෙන්නටම එකම ටෙලිනාට්‍යයක රඟපාන්න ලැබෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ…

පුනෙත්නි දුව දැන් පුංචි නිළියක් නේද..?
ඔව් මාමේ… ‘ගුග්ලි’ ටෙලිනාට්‍යයේ ‘පැහැසි’ චරිතය රඟපාන්නේ මම තමයි.

දුවගේ සම්පූර්ණ නම..?
මම පුනෙත්නි මරිනා පෙරේරා.

චූටි දුව රඟපාන ‘පැහැසි’ චරිතය ගැන මොකද හිතෙන්නේ?
‘පැහැසි’ කියන්නේ අහිංසක චරිතයක්. මගේ තාත්තා නැහැ. අම්මයි, මාමයි එක්ක තමයි මම ඉන්නේ.

‘පැහැසි’ ලෙසට රඟපානවිට දුක හිතුණු අවස්ථා වැඩියි නේද?
ඔව්… අම්මා කියනවා, තාත්තා ආයේ අපි අතරට එන්නේ නැහැ කියලා. එතකොට දුකයි.

‘පැහැසි’ ‘රොසි’ට ගොඩාක් ආදරෙන් ඉන්න බව පේනවා..?
ඔව්… මගේ දුක කියන්න හරි, මගේ ළඟින් ඉන්නේ මගේ බෝනික්කා. ඒ නිසා මම ‘රොසි’ට කැමැතියි.

හිතුවද දුවත් නාට්‍යයට තෝරාගනී කියලා?
සම්පත් මාමා කිවුවා මේ නාට්‍යයට තෝරාගන්නේ අක්කා වගේ ලොකු අය කියලා. ඒ නිසා මම හිතුවේ නැහැ මාව තෝරාගනියි කියලා. ඒත් ඉතින් මමත් ඉදිරිපත්වෙලා බැලුවා.

දුවගේ රඟපෑම දකිනකොට දුවට මොකද හිතෙන්නේ..?
හොඳට රඟපාලා කියලා හිතෙනවා. හැබැයි මට ඒ වෙලාවෙ රඟපානවා කියලා ඇත්තටම දැනුණේ නැහැ. අක්කත් ඒ ටෙලිනාට්‍යයට රඟපාන නිසා හරිම විනෝදයෙන් තමයි අපි කාලය ගතකළේ.

රඟපාන්න යද්දි විභාග වැඩකටයුතු අතපසුවෙන්නේ නැද්ද?
මේ පාර තමයි මම ශිෂ්‍යත්වය විභාගය ලියන්නේ. ඉතින් මම ඔන්ලයින් හරහා පන්ති කරනවා. පාඩම් වැඩකටයුතුත් හොඳට කරන නිසා අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන විදියට රඟපෑම් කටයුතු කරනවා.

දුවලා රඟපානවා දැකලා තව ටෙලිනාට්‍යවලින් එහෙම රඟපාන්න කතා කළාද?
තවම නැහැ… ඒත් මමයි, අක්කයි දෙන්නම හිතාගෙන ඉන්නේ ‘ගුග්ලි’ ටෙලිනාට්‍යය ඉවර වෙනකම් කිසිම ටෙලිනාට්‍යයක රඟපාන්න යන්නේ නැහැ කියලා. මොකද මේනක මාමා අපිට දුන්න මේ අවස්ථාව ගොඩාක් වටිනවා.

දුවට තවම අක්ක එක්ක රඟපාන්න ලැබුණේ නැද්ද?
තවම එහෙම අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉදිරියට රඟපාන්න ලැබුණොත් ගොඩාක් හොඳයි.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ඇමැතිට එරෙහිව අම්පාරේදී දහස් ගාණක් පාරට බහී!

Next Post

වාර්තා රැසක් තියපු නාලන්දාවේ ක්‍රිකට් කැප්ටන්! 93 නාලන්දාවේ අතිදක්ෂතම සිසුවා! එංගලන්තෙ ඉගෙනගෙන කැනඩාවේ රැකියාව කරපු තරුණයා! අද සියල්ල අතහැරපු කොළඹ ධම්මසාර හාමුදුරුවො! (VIDEO)

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව යළිත් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊට ප්‍රතිචාර වශයෙන් ලෝක බලශක්ති ප්‍රවාහනයේ ප්‍රධානතම මර්මස්ථානයක්...

Read more
අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.