• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

චීනය හදන්නේ අමෙරිකානුවන් මත්කරලා මරන්නද?

January 6, 2022
in News, Politics
Reading Time: 4 mins read
A A
චීනය හදන්නේ අමෙරිකානුවන් මත්කරලා මරන්නද?
Share on WhatsAppShare on Facebook

මැක්සිකෝවේ නව පාලන ආණ්ඩුව ආරම්භ වූ 2018 දෙසැම්බර් පළමුවැනිදා සිට මේ දක්වා අත්අඩංගුවට ගැනුණු සින්තටික් වැනි කෘත්‍රිම මත්ද්‍රව්‍ය තොග ප්‍රමාණය 525%කින් ඉහළ ගොස් ඇත.

එරට ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වැටලීම් නිලධාරීන් 2016 සිට 2018 අතර තුන් අවුරුදු කාලය තුළ අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය තොගය රාත්තල් 1,232ක් හෙවත් කිලෝග්‍රෑම් 559කි.

එහෙත් 2019 සිට 2021 අතර තුන් අවුරුදු කාලය තුළ අත්අඩංගුවට ගත් ප්‍රමාණය රාත්තල් 7,710 හෙවත් හෙවත් කිලෝග්‍රෑම් ප්‍රමාණය 3,497කි.

මැක්සිකෝවේ ආරක්‍ෂක ලේකම් ජෙනරල් ලුයිස් ක්‍රෙසන්සියෝ සෑන්ඩොවෙල් ප්‍රකාශ කෙළේ මේ මාරාත්මක තොග චීනෙන් ආනයනය කරන බවකි.

2016 සිට 2018 දක්වා කාලය තුළ අත්අඩංගුවට ගැනුණු රාත්තල් 120,100ට හෙවත් කිලෝ ග්‍රෑම්54,521ක් වූ මෙත් ද්‍රව්‍ය තොගයට වඩා 128%ක වර්ධනයකින් යුතු මෙතම්පිටමයින්ස් රාත්තල් 275,000 හෙවත් කිලෝග්‍රෑම් 124,737 ගතවූ තුන් වසර තුළ අත්අඩංගුවට ගැනුණු බව හෙතෙම පැවැසුවේය.

මේ සින්තටික් මත්ද්‍රව්‍ය පාවිච්චියේ පහසුව සඳහා සහ වෙනසක්ද, වෙළෙඳපොළ වෙනසක්ද සිදුවී ඇතැයි කී හෙතෙම පෙති වශයෙන් හෝ වේදනා නාශක මුවාවෙන් ඖෂධ වර්ග සමග මුසුකර නිෂ්පාදනය කෙරෙන බවද ඊට චීනයේ අපරාධ කල්ලියක් සම්බන්ධ බවද ආරක්‍ෂක ලේකම්වරයා පැවැසීය. මේ හේතුව නිසා ඕපියම් වගාකරමින් වෙහෙසෙන්නට අවශ්‍ය වන බවක් පෙනෙන්නට නැතැයිද පැවසීය.

මැක්සිකෝවෙන් ඇමෙරිකාවට මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ට්‍රක් රථ රියැදුරකු පසුගියදා අත්අඩංගුවට ගැනීමෙන් මැක්සිකෝවේ කෙරෙන නිෂ්පාදනයේ තරමද පැහැදිලි විනැයි හෙතෙම වැඩිදුරටද කීය.

මෙත් නමැති වර්ගයෙන් රාත්තල් 17,500ක් හෙවත් කිලෝග්‍රෑම් 7,930ක්ද ෆෙන්ටනිල් (වේදනා නාශක) මුවාවෙන් නිෂ්පාදනය කෙරෙන වර්ගයේ මත්ද්‍රව්‍ය රාත්තල් 389ක් හෙවත් කිලෝග්‍රෑම් 176ක ට්‍රැක්ටර් ටේලරයක සඟවා ප්‍රවාහනය කරමින් සිටියදී සන්තියාගෝවේ ඔටේමෙසා දේශසීමාවේදී පසුගියදා රියැදුරා අත්අඩංගුවට ගැනුණු බවද ඇමෙරිකාවේ නීති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නිවේදනයක සඳහන්ය.

ඇමෙරිකානු රේගු දෙපාර්තමේන්තුව සහ දේශ සීමා සුරක්‍ෂණ අංශයේ නිවේදනවලට අනුව වේදනා නාශක මුවාවෙන් පසුගිය ඔක්තෝබර් මාසයේ පමණක් නිෂ්පාදන ප්‍රමාණය 42%ක වර්ධන අගයක් දැක්වේ.

මැක්සිකෝව සහ චීනය අතර මහා පරිමාණයෙන් කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම නැවැත්වීමට ජෝ බයිඩන්ගේ ආණ්ඩුවට තමා බලකරන බව රිපබ්ලිකන් පක්‍ෂයේ සෙනේටර් රොබ් පෝර්ට්මන් “ෆොක්ස්” පවෘත්ති සේවය සමග පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී දිවුරා ප්‍රකාශ කෙළේය.

ඇමෙරිකානුවන් වාර්තාගත අන්දමින් මරණයට පත්කරවන වේදනා නාශක ලේබලය අලවා වෙළෙඳපොළේ අලෙවි කරවන මත්ද්‍රව්‍ය වෙළෙඳාම පිළිබඳ ජනයා දැනුවත් කිරීමේ වැඩසටහන් රට පුරා ක්‍රියාත්මක කරවන බවටද හෙතෙම ප්‍රතිඥා දුන්නේය.

මත්දූව්‍ය අධික ප්‍රමාණයක් ගැනීම නිසා ඇමෙරිකානු ඉතිහාසයේ ඉතා භයානක අන්දමින් වාර්තාගත වූ මරණ සංඛ්‍යාව 2020 අප්‍රේල් මාසයේ සිට 2021 අප්‍රේල් මාසය දක්වා වූ වසරක කාලය 100,000ක් ලෙස අනාවරණ වී ඇති බව වෛද්‍ය වාර්තාවල දැක්වේ.

කොවිඩ් වැලඳුණු රෝගීන් බොහෝ දෙනකු වේදනා නාශකයක් ලෙස මේ වර්ගයේ ව්‍යාජ ඖෂධ භාවිතයෙන් මරණ සංඛ්‍යාව මෙසේ ඉහළ ගොස් ඇතිබවද අනාවරණවී ඇත.
මත්ද්‍රව්‍ය අර්බුදය සම්බන්ධයෙන් ජෝ බයිඩන්ගේ ආණ්ඩුව මේ වන විට රිපබ්ලිකන් පක්‍ෂයේ සෙනේටර් රොබ් පෝර්ට්මන් ඇතුළු කණ්ඩායමකගේ දැඩි විවේචනයට පාත්‍රව ඇත.

“මැක්සිකෝව මෙන්ම චීනය සමග කටයුතු කිරීමටද බයිඩන් ආණ්ඩුව ප්‍රවේශම් විය යුතුයි. දේශසීමාවල පරීක්‍ෂණ තර කළ යුතුයි. මහා පරිමාණයේ සුරක්‍ෂා ව්‍යාපාරයක් ආරම්භ කළ යුතුයි” ඔවුහු දැඩිව අවධාරණය කරති.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

චීනයෙන් අමෙරිකාවට සම්බාධක!

Next Post

ගෑස් පිපිරුම් පසුපස කුමන්ත්‍රණයක්! ජනපති රහස් විමර්ශනයක් අරඹලා! (PHOTOS)

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.