• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යෝෂිතවත් දැනගෙන හිටියෙ නැති… මහින්දට තිරුපති යන්න කෙන්යාවේ ඉඳන් සුපිරි ජෙට් එකක් එවපු… කව්ද මේ වේලුපිල්ලේ කනනාදන්?

January 6, 2022
in Exclusive
Reading Time: 9 mins read
A A
යෝෂිතවත් දැනගෙන හිටියෙ නැති… මහින්දට තිරුපති යන්න කෙන්යාවේ ඉඳන් සුපිරි ජෙට් එකක් එවපු… කව්ද මේ වේලුපිල්ලේ කනනාදන්?
Share on WhatsAppShare on Facebook

වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුතා, එනම් වත්මන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ ගැන ප්‍රකටම කතාව කුමක්ද කියලා මම ඔබගෙන් ප්‍රශ්න කළොත් ඔබ ගත් කටටම දෙන පිළිතුර මම දන්නවා. ඒ තමයි ‘ඩේසි ආච්චිගේ මැණික් මල්ල’ කියන පිළිතුර. එතැනින් එහාට තවත් ප්‍රශ්න කිරීම අවශ්‍ය නෑ. ඒ පිළිතුර තුළ වචනවලින් කියන්න බැරි තරම් දේවල් ගැබ්වෙලා තිබෙනවා.

එදා තරුණ නාවික හමුදා නිලධාරියකුව සිටියදී ඩේසි ආච්චිගේ මැණික් මල්ල නිසා ජනතාව අතර කතාබහට ලක්වුණු යෝෂිත පසුගියදා යළිත් වතාවක් මාතෘකාවක් වුණා. ඒ තමයි පසුගිය 23 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂගේ තිරුපති සංචාරය සිදුවුණු ජෙට් යානය ගැන මාධ්‍ය කළ විමසීමට ඔහු දුන් පිළිතුර.

දැන් අගමැති මහින්දගේ තිරුපති සංචාරය ගැන නොදන්න කෙනෙක් සහ නොකියවුණු දෙයක් නැහැ. ඒත් අදත් මේ කතාව පුවත් පිට පුවත් මවමින් තිබෙනවා. ඒ, අගමැතිවරයාගේ තිරුපති සංචාරය හුදු පුද්ගලික සංචාරයක් වුණු නිසා නොවෙයි. ඒ හරහා ඉතාමත් බරපතළ කරුණු කාරණා කිහිපයක් ඈඳී තිබෙන නිසයි.

මේ ගැන මේ ලියුම්කරු සමග අදහස් දැක්වූ දේශපාලන විචාරකයන් කිහිප දෙනකුම මතුකළ පොදු අදහසක් තිබුණා. ඒ තමයි අගමැතිවරයාගේ තිරුපති සංචාරය හුදු පුද්ගලික වන්දනා ගමනක් කියා නොසලකා හැරිය හැකිද යන්නයි. ඊට හේතු වශයෙන් ඔවුන් බරපතළ කරුණු කිහිපයක් මතු කළා.

  1. අගමැතිවරයාගේ තිරුපති සංචාරය සිදුවුණේ ඔහුගේ මිතුරෙක් (යෝෂිත රාජපක්ෂට අනුව නම නොදන්න) ලබාදුන් පුද්ගලික උපකාරයක් ලෙසලු. මෙය අල්ලසක් හෝ දූෂණයක් විය නොහැකිද?
  2. අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, අගමැතිවරයාගේ දෙවැනි පුත්‍රයාද වන යෝෂිත රාජපක්ෂට අනුව අදාළ ජෙට් යානය ලබාදුන් පුද්ගලයාගේ අනන්‍යතාව හෙළිකළ නොහැකි අතර ඔහු ඒ ගැන කිසිවක් නොදනී. එසේ නම් මෙය අගමැතිවරයාගේ, අගමැති ආර්යාවගේ ආරක්ෂාව සහ පොදුවේ ජාතික ආරක්ෂාව සම්බන්ධ බරපතළ ගැටලුවක් නොවේද?
  3. රටේ උග්‍ර විදේශ විනිමය අර්බුදයක් තිබියදී අගමැතිවරයා මේ ආකාරයෙන් ඩොලර් වැය කරමින් (මිතුරෙකුගේ හෝ) වන්දනා ගමන් යාම කොතරම් සදාචාරාත්මකද? අගමැතිවරයාට ජනතාව ගැන, රට ගැන වගවීමක් තිබේද?

මේ ප්‍රධාන ප්‍රශ්න තුනට වඩා පාඨක ඔබට තවත් ප්‍රශ්න ගණනාවක් පැනනැඟිය හැකිය. ඒ ගැන තර්කයක්ද නැත.

එහෙත් මේ මොහොතේ මහින්ද රාජපක්ෂගේ තිරුපති සංචාරය හා ඒ ආශ්‍රිත සිදුවීම් මාලාව තුළ නිර්මාණය වූ බරපතළ ගැටලු ගැන සංචාදය ඉහත සඳහන් කරුණු හතර තුළ සිට සාකච්ඡා කිරීම අතිශයින් වැදගත්ය.

පුබුදු ජාගොඩ කළ විශේෂ හෙළිදරව්ව

අගමැති මහින්ද රාජපක්ෂ හෝ මෙරට වෙනත් දේශපාලනඥයෙක් තිරුපති වන්දනාවේ ගොස් ශිව ලිංග පූජාවේ යෙදීම අතිශය සාමාන්‍ය දෙයක් ලෙස මෙරට ජනතාව සැලකූ අතර ජනමාධ්‍යවලට එය ප්‍රමුඛ පුවතක් හෝ ගොසිප්කරුවන්ට පුවත් ආකාරයක් වූයේ නැත. එහෙත් පසුගිය 23 වැනිදා සිදුවුණු අගමැතිවරයාගේ තිරුපති සංචාරය ඒ ගෑස් ටැංකි පිපිරීම්, ඉන්ධන මිල ඉහළ යාම්, කිරිපිටි පෝලිම්, පොහොර ගැටලු ආදී සියල්ල මොහොතකින් යටපත් කර උඩට ආවේ අගමැතිවරයා මෙවර තිරුපති යාමට භාවිත කළ ගුවන් යානය නැතහොත් ජෙට් ගුවන් යානය නිසාය.

රටේ ඩොලර් හිඟයක් තිබියදී, රටේ ජනතාව දැඩි ආර්ථික අර්බුදයක කරවටක් ගිලී සිටියදී අගමැතිවරයාද ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රබලයන් රට සවාරි ගැසීම ගැන හුදු විවේචනයට පමණක් සීමාවූ මේ කතාව එක්වරම දැවැන්ත දේශපාලන සංවාදයක්, විවේචනයක් බවට පත්වූ අතර අග්‍රමාත්‍ය මාධ්‍ය ලේකම් රෙහාන් වැලිවිට 24 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ අගමැතිවරයා තිරුපති ගියේ මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වියදමෙන් බවය.

අගමැති කාර්යාලයෙන් පරස්පර ප්‍රකාශ

අග්‍රමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා මෙසේ කියා උණුසුම යාමටත් පෙර අගමැතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී, යෝෂිත රාජපක්ෂ දෙසැම්බර් 28 වැනිදා The Sunday Morning ඉංග්‍රීසි පුවත්පතට ප්‍රකාශයක් කළේය. අසාම් අමීන් සම්පාදිත එහි දළ සිංහල පරිවර්තනය මෙසේ කළ හැකිය.

‘දෙසැම්බර් 23 වැනි දින වන්දනා චාරිකාවක් සඳහා ඔහුගේ පෞද්ගලික දෙදින සංචාරයට සමගාමීව තිරුපති ජාත්‍යන්තර ගුවන්තොටුපළේ Blue Embraer Legacy 600 ව්‍යාපාරික ජෙට් යානයකින් බැස යන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ආන්දෝලනාත්මක ඡායාරූප සමාජ මාධ්‍ය සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයක සංසරණය වීමෙන් පසුව, අග්‍රාමාත්‍යවරයාට ඔහුගේ ප්‍රයෝජනය සඳහා ජෙට් යානය හිමිකරු කිසිදු අයකිරීමකින් තොරව ලබාදුන් බව The Morning පුවත් අඩවියට දැනගන්නට ඇත.
ඔයැ ඵදරබසබට වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මාණ්ඩලික ප්‍රධානී යෝෂිත රාජපක්ෂ කියා සිටියේ මෙම ජෙට් යානය ලබාදීම සුහදතාවයේ ඉඟියක් බවයි.

‘සර්ගේ යාළුවෙක් එයාගේ තිරුපති ගමනට ඒ ගුවන් යානය නොමිලේ දුන්නා. ඔහු නම හෙළි කිරීමට අකැමැති ඉන්දීය ව්‍යාපාරිකයෙක්. ඔහු අග්‍රාමාත්‍යවරයාගේ මිත්‍රයෙකු වන අතර එය සුහදතාවයේ ඉඟියක්’ යැයි ඔහු The Morning වෙත පැවැසීය.

මාර්ගගතව පවතින තොරතුරුවලට අනුව, Legacy 600හි සාමාන්‍ය ගාස්තුව පැයකට USD 6,700ක් පමණ වේ. ඔයැ ඵදරබසබට.ි ගවේෂණාත්මක සොයාගැනීම්වලින් පෙනී යන්නේ, ඔ7-න්‍ීඨ ලෙස කුඩා යුරෝපීය රාජ්‍යයක් වන ී්බ ඵ්රසබද (එය දන්නා බදු තෝතැන්නක්) හි ලියාපදිංචිවී ඇති ඛැට්ජහ 600 න්‍ැඑීැඑඨද ්ඩස්එසදබ ීැරඩසජැි හි ඇති බොහෝ ගුවන් යානාවලින් එකක් බවයි. එය ඉහළ ආදායමක් ඇති පුද්ගලයන්ට පුද්ගලික ගුවන් යානා කුලී සේවා සපයන ඉන්දියානු සමාගමකි. ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං ආයෝජකයකු ලෙස සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අසුන් ගැනීම විශේෂත්වයකි.

දැඩි පරස්පරතාවක් ඇති ප්‍රකාශ දෙකක් අගමැති කාර්යාලයෙන් නිකුත්ව තිබියදී පවා කතාව මෙතැනින් යටපත් වීමට නියමිතව තිබුණත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයෙකු වන පුබුදු ජයගොඩ කළ සුවිශේෂ හෙළිදරව්වක් නිසා එය යළිත් අළු යට ගිනි මෙන් ඇවිළ ආවේය.

පසුගිය 26 වැනිදා මාධ්‍ය සාකච්ඡාවකදී ඡායාරූප සහිතව පුබුදු ජයගොඩ මේ සුවිශේෂ හෙළිදරව්ව කළ අතර එය මොහොතකින් සමාජ මාධ්‍යවල උණුසුම් පුවත් මැවීමට සමත් වුණේය.

එම මාධ්‍ය හමුවේදී පුබුදු අදාළ හෙළිදරව්ව කරමින් මෙසේ පැවසුවේය.

‘පසුගිය 23 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා තිරුපති ගියා වන්දනාවේ. තිරුපති යද්දී කිව්වේ ඒක ඔහුගේ පුද්ගලික සංචාරයක් කියලා. තමන්ගේ පෞද්ගලික සංචාරයක් සඳහා කවුරු හරි යද්දි සාමාන්‍ය ගුවන් යානයකින් ගියා නම් ඒක සාමාන්‍ය කතාවක්. හැබැයි අගමැතිවරයා ගියේ පෞද්ගලික ජෙට් යානයකින්. රූපවාහිනී නාලිකාවල මේ පෞද්ගලික ජෙට් යානය පෙන්වන කොට මේ නිල්පාට (ජංගම දුරකතනයෙන් අදාළ ඡායාරූප හා වීඩියෝව පෙන්වමින්) ජෙට් එකක් තමයි පෙන්වන්නේ. මේකේ පැහැදිලිව පෙන්වනවා මේ නිල්පාට ජෙට් එක තමයි පෞද්ගලික සංචාරයක් විදිහට රත්මලානේ සිට තිරුපති දක්වා අගමැතිවරයාව රැගෙන ගියේ.
23 වැනිදා අගමැතිවරයා මේ ජෙට් එකේ තිරුපති යද්දී මීට සමානම ජෙට් එකක් පහුගිය 16 වැනිදා රත්මලානට ආවා. රත්මලාන ගුවන්තොටුපොළ නිල ෆේස්බුක් පිටුවේ මේ ගැන පළවුණා. ඒකේ දාලා තිබුණා (ජංගම දුරකතනයේ ඡායාරූප පෙන්වයි) උගන්ඩාවේ සිට පෞද්ගලික ජෙට් යානයක් රත්මලානට ආවා. මේ වගේ පුද්ගලික ජෙට් යානා නිතර නිතර දකින්නට ලැබීම ලංකාවේ ඩොලර් පිපාසයට සුබ ලකුණක් කියලා

.මේකේ කියලා නැති වුණාට මේ කතාව අහපුවාම අපිට හිතෙන්නේ උගන්ඩාවේ ඉඳන් සංචාරකයෝ ගොඩක් පෞද්ගලික ජෙට් යානයක් අරගෙන ලංකාවට ආවා කියලා. දැන් මේ ඩොලර් එනවා ඇති කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඊට සතියකට පස්සේ අගමැතිවරයා මේ වගේම ජෙට් එකකින් තිරුපති යනවා.

දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේක පෞද්ගලික ජෙට් එකක් කියලා කිව්වට මේක කාගෙද? රටේ මහ දැවැන්ත ඩොලර් හිඟයක් තියෙද්දී සාමාන්‍ය ගුවන් යානයක නොගිහින් අතිශය මිල අධික පෞද්ගලික ජෙට් යානයක් භාවිතා කළේ ඇයි? මේ තරම් විශාල මුදලක් ඔහුගේ පෞද්ගලික මුදලින් ද වැය කරන්නේ? පෞද්ගලික මුදලින් වැය කරන්න ඔහුට ඩොලර් තිබෙනවාද? පෞද්ගලික ව්‍යාපාරිකයෝ ඉන්නවා ඔවුන් පෞද්ගලික ජෙට් යානා භාවිත කරනවා. ඒත් ඔවුන් ඩොලර් උපයනවා. ඒත් අගමැතිවරයාට පඩි ගෙවන්නේ රුපියල්වලින්. අගමැතිවරයා එතකොට පාවිච්චි කරන්නේ මොන ඩොලර්ද?

රටේ ඩොලර් අර්බුදයක් තියෙද්දී, මිනිසුන්ට වාහනවලින් යන්න එපා පයින් යන්න කියද්දී, තුන් වේලක් වෙනුවට දෙවේලක් කන්න කියද්දී මේ විදිහට ඩොලර් නාස්ති කරන්නේ කොහොමද? මේ ජෙට් යානය උගන්ඩාවේ සිට ගෙන්වද්දී ඒකට ගිය ඩොලර් ගාන කීයද? මේ සියල්ල සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා…’.

දෙබරයට ගල් ගැසීම

අගමැතිවරයාගේ තිරුපති සංචාරය හා ඊට භාවිත කළ පෞද්ගලික ජෙට් යානය ගැන පුබුදු ජයගොඩ කළ හෙළිදරව්ව දෙබරයකට ගල් ගැසීමක් බවට පත්වුණේ ඒ වන විට කරළිය උණුසුම් කළ බොහෝ දේවල් පසුපසට තල්ලූ කරමිනි. ඒ සමග පුබුදුට වඩා තව තවත් හෙළිදරව් කිරීම රැසක් විපක්ෂය විසින් සහ ආණ්ඩු විරෝධී මාධ්‍ය විසින් කළේය.

මේ අතර පුබුදු ජයගොඩ පසුගිය 28 වැනිදා තවත් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් තිරුපති සංචාරයේ තවත් තොරතුරු රැසක් මාධ්‍ය හමුවේ හෙළිකළේය.

‘ටී.7 ජී.එස්.ජී කියන මේ ජෙට් යානයේ ගුවන් ගමන් සිදුවුණේ කොහොමද කියන එක පරීක්ෂා කරද්දී මේ ගුවන් යානය පසුගිය 10 වැනිදා ඉන්දියාවේ සිට කටුනායකට පැමිණිලා තිබෙනවා. එදාම එය කටුනායක සිට කෙන්යාවේ ජෝමෝ කෙන්යාටා ගුවන්තොටුපොළ දක්වා ගිහින් තිබෙනවා. ඔවුන් 14 වැනිදා කෙන්යාවේ අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදිලා එදාම ටැන්සානියාවට ගිහින් තිබෙනවා. එතැනින් කම්පාලාවට ගිහින් නැවත රත්මලානට ඇවිත් තියෙනවා. 16 වැනිදා රත්මලානට ආවට පස්සේ දෙසැරයක් චෙන්නායි සහ කොචින් දක්වා පිටත් වෙලා තිබෙනවා. ඊට පස්සේ නැවත ලංකාවට ඇවිත් තමයි 23 වැනිදා තිරුපති දක්වා යන්නේ. 24 වැනිදා නැවත ලංකාවට ඇවිත් පස්සේ දිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දක්වා ගිහින් තියෙනවා.

එතකොට අගමැතිවරයාගෙ පුතා, යෝෂිත රාජපක්ෂ දිනපතා ඉංග්‍රීසි පුවත්පතකට ප්‍රකාශ කරලා තියෙනවා අගමැතිවරයාගේ තිරුපති සංචාරයට මුදල් වැය වුණේ නැහැ, අගමැතිවරයාගේ මිතුරෙක් තමයි මුදල් දුන්නේ කියලා. එතකොට අගමැතිවරයාගේ මිතුරෙක් නෙමෙයි කවුරු දුන්නත් මේ විදේශ විනිමය තමයි වැය වෙන්නේ. ඒක වෙනම ප්‍රශ්නයක්. මෙතැන තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ පුද්ගලික ජෙට් යානයෙන් චෙන්නායි සහ කොචින් බලා කවුද අරන් ගියේ? ඔවුන් කවුද? ඔවුන් මොනවද අරන් ගියේ? මේ වගේ ගුවන් යානයක් භාවිත කළ හැක්කේ ඉහළම ධනපතියෙක්ට පමණයි. මේ වගේ ගුවන් යානයක් පැයකට ඩොලර් 6700ක් අය කරනවා. ඒ කියන්නේ දවසක ගමනක් සඳහා ලංකාවේ මුදලින් රුපියල් මිලියන 32ක් පමණ මේ සඳහා වැය වෙනවා. මෙවැනි වියදමක් දරලා චෙන්නායි සහ කොචින් වෙත ගිය වෙනත් අය කවුද කියලා ප්‍රශ්නයක් මතු වෙනවා.

අගමැතිවරයා මෙතරම් විශාල මුදලක් වැය කළේ ඇයි? ඔහුට සාමාන්‍ය ගුවන් යානයක ඉන්දියාවට යන්න පුළුවන්කම තිබුණා.

මේ ජෙට් යානය අයිති කියලා කියන්නේ ඉන්දීය ගුවන් සමාගමකට. ඔවුන් ඉහළම ධනපතියන් සඳහා පෞද්ගලික ගුවන් යානා, ජෙට් යානා සපයන සමාගමක්. නමුත් මේ ජෙට් යානය අයිති මේ සමාගමටමද කියලා ප්‍රශ්නයක් දැන් තියෙනවා. මේක සැන් මැරීනෝවල ලියාපදිංචි කළා කියලා අපිට සොයා ගන්න පුළුවන් වුණා. සැන් මැරනෝ කියන්නේ යුරෝපයේ තියෙන කුඩාම රාජ්‍යයන්වලින් එකක්. නමුත් මේ රට ඉතාම ජනප්‍රිය වෙලා තියෙනවා කළු සල්ලි සුදු කරන තැනක් විදිහට. මේ ජෙට් යානය කළු සල්ලි සුදු කරන ව්‍යාපෘතියක කොටසක්ද කියන සැකය එක අතකින් මතු වෙනවා.

යෝෂිත රාජපක්ෂ මුලින්ම ‘තාත්තගේ යාළුවෙක් සල්ලි දුන්නා කියලා නොකියා කිව්වේ ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගෙ කතාවක්. ඉතිං අපි කියන්නේ මේ වගේ කතා නොකියා මේ ගැන ඇත්ත පැහැදිලි කිරීමක් අපිට අවශ්‍යයි’ පුබුදු ආණ්ඩුවට බරපතළ ප්‍රශ්නයක් යොමු කරමින් පැවසුවේය.

පුබුදු ජයගොඩ ඇවිලූ ගින්න බුරබුරා නැගෙද්දී පසුගිය 27 වැනිදා ජනමාධ්‍යවේදියකු විසින්ද මේ සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි කිරීමක් කර තිබුණේය. අදාළ ජෙට් යානයේ ඡායාරූප සහ තවත් තොරුතුරු රැසක් සමග අදාළ මාධ්‍යවේදියා සොයාගත් වැදගත් කරුණු රැසක් හෙළි කළේය. (මෙහි ඇත්තේ වැදගත් උපුටාගැනීම් පමණකි)

‘…. ඔහු (පුබුදු) පෙන්වූ මාර්ගය දිගේ යද්දි ඔහු එතැන නොකී කරුණු ගණනාවක් අපට හොයාගන්න පුළුවන් වුණා… මේ නිල් කුරුල්ලා කවුද? මේකේ ගුවන් ගමන් ඉතිහාසය මොකක්ද ආදී කාරණා අපි හෙව්වා. මේ යානයේ අයිතිකාරයා ජාත්‍යන්තර වෙබ් අඩවිවල සඳහන් වෙන විදියට කවුද කියා දන්නේ නෑ. ‘අන්(ක්)නෝ(ව්)න්’ හිමිකරුවෙක්. කෙසේ වෙතත් රත්මලාන ගුවන් තොටුපළේ ෆේස්බුක් පිටුවේ තොරතුරු අනුව මේක බුක් කරන්න පුළුවන් විදියේ අධිසුඛෝපභෝගී ප්‍රයිවෙට් ජෙට් එකක්. මේ යානය විතරක් නෙවෙයි, සාමාන්‍යයෙන් ගුවන් යානා අඳුනගන්නේ ටේල් නම්බර්වලින්. මේකේ ටේල් නම්බර් එක ටි7-ජී.එස්.ජී. අපට කලින් අබමල් රේණුවක දැනුමක් තිබුණේ නැතත් මේ වැඩේට අවශ්‍ය නිසා අපි ප්‍රයිවෙට් ජෙට් ටේල් නම්බර් ලියාපදිංචිය ගැනත් ඉගෙන ගත්තා. මේ ටී7 කියන ටේල් නම්බර් ලියාපදිංචියෙන් කොහේ ලියාපදිංචි කරපු එකක්ද කියා අඳුනගන්න පුළුවන්. ටී7 කියන්නේ රිපබ්ලික් ඔෆ් සැන් මැරිනෝ කියන ඉතාලිය ආසන්න රටේ ලියාපදිංචි වූ එකක්. මෑතකදී ඉතාලි ගිය මහින්ද මහත්තයා සැන් මැරීනෝ ගියාද දන්නේ නෑ.

සැන් මැරීනෝ ඉතාලියේ දැවැන්තම ධනවතුන් යන්න කැමැති බදුවලින් බේරුණු ඕෆ්ෂෝ රජදහනක්. මේක එම්බ්‍රයර් ලෙගසි 600 කියන මොඩල් එකට අයිති යානයක්. එම්බ්‍රයර් කම්පැනියෙන් හැදූවක්. සාමාන්‍යයෙන් මේ වගේ යානයක් ඩොලර් මිලියන 13ක් විතර වේවි. ඒ කියන්නේ රුපියල් මිලියන 2600කට වැඩි ගානක්. කෝටි දෙසිය ගානක්.

ජෙට් එක දුන් ව්‍යාපාරික හිතවතා එළියට

මහින්දගේ තිරුපති ගමන රාජපක්ෂ පාලනයේ සළුපිළි ඉරා දමමින් බරපතළ සංවාදයක් බවට පත් වෙද්දී එහි කූඨප්‍රාප්තිය සටහන් කරන සුවිශේෂ හෙළිදරව්ව කිරීමට පසුගිය 29 වැනිදා මව්රට සමත් වුණේය. ඒ මහින්දට තිරුපති යන්න ජෙට් යානය දුන් ව්‍යාපාරික හිතවතා ගැන හෙළිදරව්වක් කරමිනි.

මව්රට විශේෂ හෙළිදරව් මෙසේ කළේය. ‘අගමැති මහින්ද රාජපක්ෂ මහතා හට තිරුපති බලා පිටත්ව යාම සඳහා සිය පෞද්ගලික ජෙට් යානයක් ලබාදී වේලුපිල්ලේ කනනාදන් විසින් බව මේ වනවිට අනාවරණය වී ඇත. කනනාදන් මහතා ඉකුත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී උගන්ඩාවේ තානාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර ‌වත්මන් රජය යටතේ කෙන්යාවේ තානාපතිවරයා ලෙස කටයුතු කරයි. හෙතෙම රාජපක්ෂ පවුලේ හිතවතකු ලෙස සැලකෙන කනනාදන් මහතා විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් සමග හිතවත්කම් පවත්වාගෙන යන්නකු ලෙස සැලකේ. පහත දැක්වෙන ඡායාරූප දෙස බැලීමේදී ඒ බව මනාව තහවුරු වනු ඇත. කෙසේ වෙතත් මෙම ව්‍යාපාරිකයා පිළිබඳ පළමුවරට රටට අනාවරණය කළේ පුබුදු ජයගොඩ මහතා විසිනි.’

මේ අතර පුබුදු ජයගොඩ දැල්වූ ගින්නෙන් සුරුට්ටු පත්තු කර ගනිමින් සමගි ජන බලවේගයද පසුගිය දින කිහිපය පුරා මහින්දගේ තිරුපති ගමන සහ ඊට යොදා ගත් ජෙට් යානය ගැන තව තවත් කරුණු හෙළිකළේය.

මොකක්ද මේ සම්බන්ධය?

ඒ අනුව මේ කනනාදන් නමැති පුද්ගලයා සහ රාජපක්ෂ පවුල අතර ඇති සම්බන්ධතාව කුමක්ද යන්න පිළිබඳ තවමත් ඇත්තේ පිළිතුරක් නොමැති හිස් බවකි. මන්ද එය දන්නේ කනනාදනුත් රාජපක්ෂවරුනුත් පමණක්ම වන බැවිනි.

චින්තක බණ්ඩාර කරල්ලියැද්ද

SendShareShare
Previous Post

හංගලා තිබ්බ බ්‍රෑන්ඩ්නිව් වාහන 800ක් හෙට අනිද්දා මාකට් එකට!

Next Post

1956 ඉඳන් ශ්‍රීලනිපයත් එක්ක ගිය හැම පක්ෂයක්ම විනාශ වුණා! පොහොට්ටුවත් විනාශ වෙන්න කලින් තීන්දුවක් ගන්න! ආණ්ඩුවේ පසුපෙළ ‌ශ්‍රීලනිපය පන්නන්න කියයි!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.