ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අලුත් අවුරුද්දට වැඩ ආරම්භ කිරීම අද දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සිදු කෙරිණ.
මෙහිදී දැකගැනීමට ලැබුණු විශේෂම සිදුවීම වූයේ දැනට ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දී ඇති ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා එම අවස්ථාවට එක්ව නොසිටීමය.
නව ජනාධිපති ලේකම්වරයා ලෙස වැඩ බාර ගනු ඇති බව කියවෙන ගාමිණී සෙනරත් මහතා ඊට එක්ව සිටීමද විශේෂ සිදුවීමක් විය.
ජයසුන්දර මහතා ජනවාරී 31 වන දාතම යොදා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කොට තිබිණ.










