• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

දෙවියන්ගේ කඳුළින් හැදුණු සුද්දන්ගේ කරණම් ඉසව්ව

November 19, 2019
in Holiday
Reading Time: 2 mins read
A A
දෙවියන්ගේ කඳුළින් හැදුණු සුද්දන්ගේ කරණම් ඉසව්ව
Share on WhatsAppShare on Facebook

වෙනදා මෙන් නොව දියලුම හරිම සන්සුන්ය. පූනාගල කඳු අතරින් බිහිවී බාධක පසුකරමින් සැතපුම් ගණනාවක් දුර ගෙවා කොස්ලන්ද සානුවෙන් පූනාගල ඔය යෞවනත්වය උදාකරගන්නීය. සානුවේදී මීටර 171ක උසකින් ඇදවැටී සුන්දරත්වය මවනුයේ සිරිලක උසින් තෙවැනි තැන ගන්නා දියලුම දියඇල්ල නිර්මාණය කරමිනි. කොළඹ රත්නපුර බළංගොඩ හරහා හපුතලේට ගමන් කිරීමේදී හමුවන බෙරගල හංදියෙන් හැරී වැල්ලවාය බෙරගල සුප්‍රසිද්ධ ්4 මාර්ගයේ කොස්ලන්ද පසුකර කිලෝමීටර 6ක පමණ දුරකින් දියලුම දියඇල්ල දැකගත හැකිය.
වැල්ලවායේ සිට නම් දියලුමට කිලෝමීටර 13ක දුරකි. දුම්රියේ පැමිණෙන සංචාරකයකුට හපුතලේට පැමිණ බෙරගලින් වැල්ලවාය මාර්ගයේ පැමිණ දියඇල්ලට ළඟාවිය හැකිය.

බඹරකන්ද දියඇල්ල, කිරිඳි ඔය දියඇල්ලට පසු උස්ම බෑවුමකින් ඇදවැටෙන ජලදහර දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක්වන්නේ මෑත කාලයේදීය. ඒ ඇල්ලට ඉහළ උඩ දියලුම කලාපයේ අතිශය සෞන්දර්යාත්මක පාරිසරික පද්ධතිය හේතුවෙනි.
දියලුම ඓතිහාසික පසුබිම සැලකීමේදී ජනප්‍රවාදයේ එන පරසිදු කතාවක් වේ. ඒ අනුව අතීතයේ පහතරට රජ කුමාරයකු තමාට වඩා කුලහීන තරුණියක් සමඟ පරම්පරාවේ දැඩි අකැමැත්ත මත විවාහ විය. තමන්ගේ රටවැසියන්ගේ දෝෂදර්ශනයට ලක්වීම නිසා කාන්තාව සමඟ හොර රහසේම උඩරටට පලා යෑමට කුමාරයා තීරණය කරයි. ඒ යන අතර මඟ පූනාගල කඳුවැටිය හරහා තරණය කිරීමට අධික බෑවුමක් හමුවේ. කුමාරයා පළමුව බෑවුම ඉහළට නැඟ කාන්තාවට එතෙර වීමට දිගු වැල් පටක් එවයි. එහෙත් මඟකදී කාන්තාවට වැල්පට අතහැරී වැටී එතැනම දිවිතොර වේ. ශෝකය දරා ගත නොහැකිව කුමාරයාද එතැනින් පහළට පැන දිවි තොරකර ගනී. ආදරය වෙනුවෙන් කළ කැපකිරීම දුටු පූනාගලට අධිපති දෙවියකු ගඟක් උතුරා පිටාර ගලන්නා සේ හැඬූ බව කියැවේ. ගැලූ කඳුළුවලින් දියහැලුම නිර්මාණය වූ බවත්, දිය හැලුම දියලුම ලෙස පසුව ව්‍යවහාර වූ බවත් කියැවේ. කෙසේ නමුදු දැනටත් විරහව දරාගත නොහැක්කන් දියලුම ඉහළ සිට පැන දිවි හානිකර ගැනීම නම් අනුමත කළ නොහැක්කකි. වසරකට මෙලෙස නිකරුණේ සිදුවන ජීවිත හානිද සැලකිය යුතු අගයකි.

අන්තර්ජාතික සංචාරක සඟරාවල උඩ දියලුමට හිමිවනුයේ සුවිශේෂ වූ ස්ථානයකි. දියලුම ඉහළ කලාපයේ සෞම්‍ය කාලගුණික තත්ත්වයන්, සංචාරකයන් ඒ දෙසට ඈඳවා ගැනීමට මනා උත්ප්‍රේරකයක් වේ. ත්‍රාසජනක ජලක්‍රීඩා, කඳවුරු බැදීම්වලට උඩදියලුම පාරාදීසයකි. දේශීය සංචාරකයකු නම් එහි කඳවුරු බැඳීම නියත වශයෙන්ම කළයුත්තක් බව අපේ හැඟීමයි. සැණෙකින් වෙනස්වනසුලු කාලගුණික තත්ත්වයන් පවතින ප්‍රදේශයේ අවධානයෙන් කටයුතු කිරීමටද සංචාරකයා වගබලා ගත යුතුය. පූනාගල ඉහළ කලාපයේ වර්ෂාව සමඟ ක්ෂණිකව වෙනස්වන ඇල්ලේ ජලමට්ටම භයානක වේ.

උඩදියලුම ස්වභාවික තටාකවල ස්නානය ලංකාවේ වෙනත් කිසිදු තැනක ලබාගත නොහැකි අත්දැකීමක් ලබාදේ. පූනාගල ඔයේ ජලය අඩු සාමාන්‍ය කාලගුණයක් යටතේ සංචාරයේ උපරිම වින්දනය ලබාගත හැකිය. කෙසේ නමුත් තමාගේ ප්‍රවේශම තමාම සලසා ගැනීම වඩාත් යහපත්ය. උඩ දියලුම උඩඇල්ල විදෙස් සංචාරකයන් ත්‍රාසජනක ජල කරණම් සඳහා යොදාගනියි. ඒ සඳහාම පමණක් දියලුමට පැමිණෙන්නන් බොහෝය.
මාගේ මිත්‍ර ළහිරුත්, ඔහුගේ හිතවත් යහළුවන් පිරිසක් සමඟ බදුල්ල රාත්‍රි තැපැල් දුම්රියෙන් හපුතලේ වෙත ගියෙමු. හපුතලෙන් උදෑසන 6ට පමණ බෙරගලට ළඟාවීමට අප කණ්ඩායම සමත්විය. උදෑසන හපුතලේ සිට බෙරගල දක්වා ගමනේදී හාත්පස විචිත්‍රවත් දර්ශනය සමඟ ආරම්භ වූ හිරු උදාව මනස්කාන්තය. බෙරගලින් නැවත වැල්ලවාය බසයෙන් කොස්ලන්ද පසුකර දියලුම පෙනෙන මානයෙන් අප පූනාගල කඳුමුදුන් වෙත යන මාර්ගයට පිවිස හෝරාවක පමණ අමතක නොවන පාගමනකින් අනතුරුව උඩදියලුමට පිවිසුණෙමු.

ඉතා හිතකර සෞම්‍ය කාලගුණික තත්ත්වයක් මැද ළහිරු, කසුන්, මධූ, ශානිකා ඇතුළු අප පිරිස දවස උපරිම සතුටින් ගෙවා දැමුවෙමු. වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ හාත්පස දර්ශනය විචිත්‍රවත් විය. ඒ අත්දැකීම උඩදියලුමට ගොස්ම විඳගත යුතුය. ඡායාරූප, වීඩියෝ ගත කිරීම් පාසටහන්වලට පමණක් දියලුම මතකයන් සීමා කරගැනීමට අප සියල්ලෝම වගබලා ගත්තෙමු. පොලිතින්, ප්ලාස්ටික් අපහරණයෙන් වැළකීම මෙන්ම මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතාවෙන් තොරව සංචාරය කිරීම පරිසරයට ආදරය කරන සැමගේ යුතුකමක් ලෙස සලකන්න.

අකිල දහනායක

SendShareShare
Previous Post

ආණ්ඩුව විසුරුවන්න ශ්‍රීලනිපයේ සහාය නෑ

Next Post

ජනප්‍රිය කිරුළ දිනූ Back to Back

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.