පවතින ආණ්ඩුව විසුරුවා හැරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබා නොදීමට එම පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.
අද (18) දිනයේ පැවැති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් එහිදී මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇත.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබන මාර්තු මස දක්වා ආණ්ඩුව පවත්වාගෙන යා යුතු අතර යම් හෙයකින් ආණ්ඩුව විසුරුවා හැරීමට අවශ්‍ය නම් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් යෝජනාවක් සම්මත කර ගැනීම හරහා සිදු කළ යුතුය.
එක්සත් ජාතික පක්ෂය ඒ සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දැනටමත් එකගතාව පළ කොට තිබේ.
නමුත් ශ්‍රීලනිපය ඊට සහාය ලබා නොදීමට අද දිනයේදී තීන්දු කර තිබීම විශේෂ සිදුවීමකි.










