• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශපාලකයන් කියන්නේ මංකොල්ලකාරයෝ! නිළියො කියන්නේ එයාලට බඩුවක්!

December 27, 2021
in Exclusive, Heart
Reading Time: 9 mins read
A A
දේශපාලකයන් කියන්නේ මංකොල්ලකාරයෝ! නිළියො කියන්නේ එයාලට බඩුවක්!
Share on WhatsAppShare on Facebook

කවුද කියන්නේ මම ගාමිණි ෆොන්සේකා වගේ කියලා…
මට නම් එහෙම ආසවක් කවදාවත් තිබුණේ නෑ…
ටෙලි විනාශ කළේ ලෝ බජට් ඇවිල්ලා…
චතුරිකයි මමයි අලුත් වැඩකට අතගහන්න යන්නේ…

අසීමිතව ජනප්‍රියත්වයට පත්ව ඇති ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලි කතාවේ ‘වසන්ත’ හෙවත් ‘ලොකු අයියාගේ’ චරිතය ළඟ මොහොතකට නතර වෙන්නටයි මේ ආරාධනය ගෙන එන්නේ..,
සමහරු කියන්නේ ගයාන් වික්‍රමතිලක ‘ලොකු අයියා’ට රඟන්නේ දෙමළ නළුවකුගේ සැම්පලයට කියාය. තවත් සමහරු කියන්නේ… ගයාන් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ ‘චණ්ඩියා’ චරිත නිරූපණය ටිකක් කොපි කරනවාය කියලාය.., අන්න ඒ කතාව නම් ටිකක් විතර ඇත්තක් යැයි සිතට දැනෙන්නේය..,

එයට හේතුව..,
බොක්ස් ඔෆීස් වාර්තා පිහිටු වූ සේන සමරසිංහගේ ‘චංචල රේඛා’ චිත්‍රපටය ටෙලියට තැනෙන විට ගාමිණීගේ චරිතය බාර දුන්නේ ගයාන් වික්‍රමතිලකටය. ඇත්තටම ගයාන් ‘ලොකු අයියා’ට අඳින්නේ ගාමිණීගේ ‘ඇක්ටින් අනුවද…’ එයට ’ඔව්’ යැයි එකවර නොකිව්වද.., ‘ලොකු අයියා’ගේ චරිතය ගයාන් හරි අපූරුවට කරන්නේය.., පෞරුෂයෙන් පිරුණු ‘ලොකු අයියාගේ රස්තියාදුකාර චරිතය’ ගැනත් අලුතින් අතගසන්නට යන සුබ කටයුත්තක් ගැන විවෘතව කතාබහ කරන්නටත්, ගයාන්ව මුණගැසෙන්නට ‘මව්රට’ ගිය ගමනක හදවතින්ම ලියැවුණු තොරතුරු මෙලෙස සනිටුහන් කරන්නෙමු.

ඉතින් කොහොමද ගයාන්, කොතැනින්ද කතාබහට ආරම්භය ගන්නේ..?
මම සුවෙන් ඉන්නවා. හැබැයි බොහොම කාර්යබහුල සීමාවකයි ඉන්නේ. අන්න ඒ ආරම්භය හොඳයි අපේ කතාවට.

එහෙම නම් කියන්න ඔබේ අවිවේකී කාලවකවානුවට හේතුව කුමක්ද?
‘කියාදෙන්න ආදෙර් තරම්’ රූගත කිරීම් අවසාන වෙමින් යනවා. තව අලුත් ටෙලියක වැඩ ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අතර මගේ දෝණි ආරාධ්‍යා වෙනුවෙන් කාලය හුඟක් වැය කරනවා. ඇත්තටම මමයි, චතුරිකයි දූ පැටියව තනි නොකරන්න නිතර වගබලා ගන්නවා. චතුරිකාගේ අම්මත් බබාගේ වැඩකටයුතුවලදී අපට ලොකු සහයෝගයක් දෙනවා.
හැමදේම ඒ විදියට කාලය සමග ගලා යන අතරතුර මමයි, චතුරිකයි අලුත් වැඩකට අත ගහන සූදානමක මේ දවස්වල කල්යල් බලනවා.

ඒ කල්යල් බලන අලුත් වැඩේ දැන්මම කියන්න කැමැති නැද්ද..?
මහ ලොකු රහසක් නෙවෙයි. චතුරිකා ලියන තිරනාටකයන් මගේ අධ්‍යක්‍ෂණයක් විදියට කලඑළි බහින්නයි ලකලැහැස්ති වෙන්නේ.

ඒක අපූරු ආරංචියක්, චතුරිකා තිර රචනයට යොමු වෙලා… ඔබ එය නිර්මාණය කරන්නට සූදානම් වෙනවා…?
ඔව්… ඇත්තටම එය අපූරු වැඩක් වේවි… මොකද බොහෝ කල් සිට මෙවැන්නක් සඳහා මමත්, ඇයත් පෙරුම්පුරා බලා සිටියා කිව්වොත් අවංකවම එයයි ඇත්ත කතාව.

ඒ පෙරුම් පිරිල්ලට විශේෂ හේතුවක් තිබුණද ගයාන්..?
අනිවාර්යයෙන්ම එයට සුවිශේෂී හේතුවක් තියෙනවා. මෙතෙක් කල් සිදුවුණේ මගේ නිර්මාණකරණය වෙනුවෙන් චතුරිකා නිෂ්පාදනයෙන් දායක වීමයි. මෙහිදී සිද්ධ වෙන්න යන්නෙ ඇගේ තිරනාටකයක් මගේ නිර්මාණකරණයෙන් අලංකාර වීමයි.

ටෙලියක් හෝ චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරන විට, ‘තිරනාටකය’ එම අධ්‍යක්‍ෂවරයාගේ කැමැත්තට අනුව… අධ්‍යක්‍ෂවරයාගේ නිර්මාණශීලීත්වයට ගෝචර වන විදියට සැකැසිය යුතුයි. එවිට ගුණාත්මක නිර්මාණයකට අවශ්‍ය පසුබිම සාර්ථකව ඉබේම මතුව එනවා.

චතුරිකා ඇගේ තිරනාටකය නිර්මාණය කළේ මා සමගද කතාබහ කරන ගමන්මයි. මගේ සිතුම්-පැතුම් සහ මගේ නිර්මාණශීලී රටාවට අනුව මාව තේරුම් ගෙන ඉතාම අපූරු කතාවකට අවශ්‍ය බීජයක් ඈ විසින් මට තිළිණ කළා. දැන් මට පුළුවනි ඒ බීජය තුළින් හොඳ කලාත්මක අස්වැන්නක ඵල නෙළන්න.

එහි අදහස ඔබ මීට පළමුව නිර්මාණය කළ ‘සහේලි’ සහ ‘ආත්මා’ හරහා ඔබට අවැසි සොඳුරු අස්වැන්න ලැබුණේ නැහැ කියලද?
සත්තකින්ම ඔව්… නිර්මාණකරණය හරහා මම කියන්නට හදන කතාවට අවැසි අලංකෘත අඩුවැඩිය තිර පිටපතෙහි තිබුණේ නැති වුණාම සොඳුරු නිර්මාණයක් කරන්නට බැහැ.
බොහෝ විට සමහර තැනක ලියැවුණේ අධ්‍යක්‍ෂණය සඳහා මම බලාපොරොත්තු වූ වස්තු බීජය නෙවෙයි… ඇත්තටම එය හිතට පීඩාවක් ගෙන එන කාරණයක්.

චතුරිකාගේ තිරනාටකය තුළ ඔබ සෙව් ඒ ගැම්ම ලැබුණාද?
ඔව් ඉතින්… අපි දෙන්නා ඒ ගැන කතාබහ කළා, අදහස් හුවමාරුවක යෙදුණා. වෙනදාට චතුරිකාගේ නිෂ්පාදනය සඳහා මම කරන නිර්මාණකරණයට ලැබෙන්නේ අපි දෙදෙනාටම ආගන්තුක වූ පිටපතක්.

මෙතැනදී ඒ ආගන්තුක බව ඇයටවත්, මටවත් දැනුණේ නැහැ. මේ සිදුවීම බොහොම හොඳයි නේද… මේ විදියට මෙතැන සීන් එක අවසාන වුණොත් හොඳයි නේදැයි කියන අදහස් වීමසීම සහ මනාපය, අමනාපය තුළ නිර්මාණයට අවශ්‍ය තිරනාටකය ලියැවුණා. ඔබගේ වචනවලින්ම කියනවා නම් මා සොයමින් හිටපු ගැම්ම මට ලැබුණා.

ඔය තරමට ඔබ තෘප්තියට පත් ඒ කතා පුවත ගැන යමක් කියනව නම්..?
ඒක පවුලක් වටා ගෙතුණු සුන්දර කතාවක්. දැනට ඒ ටික ඇති… රහස්‍ය බව සහ කුතුහලය තුළ ප්‍රේක්‍ෂකයා එය පිළිගන්නා තුරු බලා ඉන්න මම ආසයි.

ඔබ සහ චතුරිකා එහි චරිත නිරූපණයෙහි යෙදෙනවාද..?
චතුරිකා කොටස් කිහිපයක පමණක් රඟපානවා. ඇය මටද එහි චරිතයක් වෙන්කොට තිබෙනවා. නමුත් ‘අධ්‍යක්‍ෂණය කරමින් රඟපෑම’ මා තුළ එතරම් මනාපයක් ඇති කරන්නේ නැහැ. චතුරිකාගේ සුහද බලකිරීමත් ඈ මා වෙනුවෙන් නිර්මාණය කර තිබෙන චරිතයෙහි තිබෙන සිත්කලු බවත් නිසා ඇතැම් විට මම එය බාර ගැනීමට පුළුවනි. හැබැයි වැඩි බර තියෙන්නේ චතුරිකාගේ සුහද ආරාධනය මා ප්‍රතික්‍ෂේප කරන පැත්තටයි.

තමාව සහ අනෙකුත් රංගනවේදීන්ව හසුරුවමින් සාර්ථක අධ්‍යක්‍ෂණයක නියැළෙන නිර්මාණකරුවන් ඕනෑ තරම් ඉන්නවා ගයාන්..?
සහතික වශයෙන්ම එය සියයට සියයක් හරි. නමුත් ‘ගයාන් වික්‍රමතිලක’ එවැනි මෙහෙවරක් තුළ සාර්ථක නොවේය යන මතයක් මගේ යටි හිත තුළ තියෙනවා. අන්න ඒ හැඟීමට මම ටිකක් චකිතවත්වයි ඉන්නේ.

හොඳයි… මඳකට අපි යමු ගයාන් ‘ලොකු අයියා’ කියන චණ්ඩියා ළඟට..?
හරිම සතුටින් කළ මම ප්‍රිය කරන වෙනස්ම චරිතයක්. පෙම්වතියන් නැති ආදර දෙබස්වලින් මඟහැරුණු ඒ රස්තියාදු චරිතයට මම මනාපයි.

ඔබ ‘ලොකු අයියා’ට ඇන්දේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ නිරූපණය හිත යට තියාගෙනද?
අපොයි නැහැ… හීනකින්වත් මම එහෙම දෙයක් හිතාගෙන හිටියේ නැහැ.

සරම කොනකින් උස්සගෙන ෂෝට් එක පේන විදියට ඔබ ‘ලොකු අයියාව’ මවද්දී ප්‍රේක්‍ෂකයෝ එහෙම කියනවලු..?
ඇහුවෙත් අදයි… ඔබ මේ කියන තුරු මම එහෙම දෙයක් දන්නෙවත් නැහැ.

ෂෝට් එක කොටට ඇඳලා සරම කොනකින් උස්සගෙන එන ස්වරූපය ‘ලොකු අයියා’ගේ චරිතයට දෙන්නයැයි අදහස දැම්මේ ඔබ..?
එහෙමම කිව්වේ නැහැ… ‘කියා දෙන්න ආදරේ තරම්’හි ‘ලොකු අයියා’ගේ චරිතය මට ලැබෙන කොට මම නිර්මාණකරුට කිව්වා… ෂර්ට් එකටයි, කලිසමටයි වඩා සරම ඇඳලා ඊට යටින් ෂෝට් එක පෙනෙන විදියට මේ චරිතය හදමුද කියලා. ඔහුත් එයට කැමැති වුණා. මම දුන්නේ චණ්ඩි පාට් දාන මිනිස්සු නිතර අඳින ඇඳුමක ස්වරූපයක්. එතැන සිදුවූයේ අදහසක් ප්‍රකාශ කිරීමක් මිසක මම ‘චණ්ඩියා’ හී ගාමිණී ෆොන්සේකාට අඳින කලාව නෙවෙයි.

‘චංචල රේඛා’ චිත්‍රපටය ටෙලියට ගෙනෙන කොට සිනමා සක්විතිගේ චරිතය ලැබුණේ ඔබට..?
ඔව්… ‘දං චූටි’ ලෙස රඟපෑ ඩිනක්ෂිගේ සහෝදරයට මාව එදා තෝරා ගැනුණා. අතිශ්‍ය ජනාදරයට පත් සේන සමරසිංහයන්ගේ ‘චංචල රේඛා’ ටෙලියට නඟන විට එලෙස මාව තෝරා ගැනීම මට සතුටක් වුණා.

එදා ප්‍රේක්‍ෂකයෝ ඔබ තුළින් සිනමා සක්විතිව දකින්න උත්සාහ කළා..?
ඔව්… මට කනින් කොනින් එහෙම දෙයක් ඇහුණා මතකයි.

එය ඔබට ගෞරවයක්, අභිමානයක් වුණා..?
මම ගාමිණී ෆොන්සේකාට අතිශයින්ම ගරු කරනවා. නමුත් ගාමිණී ෆොන්සේකා වගේ යැයි කියා කිසිවෙකුගෙන් අසා ගැනීමේ හෝ ඔහුව අනුකරණය කිරීමේ ආශාවක් මට කවදාවකවත් තිබුණේ නැහැ. මට හැමදාමත් ඕනෑ වුණේ ‘ගයාන් වික්‍රමතිලක’ ලෙස ප්‍රේක්‍ෂකයන් අතර යමක් කොට පෙන්වීමටයි.

චතුරිකා පුවත්පතකට කියා තිබුණා චරිත තෝරා ගැනීමට පෙරට වැඩිය දැන් පරෙස්සම් වෙනවා කියලා. ඔබත් එහෙමද ගයාන්..?
ඔව්… හොඳ යමක් කළ හැකි, මතක හිටින යමක් කළ හැකි චරිත ගැන මම දැන් නිතර උනන්දු වෙනවා.

‘අඩු බජට් ක්‍රමයට’ යන ටෙලි කලාව ගැන ඔබේ අදහස..?
ටෙලිනාට්‍ය කලාවේ විනාශය ගෙන ආ ආරම්භය එයයි. අඩු බජට් ක්‍රමය නිසා කලාකරුවන්ගේ අනන්‍යතාවය විනාශ වෙලා. අනාගත ටෙලි කලාව ගැන හිතට දැනෙන්නේ දුකක්.
මම මගේ දූ ගැන මෙතැනදී කතා කරනවා නම්, මම හිතන විදියට ඈ කවදාකවත් ශ්‍රී ලාංකේය කලාව තුළ රංගනයට ප්‍රවිෂ්ට විය යුතු නැහැ. එහෙම වෙනවා නම් ඒ ඇයට හිමි තැන, ගෞරවය සහ වටිනාකම නිසි ලෙස ලැබෙනවා නම් පමණයි.

තවත් වැදගත්ම කාරණයක් මෙතැනදී කිව යුතුමයි. කලාකරුවකු ලෙස කිසිවෙකු රංගනයට එක්වන්නේ නම් ඔහුට හෝ ඇයට වෘත්තීය වශයෙන් වෙනත් ආදායමක් තිබිය යුතුමයි.
ඒ වගේම කලාකරුවනට ආදරය කරන පිරිසක් වාගෙම කලාකරුවන්ව හෑල්ලු කරන පිරිස්ද අපේ රටේ ඉන්නවා. සරල බසින් කියනවා නම් නිළියන්ව ඔවුන් හඳුන්වන්නේ ‘බඩුවක්’ ගානටයි. සෑම පිරිමියෙකු සමගම ඔවුන් යන්න සූදානම් පිට ඉන්න බවයි ඒ මිනිසුන් කියන්නෙ.

ඉන්දියාව වාගේ රටක කලාකරුවනට ලැබෙන තැන, ගෞරවය ශ්‍රී ලාංකේය කලාකරුවනට ලැබෙන්නේ නැහැ. යම් රටක කලාවට සහ සංස්කෘතියට නිසි ගෞරවය ලැබෙන්නේ නැත්නම් එය පිරිහී යෑම වළක්වන්න බැහැ.

ඔබ බොහොම ලොකු කලකිරීමක සිටින හැඩයි..?
නැහැ… මම බොහෝ දේ තේරුම් අරන් ඉන්නේ. මේ රට පාලනය කළ කිසිම දේශපාලන පක්‍ෂයකට බැරි වුණා, ප්‍රේක්‍ෂකයන් තුළ කලාකරුවනට ගෞරවයක්, කීර්තියක් අරන් දෙන්න. ‘කලාකරුවන් දේශයකට නැතුවම බැරි පිරිසක්’ කියන හැඟීම ප්‍රේක්‍ෂක සිත් තුළ ඇති කරන්නට දේශපාලකයන් කවදාවත් උනන්දු වුණේ නැහැ. ඔවුන් කළේ කුමක්ද… ඔවුන්ගේ ආසනයට යන පාර හදා ගන්න කලාකරුවන්ව අලෙවිය සඳහා ගත්තා.

ඔබත් එහෙම අලෙවි වුණා නේද ගයාන්…?
අලෙවි වන්නට පළමුව මම සියල්ල තේරුම් අරන් සැණෙකින් අයින් වුණා.

ඔබ දේශපාලනයට ගියේ කලාකරුවාට දේශය තුළ වටිනාකමක් අරන් දෙන්නද?
කලාකරුවනට විතරක් නෙවෙයි… ‘වටිනාකම’ ලැබිය යුතු සෑම කෙනෙකු වෙනුවෙන්මයි මම ගියේ.

දේශපාලනයට පැමිණි කිසිම කලාකරුවකු ‘කලාව’ කියන විෂයට අගයක් දුන්නේ නැහැ ගයාන්..?
කලාකරුවනට ඒ කිසිවක් කරන්නට දේශපාලකයන් කියන මංකොල්ලකරුවන් ඉඩ දුන්නේ නැහැ කිව්වොත් ඒක තමා ඔය ප්‍රශ්නයට හරියටම හරියන උත්තරය.

ඔබ දේශපාලනයට ගිය එකට චතුරිකා තදින් විරුද්ධ වූයේ විශේෂ හේතුවක් ඇතිවද..?
එකම එක හේතුවයි එයට තිබුණේ. ඒ මට එය කොහොමවත් නොගැළපෙන බව ඇය දන්නා නිසයි.
දේශපාලනය මඩ ගොහොරුවක් කියා කිසිවෙකු කියනවා නම් හරියටම හරි යන හැඳින්වීම එය නෙවෙයි.., දේශපාලනය කියන්නේ අසූචි ගොඩක්… අන්න එයයි නියම කියමන.

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රටේ මර්මස්ථාන කඩන් වැටෙනවා! රාජ්‍ය තන්ත්‍රය බිඳ වැටෙනවා! මන්ත්‍රීවරුන් ගැන මහජන අප්‍රසාදය වැඩිවෙනවා! 2022 ගැන ‘වරහමිහිරාව’ ඇසුරෙන් කරන ජ්‍යොතිෂ විග්‍රහය!

Next Post

පී.බී. යන එක ස්ථිරයි! අගමැතිගේ ලේකම් ජනපති ගාවට! අනුර දිසානායක අගමැති ළඟට!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.