• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රඟපෑම වෙනුවෙන් වෙනස් වුණු නිළිය

November 17, 2019
in Heart
Reading Time: 1 min read
A A
රඟපෑම වෙනුවෙන් වෙනස් වුණු නිළිය
Share on WhatsAppShare on Facebook

ගමේකමට, අපේකමට පුංචි තිරය හැඩ කරන සුරූපී රංගන ශිල්පිනියක් වන දිලිනි ලක්මාලි රංගන ක්‍ෂේත්‍රයෙන් සමුගෙන යනවා කියලා අපට ආරංචි වුණා. මේ කතාවේ ඇත්ත සොයා ඔබට කියන්න අපි ඇයට කතා කළා.

දිලිනි ලක්මාලි රංගනයෙන් සමුගෙන යනවා කියලා අපට ආරංචියක් ආවා. ඇත්තද මේ කතාව?
මගේ වෘත්තිය රංගන ජීවිතයයි. දිලිනි ලක්මාලි බිහිවුණේ රංගනය හරහා. ඉතින් මට ආදරය කරන ප්‍රේක්‍ෂකයන්ව මම අතරමං කරන්නේ නැහැ. මටත් දුරකතන ඇමතුම් ආවා දිලිනි ඔයා රඟපෑමෙන් ඉවත් වෙලාද කියලා. මට හිතාගන්න බැහැ කවුරු මේ වගේ බොරු කටකතා පතුරුවනවද කියලා. එහෙමත් නැතිනම් මම නිතර දෙවේලේ දකින්න නැති නිසා එහෙම හිතුවද කියන්න මම දන්නෙනැහැ. ඒ කොහොම වුණත් මම මගේ රංගන වෘත්තියෙන් සමුගන්නේ නැහැ.
පසුගිය දවස්වල බයිසිකල් පදින්න පුරුදු වුණාලු නේද? අයෝමා වෙනුවෙන්?
අයෝමා චරිතය වෙනුවෙන් මම ගොඩාක් කැපවුණා. මට පුළුවන් උපරිම විදියට මම අයෝමා චරිතය නිරූපණය කළා. මම හිතනවා හේළංකඩ ටෙලිනාට්‍යයට මම සාධාරණයක් කරන්න ඇති කියලා ලැබුණු ප්‍රතිචාරත් එක්ක. දැන් ටෙලිනාට්‍ය විකාශය වෙලා ඉවරයි. තවමත් මඟතොටදී හමුවන අය අයෝමා විදියට තමයි මාව දකින්නේ.
අපි කාලයක් තිස්සේ ඔබව දකින්නේ එකම චරිතයකින්. සමහර විට අපට හිතෙනවා ඔබ කොටුකරගෙනද කියලා. ඒ ගැන කතා කළොත් දිලිනි?
ඇත්තටම මමත් අකැමැතියි චරිතවලට කොටුවෙන්න. තවම මට එයින් මිදෙන්න බැරි වුණා. රංගන ශිල්පිනියක් විදියට එය අපට වන අසාධාරණයක්. විවිධ චරිත කරන්න අපිත් කැමැතියි. ගැමි චරිත රඟපෑවට ඒ චරිතවල වෙනස් දෙයක් කරන්න තියෙනවා. නමුත් ප්‍රේක්‍ෂකයන් බලන්නේ අපි එකම රාමුවක රඟපානවා කියලා. සමහරවිට මගේ බාහිර ස්වරූපයත් මේ චරිතවල බලපාන්න ඇති. ඉදිරියේදීවත් මාව වෙනස් චරිතවලට තෝරා ගන්නවා නම් මම කැමැතියි. මම වෘත්තීය ශිල්පිනියක් නිසා චරිත තෝරා බේරාගෙන රඟපාන්නත් බැහැ.
අයෝමා චරිතයට වඩා මම හිතන විදියට රම්‍යලතාට ගොඩදෙනෙක් ආදරය කරන්න ඇති?
මම රඟපාන හැම චරිතයක්ම මට විශේෂයි. ගමේ කතාවලට කොටු වුණු එකයි ප්‍රශ්නය. රම්‍යලතා නිරූපණය කිරීමට මට සුමිත් රත්නායක අයියා තමයි ආරාධනා කළේ. ඒ ඔහුගේ “මද්දහන” ටෙලි නාට්‍යයට. මද්දහන ටෙලිනාට්‍ය පිටපත සුවිශේෂී පිටපතක් විදියට මම අගය කරනවා.
ඔබගේ බාහිර ස්වරූපය පවා වෙනස් කළේ ඉදිරියේදී විවිධ චරිත සඳහා පහසුවටද?
ගොඩාක් දුරට එහෙම හිතලා තමයි මම මගේ කොණ්ඩය පවා කැපුවේ. ගොඩදෙනෙක් මාව හඳුනන්නේ කොණ්ඬේ දිග නිළිය විදියටයි. කොණ්ඬේ දිග වැඩි නිසා සමහර චරිත කරන්න පවා අපහසුතාවක් තිබුණා. ඒත් දැන් මට කිසි අවුලක් නැහැ. විවිධ චරිත රඟපාන්න පුළුවන් විදියට මම මගේ කොණ්ඩය පවා වෙනස් කළා.
තවම අපට දිලිනිව සිනමා නිර්මාණයකින් දැකගන්න ලැබුණේ නැහැ. මොකද සිනමාවට කැමැති නැද්ද?
සිනමාවට කවුද අකැමැති. එය මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ හැම ශිල්පියෙක්ගේ එකම සිහිනයක්. මගෙත් ඒ කාලේ ඉඳල ලොකු ආසාවක් තිබුණා. චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න. හොඳ ආර්ට් ෆිල්ම් එකකට සම්බන්ධ වෙන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.
ඔබ කලින් පැවසූ ආකාරය මේ ක්‍ෂේත්‍රයේ වෘත්තීය රංගන ශිල්පිනියක් විදියට කටයුතු කරන එක අපහසුයි කියලා හිතෙන්නෙ නැද්ද?
ගොඩාක් දෙනෙක් විවිධ මාර්ග තෝරාගෙන තියෙනවා රංගනය වෘත්තියක් විදියට කරන්න අපහසු නිසා. අවුරුදු 11ක් තිස්සේ ඉඳලම මම වෘත්තියක් විදියට මේ ක්‍ෂේත්‍රයේ රැඳිලා ඉන්නවා. බලමු ඉදිරියේදී සමහරවිට වෙනසක් වෙන්නත් පුළුවන්.
පෞද්ගලික ජීවිතය පැත්තෙන් කතා කළොත්?
ඉදිරි සැලසුම් ලොකුවට නැහැ. තවම විවාහය ගැනවත් මම හිතලා නැහැ. ජීවිතයේ පැවැත්මේදී විවිධ පාඩම් ඉගෙනගනිමින්, අභියෝගවලට මුහුණ දෙමින් ජීවිතය ජයගත්තා කියල තමයි හිතන්නේ. හැම දේම කාලයට භාර දීලා සතුටින් ජීවත් වෙන එක තමයි එකම සැලසුම.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

තුන් කුලුඳුලේ විවාහ රහස්

Next Post

ඉතිහාසයේ රහස් දන්න නිහඬ සාක්ෂිකරුවෝ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.