ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත නොවන බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂ සමග සන්ධානගතවීමකට සූදානමක් නැති බවත්, පුද්ගලයන් සමග පමණක් දේශපාලනය කරන බවත් හේරත් මහතා කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානගතවීමට සුදානම් බවට ඊයේ සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.










