ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ත්‍රිරෝද රථ ගාස්තු මෙන්ම බේකරි නිෂ්පාදන මිලගණන්ද ඉහළ දැමීමට තීරණය වී ඇත.
ඒ අනුව ත්‍රීරෝද රථවල පළමු කිලෝමීටරය සඳහා අය කරන ගාස්තුව රුපියල් 80 දක්වා ඉහළ දැමීමට ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය පියවර ගෙන තිබේ.
මෙතෙක් පළමු කිලෝමීටරය සඳහා අය කළ රුපියල් 50 ක ගාස්තුව රුපියල් 80 ක් දක්වා ඉහළ දැමූ බවත් අද දින දින සිට එම ගාස්තුව ක්‍රියාත්මක වන බවත් එම සංගමය පවසයි.
මේ අතර ඉන්ධන මිල ඇතුළු භාණ්ඩ මිල දිනෙන් දින ඉහළ යන ආකාරය ලෙස බැලීමේදී පාන් ඇතුළු බේකරි නිෂ්පාදනය මිල ස්ථිරව තබාගත නොහැකිවීම නිසා බේකරි හිමියන්ගේ නිෂ්පාදන වියදම අනුව අළෙවි කිරීමට සිදුවන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.









