• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ගෝඨාට දිනන්න සුළු ජාතික ජන්ද වැටෙන්නේ ‌මෙහෙමයි

November 12, 2019
in News, Politics
Reading Time: 1 min read
A A
ගෝඨාට දිනන්න සුළු ජාතික ජන්ද වැටෙන්නේ ‌මෙහෙමයි
Share on WhatsAppShare on Facebook

තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිතව ඇත්තේ මෙතෙක් මෙරට පැවැත්වෙන තීරණාත්මකම ජනාධිපතිවරණය යැයි කිවහොත් එහි වරදක් නැත. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර දැඩි තරගකාරීත්වයක් නිර්මාණය වී තිබීම හේතුවෙන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳ කිසිවකුට අනාවැකි කිව නොහැකි තත්ත්වයක් ඇති වී ඇත. මෙවර ජනාධිපතිවරණයේදී දකුණේ ඡන්ද පදනම බොහෝ දුරට ගෝඨාභය රාජපක්ෂ මහතාට වාසි සහගත ආකාරයෙන් හැසිරෙණු ඇති බව දේශපාලන නිරීක්ෂකයන්ගේ අදහස වී ඇත. නමුත් උතුරු නැඟෙනහිර ඇතුළු සුළු ජාතික ඡන්ද පදනම බොහෝ දුරට සජිත් ප්‍රේමදාස මහතාට වාසි සහගත වනු ඇති බව ඔවුන්ගේ අදහසය.

උතුරු නැඟෙනහිර ද්‍රවිඩ ජනතාවගේ ජන මතය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බව දැනටමත් ප්‍රකාශයට පත් කර තිබීම එයට හේතුවය. එමෙන්ම මුස්ලිම් ජනතාවගේ මතය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂය වන මුස්ලිම් කොංග්‍රසය මෙන්ම රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයාද සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බව දැනටමත් ප්‍රකාශයට පත් කර ඇත. ඊට අමතරව වතුකරයේ ජන මතය නියෝජනය කරන පලනි දිගම්බරම් මහතාගේ සහාය හිමි වන්නේද සජිත් ප්‍රේමදාස මහතාටය.
මේ ආකාරයෙන් බැලූ විට සුළු ජාතිකයන්ගේ වැඩි සහාය සජිත් ප්‍රේමදාස මහතාට හිමි වන බව පෙනී යන නමුත් සුළු ජාතීන් නියෝජනය කරන දේශපාලන නායකයන් රැසකගේ සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාටද හිමි වී තිබෙන පසුබිමක එය ලෙහෙසි පහසු කාරණයක් නොවන බවද විචාරකයන්ගේ මතය වී ඇත.
උතුරු පළාත තුළ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබා දෙන ප්‍රධාන බලවේගය වනුයේ ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රමුඛ ඊ. පී. ඩී. පී. සංවිධානයය. ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව හැසිරෙන ආකාරය පිළිබඳව දේවානන්දා මහතාගෙන් අප කළ විමසීමකදී ඒ මහතා ප්‍රකාශ කළේ මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවගේ සහාය නිසැකවම ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමි වන බවය. “මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට තමයි අපේ ජනතාව ඡන්දය භාවිත කරන්නේ. උදෙන්ම ඡන්දපොළට ගිහින් පොහොට්ටුව ඉදිරියේ ඡන්දය භාවිත කරන්න කියලා අපි ජනතාව දැනුවත් කරලයි තියෙන්නේ. උතුරු නැඟෙනහිර පමණක් නෙවෙයි. රටේ පදිංචි සියලුම දෙමළ ජාතිකයන්ගෙන් අපි ඒ ඉල්ලීම කරලා තියෙනවා. මඩකළපුව, ත්‍රිකුණාමලය, අම්පාර, මුලතිව්, මන්නාරම, වව්නියා කියන හැම දිස්ත්‍රික්කයකින්ම අති විශාල ඡන්ද ප්‍රමාණයක් මෙවර ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට හිමි වෙනවා කියන එක අපිට විශ්වාසයි.” යනුවෙන් ‘මව්රට’ට විශේෂ ප්‍රකාශයක් කරමින් ඩග්ලස් දේවානන්දා මහතා කියා සිටියේය. එලෙස අදහස් දැක්වූ දේවානන්දා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා උතුරේ සිදුකළ සංචාරයේදී දෙමළ ජනතාව දැඩි උනන්දුවකින් එම රැස්වීම් සඳහා සහභාගි වූ බවය. “මහින්ද රාජපක්ෂ මහත්තයයි, ගෝඨාභය රාජපක්ෂ මහත්තයි උතුරට ආව වෙලාවේ අපේ ජනතාව ලොකු සහයෝගයක් ලබා දුන්නා. මේ පාලනය වෙනස් කිරීමේ ලොකු උවමනාවක් ජනතාව තුළ තිබෙන බව අපිට පැහැදිලිව පෙනුණා. ඒ හින්දා කලින් පැවැති හැම ජනාධිපතිවරණයකටම වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතාට උතුරෙන් හිමි වන බව විශ්වාසයි.” ඊ.පී.ඩී.පී. නායකයා පැවසුවේ එසේය. ඒ අනුව පෙනී යන්නේ දේවානන්දා මහතාගේ බළකොටුව වන කයිට්ස් ආසනයෙන් පමණක් නොව සමස්ත උතුරු පළාතෙන්ම මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතාට වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමි වනු ඇති බවය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සති කිහිපය ගත කළේ නැඟෙනහිර පළාත තුළය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කර ගැනීම වෙනුවෙන් නැඟෙනහිර පළාත තුළ පැවැති රැස්වීම් මාලාව ඉතා සාර්ථක විය. ජනාධිපතිවරණයේදී නැඟෙනහිර පළාතේ ද්‍රවිඩ ජනතාව හැසිරෙන ආකාරය පිළිබඳව අදහස් දැක්වූ නැඟෙනහිර හිටපු මහඇමැති පිල්ලෙයාන් මහතාගේ නායකත්වයෙන් යුතු ටැමිල් මක්කල් විදුතලෙයි පුලිකල් පක්ෂයේ ලේකම් ප්‍රශන්තන් මහතා ප්‍රකාශ කර සිටියේ තම පක්ෂය හා සම්බන්ධ ලක්ෂයකට අධික ඡන්ද දායකයන්ගේ පූර්ණ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමි වන බවය.
“අපේ පක්ෂයේ ඡන්ද ලක්ෂයකට වැඩිය තියෙනවා. අපි විශේෂ කාරණා දෙකක් මත මේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දෙනවා. ලංකාවට හොඳ නායකයෙක් ඕනෑ. ඒ වගේම පිටරටවලට ඕන විදියට වැඩ කරන නායකයෙක්ගෙන් අපිට වැඩක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපිට ගැළපෙන විදියේ නායකයෙක් කියලා අපි හිතනවා. ඒ හින්දා අපේ පූර්ණ සහාය අපි එතුමාට ලබා දෙනවා. මේ ඡන්දෙදි නැඟෙනහිර පළාතෙන් කවුරුත් නොහිතන විදියේ ඡන්ද ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ලැබෙන බව අපි සහතික කරලා කියනවා.” ප්‍රශන්තන් අදහස් දැක්වූයේ එසේය.
පිල්ලෙයාන්ට අමතරව හිටපු අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ සහාය හිමිව ඇත්තේද ගෝඨාභය රාජපක්ෂ මහතාටය. එමෙන්ම නැඟෙනහිර පළාත තුළ මුස්ලිම් ජනතාව නියෝජනය කරන ප්‍රබලයකු වන ඒ. එල්. එම්. අතාවුල්ලා මහතාගේ සහාය හිමි වී ඇත්තේද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය. ඊට අමතරට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ සතාසිවම් වියලේන්ද්‍රන් මහතාගේ සහායද ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවීම හේතුවෙන් දෙමළ ජනතාවගේ ඡන්ද පදනමට දැඩි බලපෑමක් එල්ල වී ඇත. ඒ හේතුවෙන් මෙවර ජනාධිපතිවරණයේදී නැඟෙනහිර පළාත තුළද ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර දැඩි තරගකාරීත්වයක් නිර්මාණය වන ආකාරයක් දක්නට ඇත. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දැන ගැනීමට වියලේන්ද්‍රන් මහතා ඇමතීමට අප කටයුතු කළ නමුත් භාෂා ප්‍රශ්නය මත ඒ මහතාගේ අදහස දැන ගැනීමට අපට නොහැකි විය.
උතුරු නැඟෙනහිර තත්ත්වය එසේ වද්දී, ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට දැඩි බලපෑමක් එල්ල කරන අනෙක් ජන වර්ගය වනුයේ වතු කම්කරුවන්ය. පලනි දිගම්බරම් මහතාගේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට හිමි වුවද, කඳුකරයේ ප්‍රබල දේශපාලනඥයකු වන ආරුමුගම් තොන්ඩමන් මහතාගේ සහාය හිමිව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාටය. අප කළ විමසීමකදී තොන්ඩමන් මහතා පැවසූයේ ලක්ෂ දෙකකට අධික ඡන්ද ප්‍රමාණයක් වතුකරයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට තමන් දැනටමත් කටයුතු කර ඇති බවය. “අපේ කම්කරු කොංග්‍රසයට ලක්ෂ දෙකකට වැඩි ඡන්ද දායකයන් පිරිසක් ඉන්නවා. ඒ සියලුම ඡන්ද මෙවර හිමිවෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට තමයි. ගියවර පළාත් පාලන මැතිවරණයේදී ලක්ෂ දෙකහමාරකට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්න අපිට පුළුවන් වුණා. මෙවර ඒ ප්‍රමාණය ඊටත් වඩා වැඩියෙන් ලබා ගන්න පුළුවන් කියලා අපිට විශ්වාසයි. ඒ හින්දා වතුකරයේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ජයග්‍රහණය ගැන සැකයක් තියා ගන්න ඕනේ නැහැ කියලයි මම කියන්නේ.” ඒ තොන්ඩමන් මහතා දැක්වූ අදහස්ය.
මීට අමතරව සුළු ජාතීන් නියෝජනය කරන තවත් දේශපාලන පක්ෂ සහ නායකයන් රැසකගේ සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමි වී ඇත. එබැවින් ගියවර මෙන් මෙවරද සුළු ජාතීන්ගේ සහාය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පාර්ශ්වයට ලැබෙනු ඇතැයි පළවන මතය පිළිගත නොහැකි බව විචාරකයන්ගේ අදහසය. සිංහල ජනතාවගේ පමණක් නොව ශ්‍රී ලාංකේය සුළු ජාතීන්ගේ ඡන්දයද දෙපැත්තටම සම සමව බෙදී ඇති බවක් දක්නට ඇත. එබැවින් ලිපිය ආරම්භයේ ප්‍රකාශ කළ පරිදිම ලබන සතියේ පැවැත්වෙන්නේ මෙරට පැවැති තීරණාත්මකම සහ තරගකාරීම ජනාධිපතිවරණයය.

ප්‍රේමලාල් විජේරත්න – චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

මෛත්‍රීගේ ඩබල් ‌ගේම්

Next Post

රටම ගිනිගත්ත MCC ගිවිසුමේ ඇත්ත ‌මොකක්ද?

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

ප්‍රංශයේ පැරිස් නුවර පොලිසිය මගින් හිටපු LTTE සාමාජික කුට්ටි වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.Sri Lanka Latest News මැයි 30 වැනිදා...

Read more
1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.