රජයේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළට සහයෝගය ලබාදෙමින් ඉතා සහනදායී පොලි අනුපාත යටතේ ණය ක්‍රම රැසක් හඳුන්වාදෙයි.
2021 සැප්තැම්බර් 30න් අවසන් වූ වසංගතයෙන් බලපෑමට ලක්වූ මාස 21ක කාලය තුළ සම්පූර්ණ වත්කම් සහ ශුද්ධ ණය වර්ධනය පිළිවෙළින් රුපියල් බිලියන 706.5ක් සහ රුපියල් බිලියන 492.8ක් දක්වා ඉහළට.
මහජන බැංකුව 2021 සැප්තැම්බර් 30න් අවසන් වූ මාස 9ක කාලය සඳහා පිළිවෙළින් වත්කම් සහ තැන්පතු වර්ධනය රුපියල් බිලියන 349.7ක් සහ රුපියල් බිලියන 276.6ක් ලෙස වාර්තා කරන ලද අතර, එය එම කාලය තුළ 15.7%ක සහ 15.1%ක ඉහළ වර්ධන වාර්තාවකි.
ශුද්ධ ණය සහ භාණ්ඩාගාර සුරැකුම්පත් ආයෝජන වර්ධනය පිළිවෙළින් රුපියල් බිලියන 167.4ක් සහ රුපියල් බිලියන 191.4ක් විය. ස්වාධීන පදනමක් මත, 2021 සැප්තැම්බර් 30න් අවසන් වූ මාස 21ක කාලය තුළ සමස්ත බැංකු අංශයේ වත්කම් සහ ශුද්ධ ණය වර්ධනයෙන් ආසන්න වශයෙන් 20.0%ක් මහජන බැංකුව සතු වූ අතර, එය බැංකුව ජාතික ආර්ථිකයට සහ රජයට ලබාදුන් විශිෂ්ට දායකත්වය පිළිබිඹු කරයි. 2021 සැප්තැම්බර් 30 වැනිදා වන විට බැංකුවේ දළ ණයවලින් 50.0%කට ආසන්න ප්‍රමාණයක් රජයට සහ වෙනත් රාජ්‍ය ව්‍යවසායන්ට ලබාදී තිබිණි.
2021 සැප්තැම්බර් 30න් අවසන් වූ ඉහත ප්‍රකාශ කළ මාස 21ක කාලය තුළ සිය ගනුදෙනුකරුවන්ට සහාය වීමේ අරමුණ ඇතිව බැංකුව ණය සැලසුම් රැසක් හඳුන්වාදෙනු ලැබීය. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහාය ලබාදීම සඳහා රුපියල් බිලියන 60.0කට අධික ණය පහසුකම්, 9000කට අධික ගනුදෙනුකරුවන් පිරිසක් සඳහා රුපියල් බිලියන 160.1කට අධික නිවාස ණය, ආරක්ෂක අංශවල විශ්‍රාමික සහ ආබාධිත නිලධාරීන් වෙනුවෙන් රුපියල් බිලියන 6.0 අධික මුදලක් සහ විවිධ ක්ෂේත්රයන්හි කලාකරුවන් සඳහා රුපියල් මිලියන 560.0කට අධික ණය පහසුකම් ඒ අතර වේ.











