• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාවණ රජු සීතාව හංගපු මල්වත්ත…

December 4, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 1 min read
A A
රාවණ රජු සීතාව හංගපු මල්වත්ත…
Share on WhatsAppShare on Facebook

රාවණ මහ රජු ගැන කියද්දි රාමා සීතාද සිහියට නැගෙන්නේ නිතැතිනි. වසර දහස් ගණනකට ඈත ඉතිහාසයකට විහිදී ගිය මේ රාවණ රාම කතා පුවතේ විවිධාකාර ජනප්‍රවාදයන් තවමත් අපට ඇසෙන්නේය. ඒ කෙසේ නමුදු වර්තමානයේ විවිධ තාක්ෂණික ක්‍රමවේදයන්ගේ දියුණුවත් සමගින් නවීන යන්ත්‍ර සූත්‍ර නිපදවා විවිධ රට රාජ්‍යයන් සිය අභිමානය ලොවට කියාපාමින් තමන් තමයි ලොව දියුණුම ජාතිය, තම රට තමයි ලොව දියුණුම රට ආදී ලෙස යම් අභිමානයක් ගොඩනගාගනිමින් සිටිති. එහෙත් අද හපන්කම් කරන බටහිර ජාතීන් වනගතව සිටි යුගයක ගුවන් යානයකින් අහසින් යන්නට සමත්වූ එකම නායකයා එකම පාලකයා ලංකාවේ රාවණ මහ රජු බව අවිවාදයෙන් පිළිගත යුතු කාරණාවකි.

එකල වෙනත් කිසිදු පාලකයකු සතු නොවූ විස්මිත බල පරාක්‍රමයක් රාවණ රජු සතු වූ අතර හෙතෙම සිය හැකියාවෙන් ලෝකයම පාලනය කළේය. ලෝකය පමණක් නොව විශ්වයම පාලනය කළ හැකි සුවිශේෂ බලයක්ද රාවණ රජු සතුවූ බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි.

එවකට ලංකාවේ විසූ අතිශ්‍රේෂ්ඨ සහ දක්ෂතම මේ සුවිශේෂ පාලකයා ගැන ලෝකයම දැන සිටි බැවින් ඉන්දියාවේ රාම කුමරුගේ බිරිය වන සීතා දේවිය නොදැන සිටියා වන්නට බැරිය. සිය සැමියා වන රාම කුමරු මෙන්ම ලෝකයේ අන් රටවල පාලකයන්ද සෙස්සන්ද මහ පොළොව මතින් ගමන් කරද්දී අහසෙන් යන්නට හැකියාව තිබූ රාවණ ගැන සීතාගේ සිතේ සැඟවුණු කැමැත්තක් නොතිබුණා යැයි තර්ක කිරීම අනුවණකමකි. එමෙන්ම ලොව කිසිදු කෙනකුට නොදෙවැනි මේ රාජ්‍ය නායකයා සමග ගුවනින් ගමන් බිමන් යන්නට කාන්තාවක වශයෙන් සීතා කුමරියට කැමැත්තක් ආශාවක් ඇති නොවූවා නම් පුදුමය. එසේ බලන කල රාවණ රජු සීතා පැහැරගෙන ආවාද, නැතහොත් ඇය රාවණ රජු සමගින් සිය කැමැත්තෙන්ම ආවාද යන්න සිතා බැලිය යුතුය.

එසේ සිතාබැලීමට තවත් කාරණා රාශියක් සාධාරණ සාක්ෂි සාධක ලෙස ගැනිය හැකිය. එහිදී රාවණ රජු සීතාව පැහැරගෙන ආවා නම් ඇයට රාමව හමුවන අයුරින් තබන්නට තරම් අනුවණ වේද යන්නත්, එතරම් බලපරාක්‍රමයක් තිබූ රාවණ රජුට සීතාව සඟවා තැබීමට සුවිශේෂ තැනක් නිර්මාණය කළ නොහැකිද යන්නත් තේරුම්ගත යුතුය.
මේ ආදී බොහෝ මතවාද සංවාද ගොඩනැගෙන රාවණ සීතා ප්‍රශ්නයේදී තවත් සුවිශේෂ දෙයක් වෙයි. එනම් රාවණ රජු සීතාව කැඳවාගෙන විත් මුලින්ම නවත්වා ඇත්තේ ඉතා මනරම් මල්වලින් පිරුණු උයනකය. එම මල් උයන හග්ගල මල් වත්ත බවට ජනප්‍රවාද අතරේ අදටත් හඳුනාගත හැකිය.

වර්තමානයේ ලොව ජනයාගේ ආකර්ෂණය දිනාගන්නට සමත් හග්ගල මල් වත්ත සීතල නුවරඑළියේ මනරම් සිසිල් පරිසරයේ චමත්කාරය මැද පිහිටා තිබීම විශේෂත්වයකි. මේ වන විට මල් වර්ග අටසීයක පමණ විශාල එකතුවකින් සමන්විත හග්ගල 1861දී යුරෝපීයයන් විසින් උද්භිද උද්‍යානයක් ලෙස නම්කර තිබේ. එවකට අක්කර 500ක භූමි භාගයකින් සමන්විත හග්ගල අද වන විට ඉතිරිව ඇත්තේ අක්කර 68ක් තරම් අඩු ප්‍රමාණයක් බවද පැවැසේ.

දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන හග්ගල විවිධ යුගයන්හි විවිධාකාර විශේෂතා දක්වා තිබෙන අතර, යුරෝපීය පාලන සමයේදී ලොව පුරා පැතිරී ගිය මැලේරියා වසංගතයට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය සඳහා සිංකෝනා නමැති ශාකය වගාවටද හග්ගල භාවිත කර ඇත. පළමු සිංකෝනා ගසත්, පළමු තේ ගසත් ඇත්තේද හග්ගල මල් වත්තේ වීමද තවත් විශේෂත්වයකි.

කෙසේ නමුත් ඉතා රසවත් ජනප්‍රවාද රාශියකට නෑකම් කියන හග්ගල මල් වත්තට නම ලැබීම ගැනද නොයෙකුත් ජනප්‍රවාදයන්ගෙන් හෙළිවෙයි.

හග්ගල නමින් හඳුන්වන සුවිශේෂ පාෂාණයන්ගෙන් යුත් කන්ද ඇතකුගේ හක්කට සමාන බැවින් හක්ගල ලෙසින් නම් ලැබ ඇතැයිද පැවැසේ. එහෙත් රාවණ රජු සම්බන්ධ ජනප්‍රවාදයන්ට අනුව පෙර සඳහන් කළ ආකාරයට රාවණ රජු සීතා දේවිය කැඳවාගෙන විත් මුලින්ම මෙම හග්ගල ප්‍රදේශයේ නවාතැන් ලබාදී ඇත්තේ ඌව පරණගම ගල් ලෙනක් තුළ ඉදිකළ සුවිශේෂ මාලිගා පරිශ්‍රයකයි. එකල ඉන්දියාවේ කටුක පරිසරයත් මෙරට හග්ගල ප්‍රදේශයේ පැවැති සීතල පරිසරයත් වෙනස් හෙයින් ඇයට ඇස් රෝගයක් හටගෙන පෙනීම නැතිවී තිබේ. එකල අතිදක්ෂ අක්ෂි වෛද්‍යවරයකු වූ රාවණ රජු සීතාට ප්‍රතිකාර කිරීම සඳහාම හග්ගල ඔසු උයනකුත් කරවූ එයින් ලබාගත් ඔසු භාවිත කර සීතාගේ පෙනුම යළි ලබාදීමට කටයුතු කර තිබේ. එසේ ප්‍රතිකාර කරන කාලයේ රාවණ රජු ඇයට ආහාරයට ලබාදුන් විශේෂිත ඔසු ගුණ සහිත අග්ගලා විශේෂයක් සීතා ආහාරයට නොගෙන වීසිකර ඇති බවත්, එසේ වීසිකළ අග්ගලාවල ඔසු ගුණය නිසාම කල්යත්ම ඒවා පාෂාණ බවට පත්වූ බවත් පසු කලෙක අග්ගල හග්ගල වූ බවටත් විශ්වාසයක් වෙයි.

මෙම කරුණු සනාථ කරන තවත් සාධක රැසකි. ඒ අතරින් රාවණ රජු සීතාට පෙනුම ලබාදුන් තැන සීතා එළිය ලෙස අදටත් හැඳින්වේ. එමෙන්ම සීතා දේවිය වෙනුවෙන් ඉදිකළ ලෝකයේ එකම කෝවිල වන සීතා අම්මාන් කෝවිල පිහිටා ඇත්තේද නුවරඑළිය ප්‍රදේශයේමය.

මාස ගණනාවක් එම ප්‍රදේශයේ සිටි සීතා දේවිය ඒ අසල පිහිටි සීතා ඇල්ලට ගොස් තම සිත තුළ තිබූ ප්‍රාර්ථනාවන් සියල්ල සඵල වේවා යැයි සිතා ඇල්ලට මල් දැමූ බවත්, එසේ දැමූ මල් වෙනත් තැනකින් මතුවූ බවත් ජනප්‍රවාදයේ පැවසෙයි.

අදටත් ලොව පුරා ජනයා සිය ප්‍රාර්ථනා ඉටුවේවා යැයි සිතා රතු සහ සුදු මල් මෙම ඇල්ලට දමන බවත්, එවිට සුදු මල් මුලින්ම උඩට ආවොත් පැතුම් ඉටුවන බවත්, රතු මල් උඩට ආවොත් පැතුම් ඉටු නොවන බවත් හඳුනා ගනිති.

එවකට රාම සමග සීතාව සොයා පැමිණි හනුමාන්ගේ පා සටහන් අදටත් සීතා ඇල්ල ඉවුරෙහි ගල් තලා මත විවිධාකාරයෙන් දක්නට ලැබෙන බව ජනතා විශ්වාසයයි.

මෙවැනි සුවිශේෂ සාධක රැසකින් සමන්විත හග්ගල මල් වත්ත හා ඒ අවට පරිසරයත් අදට මෙන්ම හෙටටත් ලොව පුරා ජනතාව සතුටට විස්මයට පත්කරන බිම් තීරයක් වනවාට සැකයක් නැත. ඒ විශ්වයම සිය බල පරාක්‍රමයෙන් පාලනය කළ ශ්‍රේෂ්ඨ රජකු සිය ජීවිතයේ සුවිශේෂ කාරණා රාශියක් සිදුකරන්නට තරම් මෙම භූමියේ විශේෂත්වයක් තිබීම නිසාමය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

නමටත් බයවෙන කවුද මේ හෙනහුරා…

Next Post

මහජන බැංකුව මාස 9කින් රුපියල් බිලියන 350ක වර්ධනයක්…

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.