රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ණයවර ලිපි 64 ක් සිරවී ඇති හෙයින් ඉදිරියේදී රටේ ඖෂධ හිඟයක් ඇති විය හැකි බව සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
ගුවන්තොටුපොළ හරියාකාරව කළමනාකරණය කළහොත් ඔමික්‍රෝන් ප්‍රදේශයෙන් ගැලවිය හැකි බවද ඔහු සඳහන් කළේය.
මෙවැනි ප්‍රභේදයක් පැමිණියහොත් අප වැනි කුඩා දිවයිනකට ඔරොත්තු නොදෙන බව පැවසූ සේනාරත්න මහතා එම වයිරසය පැමිණියහොත් කීදෙනකු ඉතිරිවේ දැයි කිව නොහැකි බවද පැවසුවේය.










