• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

පස්දුන් කෝරළේ හැංගුණු මනාලි

November 12, 2019
in Holiday
Reading Time: 3 mins read
A A
පස්දුන් කෝරළේ හැංගුණු මනාලි
Share on WhatsAppShare on Facebook

සතුරු ආක්‍රමණ කාලවලදී දළදා වහන්සේ ආරක්ෂාව පිණිස තැන්පත් කරලා තිබුණු ස්ථාන බොහොමයක් ලංකාව පුරා තියෙනවා. එහෙම තවත් එක් ස්ථානයක් සොයාගෙනයි අපි මහනුවර, හඟුරන්කෙත හරහා රිකිල්ලගස්කඩ නගරයට ආවේ. රිකිල්ලගස්කඩ ඉඳලා හේවාහැට පාරෙ කිලෝමීටර් 06ක් විතර දුරක් යද්දි මුණගැහෙනවා රහතුන්ගොඩ විදුහල ළඟ මංසන්ධිය. එතැන ඉඳන් කිලෝමීටර් 03ක් විතර දුරින් තමයි අද අපි යන වෑගම ලෙන් විහාරය පිහිටා තියෙන්නෙ.

පස්යොදුන් කෝරළයේ තියෙන තවත් එක දිව්‍යලෝකයක් තමයි මේ දිගන්න ඇල්ල කියන්නේ. ඇත්තටම මේක හැංගුණ පාරාදීසයක්. අපි මෙතැනට ගිය විධිය නම් මෙහෙම විස්තර කරන්න ටිකක් අමාරුයි. එක හේතුවක් තමා තාම මේක නොඉඳුල් පරිසරයක්. දන්නවනේ අපේ මිනිස්සු ගිහිල්ලා අද වෙනකොට මේ වගේ තැන්වලට කරලා තියෙන විනාශය මොන වගේද කියලා. හොයාගෙන ගිහිල්ල මෙතැන ලස්සන බලලා එන කෙනෙක්ට නම් මම පුංචි ඉඟියක් දෙන්නම්. කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අත්වැල්තොට කියන ගමේ හමුවෙන පොඩිහංදියෙන් දිගන්න කියන ගමට හැරිලා යන පාරෙ තමා තමා මේ තැන තියෙන්නේ. ලෝක උරුම සිංහරාජ රක්ෂිතය මැද්දෙන් රූස්ස ගස් මැද්දෙන් වැටුණු පොඩිම පොඩි අඩි පාරක හුඟ දුරක් ගියහම මේ මනාලිව දැක ගන්න පුළුවන්.

බොහොම ආශාවෙන් අපි මේ ගමන යන්න පිටත් වුණාට ඒක ඒ තරම් ලේසි පහසු වුණේ නෑ. පළමුවැනිම කාරණේ තමා පාර හොයා ගන්න එක. දන්න දන්න අයගෙන් අහගෙන් ගමේ මිනිසුන්ගෙනුත් අහගෙන කෝමින් කෝම හරි අපි මේ ඇල්ල ගාවට යන පිවිසුම් මාර්ගය හොයා ගත්තා. ඒ ගමේ බොහොම දුප්පත් අහිංසක මිනිසුන්ගේ ගෙවල් මිදුල් උඩින් වැටුණ පාරක තමා මුලින්ම අපිට යන්න සිදුවෙන්නෙ. ඒ ගමනේදි අපිට ඒත්තු ගැන්වුණ කාරණාවක් තිබුණා. ඒ තමයි අපි ඒ අයගේ ගෙවල් මිදුල් පසු කරගෙන යනකොට ඒ අය අපිව දැක්කේ ආගන්තුකයෝ විදිහට. ඒ බැවින්ම අපිට තේරුණේ මේ ඇල්ල බලන්න ලේසියෙන් කවුරුත් එන්නේ නැති විත්තිය.
අපි යන ගමනේ ඉදිරියට හමූ වුණ ගම්වැසියන්ගෙනුත් අසාගෙන අප ඉදිරියටම ඇදුණා. එම මඟේ අවසාන නිවසත් පහු වුණාට පස්සෙ අපි නතර වෙන්නෙ කැලේ වැවිලා නොපෙනී යන්න ඔන්න මෙන්න තියෙන ඉතාම කුඩා අඩි පාරකට. ඒ ගමේ මිනිසුන්ගේ එදිනෙදා පානීය ජල අවශ්‍යතාව සපුරන ජල නළයක් ඇල්ල මුදුනට වෙනකම්ම එළල තියෙනවා. ඒ ගෙදර හිටපු කාන්තාවගේ ඉල්ලීම වුණේ අනේ අපි වතුර ටික බොන්නෙ ඕක නිසා ඕක නම් කඩන්න නැතිව පරිස්සමෙන් ගිහින් එන්න කියන එකයි. ඒ උපදෙසත් අරගෙන අර වැටිලා තිබුණ අඩි පාර දිගේ අපි හෙමීට හෙමීට ඉදිරියට ඇදෙනකොට දස දෙසින් වට කර ගත්ත කූඩැල්ලෝ ඉවක් බවක් නැතිව අපිට පහර දෙන්න ගත්තා. මොනවා කරන්නද උන්ව අයින් කර ගන්න දෙහි ලෙල්ලවත් අපි ගාව තිබුණෙ නැති නිසා නඟින නඟින කූඩැල්ලව අතින්ම ගලෝ ගලෝ විසික් කර කර අපි ගමන පිටත් වුණා.

මහා කැලේ මැද්දෙන් මහා ජල පහරක හඬ ඇහෙද්දී එන්න එන්නම් අපේ කුතුහලය වැඩි වුණේ පාරාදීසයක් අත ළඟ කියන ඉඟිය අපට දෙමින්. තවත් ඉදිරියට ඇදුණට පස්සේ අතු රිකිලි අස්සෙන් සුදු සේලයක් ඇද්දාක් මෙන් මහා දිය පහරක් අපට සමාන්තරව පහළට ඇද වැටෙනවා දැක ගන්න ලැබුණා. ඒත් එක්කම ඒ අපි ගමන් කරපු අඩි පාර ගල් තලාවක් මතින් අවසන් වුණා. එතැනට ළඟා වෙනකොට අපි හැමෝගෙම කකුල්වලින් ලේ වැක්කෙරනවා. ඒ තරමට අපිව කූඩැල්ලෝ කාලා. ඒ ගල් තලාවේ කෙළවරේ වැටෙන මහා ප්‍රචණ්ඩ දිය පහරක් අප නෙත් ඉදිරියේ මවා පෑවෙ ඒ සියලු කටුකකම් අපේ හිත්වලින් අතු ගාලා දමමින්. තට්ටු තුනකට කඩා හැලෙන මෙම ඇල්ලේ ඉහළම අන්තයේ තමා අපි දැන් රැඳී සිටින්නේ.

ඇත්තටම කිව්වොත් එතැන තියෙන මනස්කාන්ත බව කැමරා කාචයට ලේසියෙන් හසු කර ගන්නත් බෑ. ඩ්‍රෝන් කැමරාවක් තිබ්බනම් හොඳයි කියලා හිතුණා එවෙලනම්. මොකද කිව්වොත් පෙනෙන තෙක් මානයේම තියෙන්නේ දිය ඇල්ල විතරයි. හොයා ගන්න ලේසිත් නෑ. ලේසියෙන් ළඟා වෙන්නත් බෑ. මේ දවස්වල හොඳටම වැස්ස නිසා අධික ලෙස ලිස්සන ගල් තලාවෙන් එක අඩියක් හරි එහා මෙහා වුණොත් ජීවිතේ ගැන කිසිම කතාවක් නෑ. කෙළින්ම නතර වෙන්නේ මීටර් 100කටත් එහා තියෙන ආනති ආකාර ප්‍රපාතයක් එක්ක ගලා හැලෙන ඇල්ල පාමුලට.
අපි ටික වෙලාවක් ඇල්ලේ පළමු මහලේ ගත කරලා ආපු පාරෙ දකුණු පැත්තට වෙන්න තියෙන ගල් පොත්ත දිගේ බොහොම හෙමින් සීරුවට නැඟගෙන නැවතත් කුඩා අඩි පාරක් අස්සෙන් ඇල්ල කඩා හැලෙන තැනට ළඟා වුණා. එතැනට මුළු ඇල්ලම පේනවා. ඇත්තම කිව්වොත් ඒ භයානක පෙනුමට වඩා මනස්කාන්ත බව අපිට ඒ බය නැති කළා. එතැනට ගියා මට මතක් වුණේ නකල්ස් රක්ෂිතය ඇතුළේ තියෙන ඉන්ෆිනිටි ෆූල් එක. මොකද ඇල්ල කඩා හැලෙන තැන ඉඳන් ඡායාරූපය ගත්තම පසුබිම් වෙන්නේ ඈත නිම්නය.

මේ ටික තමා ඉතින් විස්තරේ. හොයා ගෙන හරි යනවනම් මේ තැන් රකින්න. හුස්ම සටහන්වත් ඉතිරි කරලා එන්න එපා ඒ තැන්වල. මේ පුංචි ලංකාව ඇතුළේ මේ විදිය හැංගුණ සුවිශාල පාරාදීස නම් තව කොච්චරක් ඇතිද. හැබැයි ඒවා ඒ විදියටම තියෙන එක තමයි හොඳ.
කළණ වොහාර

SendShareShare
Previous Post

මෛත්‍රි බෝසතුන් නියත විවරණ ලද ඉල් පුන් පොහොය

Next Post

දරුඵල අහිමි කරවන ග්‍රහ හතුරෝ

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්, රාමඤ්ඤ මහා නිකායේ දකුණු පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වී ඇත. Sri Lanka Latest...

Read more
ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.