• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති අරාබියට!

November 29, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ප්‍රචණ්ඩ ක්‍රියාවන් යළි ඇති නොවන බවට ජනපතිගෙන් සහතිකයක්! ජනපති ජගත් සමුලුව අමතයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ඉන්දියානු සාගර සම්මේලනයේ ආරම්භක සැසිවාරය ඇමතිම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන දෙසැම්බර් 04 වැනි දින එක්සත් අරාබියට යාමට නියමිතය.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා මේ බව සඳහන් කළේය.

එහිදි අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා අදහස් දක්වමින්,

“අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ආරාධනාවක් ලැබිලා තිබෙනවා ඉන්දියානු සාගර සම්මේලනයේ ආරම්භක සැසිවාරය ඇමතිමට. මෙම ජාත්‍යන්තර සම්මේලනය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමිරේටයේ අගනුවර වන අබුඩාබි නගරෙයි. රටවල් 47 ක් මෙම ජාත්‍යන්තර සම්මේලනයට සහභාගි වනවා. දෙසැම්බර් 04 වනදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සිය දේශනය පවත්වන අතර පස්වනදා එතුමා එක්සත් අරාබි අමරාටියේ රාජ්‍ය නායකයා වන අල් නායන් කුමරු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

මෙම සම්මේලනයේ සංවිධායක කමිටුවේ සභාපතිධූරය ශ්‍රි ලංකා රජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දරන අතර උප සභාපතිවරුන් වශයෙන් කටයුතු කරන්නේ ඉන්දියාවේ විදේශ අමාත්‍ය ආචාර්ය ජයශංකාර්, ඕමාන් විදේශ අමාත්‍යතුමා, සිංගප්පුරුවේ විදේශ අමාත්‍ය ආචාර්ය විලියම් බාලක්‍රිෂ්නම් හා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරුන් යන අමාත්‍යවරුන් වේ.

සම්මේලනයේ තේමාව වනුයේ පරිසරය, ආර්ථිකය හා වසංගතය යන්නයි.

මෙම සම්මේලනය ශ්‍රි ලංකාවට විශේෂයෙන් වැදගත් එකක් වෙනවා ඇති. සති දෙකකට පෙර බංගලාදේශයේ ඩකා නගරයේ පැවතුණා ඉන්දියානු සාගර වලල්ල සංවිධානයේ අමාත්‍ය කවුන්සිලයේ 21 වන සැසිය. නොවැම්බර් 17 වනදා එම සංවිධානයේ උප සභාපති වශයෙන් ශ්‍රි ලංකාව පත් වුණා. එම ධූරය අප රට වෙනුවෙන් විදේශ ඇමති විදිහට මම පිළිගත් අතර සැසිවාර කිහිපයක මූලාසනය ශ්‍රි ලංකාවට පිරි නැමුණා. බංගලාදේශයේ අගමැතිනි ෂිග් හසිනා මැතිණිය සමඟ මම පැවැත්වූ සාකාච්ඡාවකදි එතුමිය විශේෂ උනන්දුවක් දැක්වූවා කොළඹ හා චිතගුවන් වරාය අතර සම්බන්ධතාවය දියුණු කර ගැනීමට. බංගලාදේශයේ නාවික කටයුතු ඇමතිතුමා සමඟ ද මේ පිළිබඳව විස්තර සහිතව සාක්ච්ඡා කළා. ප්‍රති නැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් හැටියට කොළඹ වරාය දියුණු කිරීම හා බංගලාදේශයෙන් පැමිණෙන බහාලුන් සංඛ්‍යාව වැඩිකර ගැනීමෙන් රටවල් දෙකටම විශාල ආර්ථික ප්‍රයෝජනයක් ලැබෙන බව මෙහිදි සඳහන් වුණා. එසේම බංගලාදේශයේ ඇගලුම් හා අනෙකුත් අපනයන භාණ්ඩ කොළඹ වරාය හරහා මැද පෙරදිගට හා යුරෝපයට යැවීමයි මේ වැඩපිළිවෙළෙ අරමුණ වුණේ. දැනට මේවායින් 20% ක් පමණ කොළඹ වරායේ භාවිතා වන නමුත් මේ සෑම ප්‍රමාණයකට වැඩි කර ගැනීමට අවකාශය තිබෙනවා. අබුඩාබි හා ඩකා සම්මේලන දෙකම ශ්‍රි ලංකාවටම ප්‍රායෝගික වශයෙන් වැදගත් වන්නේ දිවයිනක් හැටියට සාගර සම්පත් වලින් ආර්ථිකයට ලැබෙන ශක්තිය පිළිබඳ විශේෂ අවධානය යොමුවන නිසායි. පරිසරය, කාලගුණය ආරක්ෂාවට සම්බන්ධ තොරතුරු විශ්ලේෂණය කිරීම හා රටවල් අතර හුවමාරු කර ගැනීම, මුහුදුගරබ සංදර්ශනය, මතස්‍ය සම්පත් කලක් පවතින වැඩපිළිවෙළක් අනුව පාලනය කිරීම , නැව් ගමනාගමනය හා වෙළඳ කටයුතු යන ක්ෂේත්‍රවල ඉන්දියානු සාගර අවට රටවල් අතර වඩාත් සමීප සම්බන්ධතා වර්ධනය කර ගැනීම මෙම සම්මේලන 02 ම පොදු අභිමතාර්තය වෙනවා. ඒ පිළිබඳව ශ්‍රි ලංකාවට ප්‍රමුඛ කාර්යභාර්යක් පිරිනැමීම අප රටට ගෞරවයක් වනවා.

පසුගිය සතියේ ප්‍රධාන පෙළේ විදේශීය නිලධාරීන් දෙදෙනෙකු අපේ රටට පැමිණ විදේශ කටයුතු අමාත්‍යාංශය අප සමඟ සාකච්ඡා පැවැත්තුවා. එනම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් හා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා යන නිලධාරීන් දෙදෙනෙකු සමඟයි. කොවිඩ් වසංගතය හා ගෝලීය ආර්ථිකය පසුබැස්මක් තුළ ශ්‍රි ලංකා රජය වැඩපිළිවෙළ සහ අප ලබා ඇති ප්‍රගතිය ගැන එම නිලධාරීන් විස්තර සහිතව දැනුවත් කිරීමට මෙය ප්‍රයෝජනවත් අවස්ථාවක් වෙනවා.” යනුවෙන් මෙහිදි සඳහන් කළේය.

SendShareShare
Previous Post

කොප් ලොක්කා මෝඩි!

Next Post

දකුණේ මාධ්‍ය වීරයාට අන්දපු උතුරේ අරුන්ට අද වෙලා තියෙන වැඩේ!

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කොට ඇති සටනට සහාය පළකිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත....

Read more
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.