• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දකුණේ මාධ්‍ය වීරයාට අන්දපු උතුරේ අරුන්ට අද වෙලා තියෙන වැඩේ!

November 29, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
අරුන් සිද්ධාර්තන් ඉල්ලන් කෑවද කියලත් හිතෙනවා! ලොකුකම් පෙන්නන්න ගිහින් අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට!
Share on WhatsAppShare on Facebook

දකුණේ මීඩියා සමහර වෙලාවට තමන්ගෙ න්‍යාය පත්‍රවලට ඕනෙ විදියට එක එක හාල්පාරුවො පුම්බනවා. එහෙම හාල්පාරුවො පුම්බලා තමන්ගෙ ගේම ගහගන්නයි හුඟක් අය හදන්නේ. මේ විදියට පුම්බන හාල්පාරුවො ඉබේම දේශපාලකයො බවට පත්වෙලා, පාර්ලිමේන්තුවට ඇවිල්ලා පිස්සු කෙළිනවා අපි ඕනෙ තරම් දැකලා තියෙනවා. එහෙම පිස්සො රට පාලනය කරන්න ගත්තාම මුළු රටටම යන එනමං නැති වෙනවා. ඒක නිසයි අපි ආයෙත් ඔක්කොම මීඩියා එකතු වෙලා කබ්බෙක් ෆෝම් කරනවා දැක්කම අපි ඒකට විරුද්ධ වෙන්නේ. එහෙම විරුද්ධ වුණාට පස්සේ අපට ගහනවා, බණිනවා, විවේචනය කරනවා.

හැබැයි කවදා හරි දවසක අපේ රටේ මිනිසුන්ට තේරෙයි අපි ගොඩක් දවස්වලට කරන්නේ කබ්බො ෆෝම් කරන එක කියලා. ඕනෙ තරම් ගල් පිළිම තියෙනවා. හැබැයි නෝනාවරුනි මහත්වරුනි පහසුවෙන් කරේ තියාගෙන යන්න පුළුවන් බොල් පිළිම. ඒකට හේතුව ගල් පිළිම බරයි. ගල් පිළිම කැතයි, රළුයි. හැබැයි බොල් පිළිම එහෙම නෑ. බොල් පිළිම හරිම මටසිලිටියි, ලස්සනයි. සමහර වෙලාවට බොල් පිළිම දිලිසෙනවා. මොකද ඒවා පාටකරලා තියෙන්නේ, ඒවා හදලා තියෙන්නේ, ඔපමට්ටම් කරන්නේ එක එක මුදලාලිලාට ඕනෙ විදියට නිසා. ගොඩක් මුදලාලිලා තමන්ගෙ බිස්නස් එක කරගන්න කඩවල් ඉස්සරහා තියලා තියෙන්නේ ඩමි. ඒ ඩමිවලට රෙදි අන්දපුවාම සද්ද බද්ද නැතුව ඉන්නවා. ඒකට හේතුව ඔළුවක් කඳක් බඩක් ඒ ඩමිය ඇතුළේ නැති හින්දා. මිනිසුන්ව අන්දනවට වඩා ඩමි අන්දන්න ලේසියි. සමහර ඩමි ඇන්දුවට පස්සේ හිතන්න ගන්නවා ‘මං තමයි පොර’ කියලා. ඒක නිසා සමහර වෙලාවට නයි පනික්කියාට වඩා නයා නටන්න ගන්නවා. එහෙම නටන නයින්ට හිතෙනවා නයි පනික්කියා නෙවෙයි වැඩකාරයා මමයි කියලා. එතකොට නයා තනිවම නටන්න පටන් ගන්නවා. තනිවම නටන නයාව මිනිස්සු ගහල මරලා දානවා. ඒක තමයි මේ ලෝකයේ සදාතනික ධර්මතාව. මේ කතාව කිව්වේ නිකන්. හැබැයි මේ කතාවයි, දැන් මේ ලියන කතාවයි අතර සම්බන්ධයක් තියෙනවා කියලා ඔබට හිතෙනවා නම් ඔබ ඒක ගළප ගන්න. ඒක අපට ප්‍රශ්නයක් නෑ.

ඔය කවුරුත් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට හෝ ආයතනයකට හෝ අපහාස කිරීමේ අදහසක් අපට නෑ. පහුගිය දවසක අරුන් සිද්ධාර්තන්ව ශ්‍රී ලංකා පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඒ, ඔහු කියපු ප්‍රකාශ දෙකක් සහ ඔහුට විරුද්ධව එල්ල වුණු පැමිණිලි නිසා. ඔහුගෙ ප්‍රකාශ තමයි “මම තමයි ‘ආවා’ කල්ලියේ නායකයා” කියන එක. තව ප්‍රකාශයක් තමයි යාපනයේ නල්ලූර් කෝවිල කඩලා එතැන පොදු වැසිකිළිය හදනවා කියන එක. මේ සම්බන්ධයෙන් පොලිසියට එල්ල කළ පැමිණිල්ලකුත් එක්ක ‘ආවා’ කල්ලිය ලංකාවේ සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා යැයි හඳුනාගන්නා සිදුවීම්වලට මේ නායකයා මූලිකත්වය ගන්නවා කියන කතාවත් එක්ක ඔහුව අත්අඩංගුවට ගත්තා. මේ ලියන දවස වෙනකොට සමහර විට ඔහු ගෙදර ගිහිල්ලා ඉඳී. මොකද අපි දන්න තරමට ඔහු අහිංසකයෙක්. නල්ලූර් කෝවිල කඩනවා වගේ කතා එයා උන්නු ගමන් කියනවා. ඒකට හේතුව අරුන් සිද්ධාර්තන් කියලා කියන්නේ තමන්ට පොරක් වෙන්න අවශ්‍ය නිසා ඕනෑම වැඩක් කරන සාමාන්‍ය මනුස්සයෙක්.

ඔහු එක්තරා පක්ෂයකින් ඡන්දෙ ඉල්ලන්නෙ, ඔහු කොළඹ ඇවිල්ලා වැඩසටහන්වල පෙනී සිටින්නේ, තමන්ගෙ දේශපාලනයක් ගැන උන්නු ගමන් කියවන්න පටන් ගන්නේ, යූටියුබ් ඉන්ටර්විව් කරන්න පටන් ගන්නේ, රට ගැන කතාකරන්න පටන් ගන්නේ, උතුරේ දේශපාලනය ගැන කතාකරන්න පටන් ගන්නේ, මේ සියල්ලම කරන්න පටන් අරගන්නේ ඔහුට පොරක් වීමේ අවශ්‍යතාව නිසාම විතරයි. ඇත්තටම අරුන් සිද්ධාර්තන් කියලා කියන්නේ යාපනේ වීරයෙක් නෙවෙයි. අරුන්ව හොයාගෙන අපි ගිය වෙලාවෙ තමයි ඒක දැනගත්තේ. හැබැයි අපි අරුන්ව හොයාගෙන යාපනේ ගිය වෙලාවෙ තමයි ඒක දැනගත්තේ. හැබැයි අපි යාපනේ අරුන්ව හොයනකොට දකුණේ අරුන් කියලා කියන්නේ පුදුම වීරයෙක්. අරුන්ව පිම්බුවෙ එක්තරා නාලිකාවකින්. එක්තරා නාලිකාවක, එක්තරා නිවේදකයෙක් විසින් අරුන්ගෙ කටට උත්තර දීලා සමහර ප්‍රශ්න අහලා, ඔහුව දැවැන්ත වීරයෙක් බවට පත් කළා. අරුන් කතාවට දක්ෂයෙක්. කතාවට දක්ෂ මිනිසුන්ට දක්ෂ කථිකයො කියනව වගේම, ගම්වල කියනවා ‘කටමැත දොඩවන වාචාලයො’ කියලත්. ඔහු දක්ෂ කථිකයෙක්ද, නැත්නම් ඔහු කටමැත දොඩවන වාචාලයෙක්ද කියන දෙකෙන් කොයි ගොඩටද අයිති කියන එක ඔබ තීරණය කරන්න.

හැබැයි මුල ඉඳන් අගටම අරුන් කළේ රඟපෑම. අරුන්ගෙ රඟපෑම ඔබ ප්‍රශස්ථයි කියලා විශ්වාස කළාට අපට ඒ රඟපෑම ඇතුළේ ඕවර් ඇක්ටින් එකක් පෙනුණා. ඒ ඕවර් ඇක්ටින් එක නිසා තමයි අපි ඔහුව හොයාගෙන උතුරට ගියේ. ඔහුව හොයාගෙන උතුරට ගියාට පස්සේ උතුරෙ මිනිස්සු අරුන් සිද්ධාර්තන් කියලා කෙනෙක්ව දන්නෙවත් නෑ. ඔබ විශ්වාස කරන්න, අපි අරුන් සිද්ධාර්තන් කියන පුද්ගලයගෙ නමක්වත් දන්න මනුස්සයෙක් හොයාගෙන යාපනේ මාර්කට් එක පීරුවා. යාපනේ නගර, ගම් නියම්ගම්වල ගියා. යාපනේ දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් අපි ඇහුවා. යාපනේ ඉතාම ප්‍රබල දේශපාලන ක්‍රියාකාරිකයකු වන ධර්මලිංගම් මුදලාලි අරුන්ගෙ වීඩියෝ එක පවා බලලා, එහෙම කෙනෙක් දන්නෙ නෑ කියලා විතරක් නෙවෙයි, අරුන් ගැන ඔහු විසින් චරිත සහතිකයකුත් දුන්නා. ඒ චරිත සහතිකය ටක්කෙටම හරි. උතුරෙ බොහෝ දෙනෙක් එල්.ටී.ටී.ඊ. එකට සම්බන්ධ මිනිස්සු. ඒක ඇත්ත. සමහර ගම්වල ඉන්නේ 100%ක් එල්.ටී.ටී.ඊ.කාරයො. ඔවුන් අපිත් එක්ක පැහැදිලිව කියනවා මම එල්.ටී.ටී.ඊ. එකට සම්බන්ධයි කියලා.

දැන් යුද්ධෙ ඉවරයි. අපට විශ්වාසෙ තියෙනවා. යුද්ධෙ ඉවර වුණාට පස්සේ උතුරෙ දකුණෙ ප්‍රශ්නයක් නෑ. හැබැයි උතුරෙ ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි උතුරෙ තමයි කුලවාදී ප්‍රශ්නය. ලොකු පොඩි ප්‍රශ්නය. උස්මිටි ප්‍රශ්නය. ඒ ප්‍රශ්නෙ දකුණෙ අපට තේරෙන්නෙ නෑ. ඒක උතුරෙ දරුණුවට තියෙනවා. හැබැයි මේ මනුස්සයා විසින් දකුණුට දැනෙන විදියට උතුරෙ නටන නාඩගම් සියල්ල අපි විසින් භාරගන්න ගියොත් මේ රටේ දේශපාලනයට ඒක විශාල බලපෑමක් එල්ල කරන්න පුළුවන් තැනට පත්වේවි. මේ වතාවෙත් ලංකාවෙ දේශපාලන, ආර්ථික සහ බොහෝ පැතිවලින් විශාල අර්බුද නිර්මාණය වෙමින් තියෙනකොට ඔහු ඉදිරිපත් වෙලා කියනවා “මම තමයි ‘ආවා’ කල්ලියෙ නායකයා” කියලා.පත්තරකාරයෙක් විදියට මේ ලියන මම දන්න කතාව අනුව ‘ආවා’ කල්ලිය කියලා කියන්නෙත් අපි අවශ්‍ය වෙලාවට ප්‍රයෝජනයට ගන්න තියාගෙන ඉන්න හිඟන්නගෙ තුවාලෙ වගේ එකක්. ඒක හොඳවෙනවට කැමැති නැත්තේ ඒකෙන් පීඩා විඳින මිනිස්සුම තමයි. ඒ කියන්නේ උතුරෙ මිනිස්සු ඒකෙන් පීඩා විඳින්නෙ නෑ.

බොහෝ විට ‘ආවා’ කල්ලිය කියන ඩමිය ඇතුළේ පිහියක් අරගෙන, කඩුවක් අරගෙන බයිසිකලේකින් ගිහින් කාට හරි හානියක් කළාම, ගැහුවාම, බැන්නාම, තුවාල කළාම ඒක උතුරෙදි බැර කරන්නේ ‘ආවා’ කල්ලියට. ‘ආවා’ කල්ලිය කියලා කියන්නේ එක්තරා තරුණ කොල්ලො කණ්ඩායමක් හදාගත්තු කල්ලියක්. මේ කල්ලිය යාපනේ එක්තරා ප්‍රදේශයක් ආශ්‍රිතව නිර්මාණය වෙලා, මේ ‘ආවා’ කියන තරුණයාව මේ වෙද්දි අත්අඩංගුවට අරගෙන. අපි දන්නා තරමට නම් ඔහු අනුරාධපුර බන්ධනාගාරගතවයි ඉන්නේ. ඔහුට වේගයෙන් දිවිය හැකි නිසා ‘ආවා’ කියලා කියන බව තමයි සාමාන්‍යයෙන් කියන්නේ. මේ පුද්ගලයා අත්අඩංගුවට ගත්තට පස්සේ ඒ කල්ලියේ කතන්දරේ අවසාන වුණා. ඉන් පස්සේ විවිධ කල්ලි යාපනේ නිර්මාණය වෙච්ච එක ඇත්ත. ඒකට හේතුව වෙන්නේ යාපනේ කියලා කියන්නේ දෙමළ චිත්‍රපටත් එක්ක හැදිච්ච සංස්කෘතියක්. ඔබ යාපනේ නිතර යන එන කෙනෙක් නම්, ඔබට දකින්න ලැබෙනවා යතුරුපැදිවල හෙල්මට් නැතිව යන වීරයෝ ඕනෙ තරම් යාපනේ ඉන්නවා. එහෙම මිනිසුන්ට යාපනේ දෙමළ චිත්‍රපටවල තියෙන රූපරාමු රඟදක්වන්න අවස්ථාවක් ලැබුණොත් ඔවුන් ඒක කරනවා. ඒ වගේම යාපනේ විතරක් නෙවෙයි දකුණෙත් ඕනෙ තරම් ගැටුම් සිද්ධ වෙනවා. කපනවා, කොටනවා, ගහනවා, බණිනවා. මේවා හරි කියලා කියනවා නෙවෙයි, හැබැයි එහෙම දේවල් වෙනවා.

එහෙනම් යාපනේ එහෙම දෙයක් වුණාම ඒක මහා විශාල අමුත්තක් විදියට දැකලා, ඒක ‘ආවා’ කල්ලියෙ ක්‍රියාකාරකමක් කියලා, ‘ආවා’ කල්ලිය ආයෙත් ඔළුව ඉස්සුවා කියලා, යාපනේට අපි යනවද නැද්ද කියලා අහලා මගේ දුරකතනයට කතාකරපු මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා. යාපනේ ආයෙත් යුද්ධයක් නිර්මාණය වෙන්න යන්නේ, ඔන්න දැන් ඒක පටන් අරගන්නයි යන්නෙ කියලා කියන රංගනයට දක්ෂ ඕනෙ තරම් මිනිස්සු යාපනේ ඉන්නවා. සමහර වෙලාවට ඒක යාපනේ ඇතුළේ නිර්මාණය වෙන එකක්ද, එහෙම නැත්නම් ලංකාවෙ බලධාරීන් තමන්ට අවශ්‍ය අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන එකක්ද කියන එක ඔබ තීරණය කරන්න. හැබැයි මේ වතාවෙත් අරුන් සිද්ධාර්තන් ආයෙත් එළියට එන්නේ ‘ආවා’ කල්ලියෙ නම ගහගෙන. ‘ආවා’ කල්ලියට අරුන් සිද්ධාර්තන් සම්බන්ධ නම්, ඔහු ‘ආවා’ කල්ලියෙ නායකයා නම් මෙච්චර කල් ‘ආවා’ කණ්ඩායමේ ක්‍රියාකාරකම් කියලා බොහෝ සිදුවීම් රට පුරා වාර්තා වෙද්දී මේ මනුස්සයව අත්අඩංගුවට ගත්තෙ නැත්තෙ ඇයි? ඒ වගේම ඇයි රටේ බුද්ධි අංශවලට මේ ‘ආවා’ කල්ලියෙ නායකයා ඔහුයි කියන එක හඳුනාගන්න බැරුව ගියේ? එතකොට ‘ආවා’ කල්ලියෙ නායකයා ඔහු නම් මුලින් ‘ආවා’ කල්ලියෙ නායකයා විදියට අත්අඩංගුවට ගත්ත පුද්ගලයා කවුද? ඒ වගේම ‘ආවා’ කල්ලියෙ නායකයා කියන අරුන්, මේ විදියට තමන් වටේ ඉන්න කල්ලි විශාල ප්‍රමාණයක් මෙහෙයවනවා නම් ඔහුට විරුද්ධව මොන වගේ පියවරද මින් පස්සේ ගන්නේ? ඒ වගේම මේ නල්ලූර් කෝවිල කඩනවා කියන ජාතිවාදී ප්‍රකාශය, ආගම්වාදී ප්‍රකාශය රටේ තියෙන එක්තරා ප්‍රධාන ආගමක්, ඒ වගේම ප්‍රධාන සිද්ධස්ථානයකට විරුද්ධව ඔහු කරපු ප්‍රකාශය පොඩි දෙයක් නෙවෙයි.

මේ ප්‍රකාශ කරන්නේ කටමැත දෙඩවීමක් විදියට බව හොඳටම විශ්වාසයි. ඔහුට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ සමාජ ක්‍රමය ඇතුළේ තමන් වීරයෙක් බවට පත්වෙන්න නම් ඒ තමන් තුළ ඉන්න වීරයා වෙන විදියකට නිර්මාණය කරගන්න ඔහුට ඉඩක් දෙන්න ඕනේ. ඒ සඳහා ඔහු කීප වතාවක්ම උත්සාහ කළා අපි දැක්කා. ඒ සඳහා ඔහු දරපු බොහෝ උත්සාහයන් ව්‍යර්ථ වෙලා ගියා. ඔහු ලංකාවෙ දේශපාලන කණ්ඩායම් තුනක් හතරක් එක්ක ඍජුව සම්බන්ධ වෙන්න උත්සාහ දරන ආකාරය අපි දැක්කා. ඔහුට අවශ්‍ය වෙලා තියෙන්නේ යාපනේ තියෙන සාමාන්‍ය ක්‍රමවේදය ඇතුළේ පොරක් වෙන්න. හැබැයි මතක තියාගන්න අරුන්, අරුන්ට වඩා මුන් දක්ෂයි. ඒ නිසා අරුන් මුන් කියන දේවලට බොරුවට නටන්නෙ නැතුව හරියට තේරුම් ගනිමු. යාපනේ කියලා කියන්නේ ඔය එක එක හාල්පාරුවො කියන තරම් නරක තැනක් නෙවෙයි. තල්රුප්පාවට හඳ එළිය වැටුණාම ඒක පෝය හඳේ එළියෙන් අපේ ගමේ කුඹුරු යාය දිලිසෙනවා තරම්ම ලස්සන දෙයක්.

යාපනේ නල්ලූර් කෝවිල කියල කියන්නේ මිනිස්සුගෙ මනුස්සකම පිරිලා ඉතිරිලා යන තැනක්. නල්ලූර් හැන්දෑවට පාද සලං සද්දෙත් එක්ක පිච්ච මල් සුවඳ ගැවසුණු කොණ්ඩෙ අරන් ඈත ඉඳන් පයින් එන අයියර් පවුල්වල ගෑනු ළමයි සමහර විට ඔබ මේ ලෝකෙ දකින සුන්දරම තරුණියො වෙන්න පුළුවන්. ඒ නිසා තවිල් බෙර සද්දෙට යාපනේ නාග විහාරෙ පාමුල තියෙන තෝසෙ කඩෙන් තෝසයක් කාලා, නල්ලූර් කෝවිල වඳින්න යන්න ඔබට කිසිම තහනමක් නෑ. අද වෙනකොට යුද්ධෙ ඉවරයි. ඒ යුද්ධෙ ඉවර කරන්න ඇපකැප වෙච්ච සියලු දෙනාටම ස්තුතියි. ඒ නිසා එක එක හාල්පාරුවන්ට අවශ්‍ය විදියට අනවශ්‍ය ප්‍රශ්න ගැන තවදුරටත් බයවෙන්න එපා. මේ කතාව අපි මේ කියන පළමු වතාව නෙවෙයි. අපි පත්තරකාරයො විදියට හැමදාම මිනිසුන්ගෙ පැත්තෙ හිටගත්තෙ මේ මිනිස්සු නටන්නෙ නාඩගමක් කියලා ඔබට කියන්න අවශ්‍ය නිසා. එදා බොහෝ දෙනෙක් අපට ගල් ගැහුවා. අපි නරකයි, අපි වැරැදියි, අපට වඩා බොහෝ දෙනෙක් හරි කියලා ඔබ හිතාගෙන හිටියා. හැබැයි අද ඔබ තේරුම් අරගන්න බොහෝ දෙනෙක් කළේ තමන්ට අවශ්‍ය අවශ්‍ය විදියට රෙදි අන්දලා, කඩසාප්පු ඉස්සරහින් ඩමි ගෙනල්ලා තියාගත්ත එක විතරයි. ඒ ඩමිවලට රැවටිලා ඔබ හිතාගෙන හිටිය සැබෑ වීරයො අද වෙනකොට ගල් පිළිම නෙවෙයි ‘බොල් පිළිම’.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ජනපති අරාබියට!

Next Post

ආණ්ඩුවෙන් දීපු නිල නිවාසය සුසිල් කුලියට දීලාද?

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.