• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කේක් කපයි! උත්සව තියයි! ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරයි! පොලිසිය එක්කත් ගැටුම්!

November 28, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
කේක් කපයි! උත්සව තියයි! ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරයි! පොලිසිය එක්කත් ගැටුම්!
Share on WhatsAppShare on Facebook

නොවැම්බර් මස 26 සහ 27 දිනයන්ට යොදී ඇති මහවිරු දිනය සහ එල්.ටී.ටී.ඊ නායකයාගේ උපන්දිනය උතුරු පලාතේ ස්ථාන කිහිපයක රහසිගතව සහ විවිධාකාරයෙන් සැමරුම් සිදුකර ඇති අයුරු වාර්ථා වෙයි.

මේ අතර පසුගිය වසර වලට වෙනස්ව උතුරේ ස්ථාන කිහිපයක මහවිරු සැමරුම් සිදුකිරීමට පියවර ගෙන තිබූ අතර එම සැමුරුම් වෙනුවෙන්ද ආරක්ෂක අංශ සීරුවෙන් සිටීම හේතුවෙන් සැමරුම් සිදුකරන ලද පුද්ගලයින් සහ ආරක්ෂක අංශ අතර ඇතම් ස්ථාන වලදී උණුසුම් තත්වයන් ඇති විය.

මුලතිව් වෙරල ආසන්නයේ මහවිරු සැමරුමක් සිදුකිරීමට ගිය පිරිසක් අතර සිටි පුද්ගලයෙකු පොලිස් භාරයට ගැනීමට යාමේදී එහි සිටි පිරිස් සමග උණුසුම් තත්වයක් ඇති වූ අතර එහිදී පොලීසියට රැස්ව සිටි පිරිස්වලින් දැඩි විරෝධයක එල්ල විය. නමුත් පොලීසිය සඳහන් කොට සිටියේ අදාල පුද්ගලයා පොලිස් භාරයට ගැනුනේ පහරදීමක් සම්බන්ධයෙන් බවටත් අනතුරුව ඔහු පොලිස් ඇප ලබා මුදා හැර ඇති බවටත්ය.

එමෙන්ම යාපනය වේලනෙයි ප්‍රදේශයේද මහවිරු සුසාන භූමියක මහවිරු සැමරුමක් සිදුකිරීමට ගිය පිරිසකට ආරක්ෂක අංශ විසින් එ නැවත්වීමට පියවර ගැනීමත් සමග අදාල පිරිස්වල දැඩි විරොධයක් එල්ල විය.

උතුරු පලාතේ අධිකරණ කිහිපයකින් මහවිරු සැමරුම් සඳහා අධිකරණ තහනම් නියෝග පොලීසිය විසින් ලබා දී තිබූ අතර තහනම් නියෝග ලබා නොදුන් අධිකරණ මගින් යම් මහවිරු සැමරුමක් සිදුකොට මහජන සාමය කඩකෙරෙන ආකාරයේ ක්‍රියාවක් සිදුකෙරෙන්නේ නම් නීත්‍යානුකූලව කටයුතු කොට අදාල පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද පොලීසියට නියෝග කොට තිබුණි.

එවැනි වාතාවරනයක් අතර යාපනය ,මුලතිව්, මන්නාරම කිලිනොච්චිය යන දිස්ත්‍රීක්කයන්හි දේශපාලන නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් සහ මහවිරු පවුල් සාමාජිකයින් විසින් මහවිරු සැමරුම් ලෙසින් ප්‍රසිද්ධියට පත් නොකොට විවිධාකාරයෙන් සැමරුම් සිදු කොට තිබුණි.

ප්‍රභාකරන් මිය ගිය මුලතිව් නන්දිකඩාල් කලපුවේ, මුලතිව්හි හින්දු කෝවිල් කිහිපයක සහ මුහුදු වෙරල ආසන්නයේද යාපනය දිස්ත්‍රීක්කයේද ස්තාන 20 කට ආසන්න ප්‍රදේශයන්හි මහවිරු සැමරුම් සිදුකල අතරම යාපනය සරසවියේද සිසුන් පිරිසක් රහසිගතව සරසවියතුල ගොඩනැගිල්ලක් තුල කොටි නායක ප්‍රභාකරන්ගේ 67 වන උපන්දිනය වෙනුවෙන් කේක් ගොඩියක්ද කපා තිබුණි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය නොවැම්බර් 26 වනදාට යෙදීම සහ එම සංවිධානයේ කර්නල් වරයෙකු වූ ශංකර් නැමැත්තා ආරක්ෂක අංශ ප්‍රහාරයකින් 1982 වසරේ නොවැම්බර් 27 වනදා මිය යාමත් හේතුවෙන් මෙලෙස මහවිරු සැමරුම් සිදුකෙරෙති.

කෙසේ වෙතත් වෙනත් වසරවලදී මෙන් මෙවර මහවිරු සැමරුම් ප්‍රසිද්ධියේ සිදු නොවීමද විශේෂත්වයක් වන අතර මහවිරු සැමරුම් සිදුවන ස්ථානවල ආරක්ෂක අංශ විසින්ද අධික්ෂණය කරන ලදි.

SendShareShare
Previous Post

ගීතාටත් එපා වෙයි! තීන්දුවක් ගන්න සූදානමින්!

Next Post

රටේ තීරණ ගැනීමේ වගකීම තරුණයන්ට පවරන්න සජිත් සූදානම් වෙයි! (VIDEO)

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.