ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක ලෙස සිය පාරිභෝගික විශ්වාසය නැවතත් තහවුරු කරමින්, SLT-MOBITEL, 2021 තෙවැනි කාර්තුව සඳහා සිය බදු-පසු ලාභය, පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 49.2%ක වර්ධනයක් පෙන්නුම් කරමින්, රු. බිලියන 3.2ක් ලෙස වාර්තා කිරීමට සමත් වී තිබේ. ආංශික පිරිවැය ඒකාබද්ධකරණය, සමූහ මට්ටමේ අපතේ යාම් අවම කරලීමේ වැඩසටහන, ඉවතලන අබලි ද්‍රව්‍ය මුදල් බවට පරිවර්තනය කිරීම, මෙහෙයුම් පිරිවැය කළමනාකරණය ආදී සාධක ඉතුරුම් වැඩි කිරීමට හේතු වුණු අතර, එය මෙම වසරේ බදු පසු ලාභයේ වර්ධනයෙන් සහ අඛණ්ඩව ලාභාංශ ගෙවීම මගින් පිළිබිඹු වේ.
පෙර වසරට සාපේක්ෂව 2021 තෙවැනි කාර්තුව තුළ SLT සමූහයේ ආදායම රු. බිලියන 26.7 ක් දක්වා, එනම් 15.6% කින් වර්ධනය විය. සමූහයේ පොලී ගෙවුම්, බදු ගෙවුම්, ක්ෂයවීම්, ක්‍රමක්ෂය ආදියට පෙර ලාභය (EBITDA) පෙර වසරට සාපේක්ෂව 25.7%කින් වර්ධනය වී, රු. බිලියන 10.8ක් ලෙස වාර්තා වී ඇත. EBITDA ආන්තිකයද පෙර වසරේ වාර්තා වූ 37.1%ට සාපේක්ෂව 40.4% ක් දක්වා වර්ධනය වී තිබේ.











