• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැත්තෑහතේ අලි මන්තරය (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

November 9, 2019
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
හැත්තෑහතේ අලි මන්තරය (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

FILE PHOTO: Sri Lanka's former defense secretary Gotabaya Rajapaksa waves after he was nominated as a candidate for the presidential election during the Sri Lanka People's Front party convention in Colombo, Sri Lanka August 11, 2019. REUTERS/Dinuka Liyanawatte

Share on WhatsAppShare on Facebook

අලියා වැටුණාම නැඟිට්ටවන එක ලේසි නැත. කරු ගහලවත් අලියා නැඟිට්ටවන එක බොරුය. අලියා අලියාම හිතල නැඟිට්ටොත් මිස නැඟිට්ටවන්න නම් බැරිය. මේ ටික හොඳින් තේරුම් ගෙන හිටියේ අලි නැඟිට්ටවන්න කප් ගහපු යූ.ඇන්.පී.යේ ඇත්ගොව්වා ජේ. ආර්.ය. ඔහු පක්‍ෂ නායකත්වය ගෙන අලියා නැඟිට්ටෙව්වේ අලි මන්තරයකින්ය. හොඳට ගණ පිහිටුවල මේ මන්තරය ජේ. ආර්. හැදුවේ නම් හතරකටය. එක නමක් ජේ. ආර්.ය. නගරයට කතා කළේ ජේ. ආර්. ය. අනෙක් නම ප්‍රේමදාසය. ගමට කතා කළේ ප්‍රේමදාසය. අනෙක් නම ගාමිණීය. සිංහල බෞද්ධයන්ට කතා කළේ ගාමිණීය. අනෙක ලලිත්ය. උගතුන්ට කතා කළේ ලලිත් ඇතුලත්මුදලිය. මේ අලි මන්තරයට අලියා නැඟිට්ටේය. පිම්මේ දිව්වේය. ශ්‍රීල.නි.ප.ය සහ වාමාංශික පක්‍ෂ සමතලා කරගෙන දිව්වේය.
1988දී උතුරේ කොටි යුද්ධයෙන් සහ දකුණේ ජ.වි.පෙ. භීෂණයෙන් තුවාල ලැබ වැටී සිටි අලියා නැඟිට්ටවන්න ජේ. ආර්. ජප කළේද මේ අලි මන්තරයය.
1988 ජනාධිපතිවරණයේදී ශ්‍රීල.නි.ප.ය ලොකු පොතක් ගහල රට පුරා බෙදුවේය. ඒ පොතේ නම ‘අලිබබා සහ හොරු හතළිහ’ය. එහි සඳහන් වූයේ ප්‍රේමදාස ගම්උදාවෙන් හොරකම් කරපු හැටිය. ලලිත් නැව් ගිල්ල හැටිය. ලලිත් වරායට ගත් නැව් මුහුදේම අතුරුදන් වූ හැටිය. ගාමිණී මහවැලියෙන් කාපු හැටිය. ඇපල් වතු ගත්ත හැටිය. ශ්‍රීල.නි.ප.ය මේ තුන්දෙනාව හැඳින්වූයේ පට්ට හොරු ලෙසය. ශ්‍රීල.නි.ප.ය එකල රට පුරා අලවපු පෝස්ටරය ජේ. ආර්., ප්‍රේමදාසගේ මඩ සෝදන පින්තූරයකි. ඒත් ජේ. ආර්. ජප කළේ ඒ නම් හතරට හදපු මන්තරයය.
ජේ. ආර්.ට පසු පක්‍ෂ නායකත්වයට පත් ප්‍රේමදාස සහ විජේතුංග තමන්ට ඕනා විදියට මේ මන්තරය වෙනස් කරගන්න ගියෝය. ප්‍රේමදාස නගරය කොන් කළේය. ඒකෙන් වුණේ ලලිත් සහ ගාමිණීගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ බිහි වීමය. ඔවුන් යූ.ඇන්.පී.යේ ඡන්ද ලක්‍ෂ 10ක් විතර කඩාගෙන නගරය අල්ලා ගත්තේය. ප්‍රේමදාස ඝාතනය වී විජේතුංග ජනාධිපති වී පක්‍ෂ නායකත්වයට පත්වූ විට ඔහු ගම කොන් කොට නගරය අල්ලගන්න ගියේය. ඒකෙන් වුණේ යූ.ඇන්.පී.යට ගම නැති වීමය. අන්තිමේදී චන්ද්‍රිකාගේ නායකත්වයෙන් යුත් පොදුජන පෙරමුණ ප්‍රේමදාස අත හැරපු නගරයත්, විජේතුංග අතහැරපු ගමත් අල්ලා ගෙන හස්ති කාන්ත මන්තරය ජප කොට අලියා දමනය කොට වසර 17කට පසු ශ්‍රිල.නි.ප.යට ජනාධිපති ධුරයත්, ආණ්ඩුවත් අරන් දෙනු ලැබීය.
1995 රනිල් පක්‍ෂ නායකත්වයට පත් වුවත් ඔහුට ජේ. ආර්. 1977 මතුරපු අලි මන්තරය ජප කරන්න බැරි විය. රනිල් නියෝජනය කළේ ජේ. ආර්.වය. 2012 තෙක් සජිත් මන්ත්‍රිවරයෙක් පමණක් විය. ප්‍රේමදාසවරු හිටියේ එළියේය. ගාමිණී නියෝජනය කළ නවීන් තමන්ට පක්‍ෂය තුළ තැනක් නැහැ කියා පක්‍ෂයෙන් යන්න ගියේය. ලලිත් නියෝජනය කළ රවී කරුණානායකගේ කණ්ඩායම චන්ද්‍රිකාගේ පොදුජන පෙරමුණෙන් කඩා යූ.ඇන්.පී.යට ගන්න රනිල් සමත් විය. ඒත් යූ.ඇන්.පී.යට ප්‍රේමදාසවරු නියෝජනය කළ ගමයි ගාමිණීලා නියෝජනය කළ සිංහල බෞද්ධ පදනමයි අහිමි වී තිබිණි. යූ.ඇන්.පී.යට අවුරුදු 25ක්ම ජනාධිපතිවරයෙක් පත්කරගත නොහැකි වූයේ ඒ නිසාය.

ගම අල්ලන එක ලෙහෙසි වැඩක් නොවේ. අමාරු වැඩකි. ප්‍රේමදාස ගම ඇල්ලුවේ බොහොම අමාරුවෙන්ය.
1993 මැයි පළමු වැනි දින ඔහු ඝාතනය වී ගමේ ශ්‍රීල.නි.ප. පාක්‍ෂිකයා රතිඤ්ඤා පත්තු කළත්, 1993 පළාත් සභා ඡන්දයේදී ප්‍රේමදාස ගම දින්නේය. හම්බන්තොට, මාතර, ගාල්ල, මොනරාගල, අනුරාධපුර, පොළොන්නරුව, රත්නපුර, කුරුණෑගල මේ ඔක්කොම දින්නේය. සබරගමු පළාත් සභාව, උතුරු මැද පළාත් සභාව, ඌව පළාත් සභාව, දකුණු පළාත් සභාව, වයඹ පළාත් සභාව, මධ්‍යම පළාත් සභාව මේ ඔක්කොම යූ.ඇන්.පී.ය දින්නේය. යූ.ඇන්.පී.ය පරාජය වූයේ බස්නාහිර පමණි. පසුව දකුණේ සහ වයඹ පොදුජන පෙරමුණ පළාත් සභා ආණ්ඩුව පිහිටෙව්වේ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණෙන් තේරීපත්වූ මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන්ය. පොදුජන පෙරමුණ සහ ප්‍ර.එ.ජා.පෙ. මධ්‍යම පළාත් සභා මහ ඇමැති අපේක්‍ෂක ලෙස ගාමිණී දිසානායකව නම් කරලත් මධ්‍යම යූ.ඇන්.පී.ය දින්නේය. හේතුව ගමේ පීඩිත ජනතාව ප්‍රේමදාස මියගියත් ඔහුගේ නාමයට ඡන්දය දීමය.
ඩී. බී. විජේතුංග දකුණු පළාත් සභාව විසුරුවා හැර 1994 යළි ඡන්දයක් කැඳවූයේ එය ගලඋඩ සටන කියාය. ඔහු දකුණු පළාත් සභා ඡන්දය පැවැත්වූයේ ප්‍රේමදාස නාමය පක්‍ෂයෙන් ඉවත් කොට ප්‍රේමදාසවාදීන් සහ ප්‍රේමදාස පවුලට පන්න පන්නා ගහමින්ය. ඔහු ප්‍රේමදාස විරෝධී ගාමිණී, රොනී, අනුර බණ්ඩාරනායක එක්කරගෙන ඡන්දයට ගියේය. ඒ වෙලාවේ ජ.වි.පෙ. සහ චම්පිකගේ ජනතා මිතුරන් දකුණේ ගම්වල ප්‍රේමදාසවාදී පීඩිත ජනතාව චන්ද්‍රිකා වටා එකතු කරනු ලැබීය. චන්ද්‍රිකා ගලඋඩ සටනින් ජය ගත්තාය. 1994 මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය ඇය රැල්ලට දින්නාය. ඒත් ඇයට ගම අල්ලන්න බැරි විය. ප්‍රේමදාස අල්ලපු ගම අල්ලා ගත්තේ ජ.වි.පෙ.ය. ජනතා විමුක්ති පෙරමුණ 2004 මහ මැතිවරණයේදී ප්‍රේමදාසගේ කුල පීඩිත ගම සිය ග්‍රහණයට ගෙන චන්ද්‍රිකා සහ ශ්‍රීල.නි.ප.ය අත්අඩංගුවට ගත්තේය. මේ කුල පීඩිත ගම දේශපාලනයේ මහා බලයක් කළේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක සහ සම්ප්‍රදායික වමය. බණ්ඩාරනායකගෙන් පසු මැතිනියත් පරණ වම සමඟ මේ ගම 1970 තෙක් ආරක්‍ෂා කරගත්තාය. 1971 ජ.වි.පෙ. මේ ගම ශ්‍රීල.නි.ප.යෙන් කැඩුවේය. 1977 ජේ. ආර්.ගේ නායකත්වයෙන් ප්‍රේමදාස ඒ ගම කැඩුවේය. ප්‍රේමදාස ඝාතනයට පසු ජ.වි.පෙ. ඒ ගම කඩා ගත්තේය. 2005 මහින්ද ඒ ගම සියතට ගත්තේය. ජ.වි.පෙ. දුර්වල විය.
“2019 ජනාධිපතිවරණයේදී මේ ගම කොයිබටද…?”
යූ.ඇන්.පී.යේ රනිල්ගේ ඡන්ද පදනම වූ උගත්, බුද්ධිමත් ව්‍යාපාරික නාගරික ජනතාවට කතා කරන අපේක්‍ෂකයෙක් ලෙස පොහොට්ටුවෙන් ගෝඨාභය නම් කළ විට යූ.ඇන්.පී.ය නම් කළේ ගමේ පීඩිත කුල නියෝජනය කරන මහින්දගේ ඡන්ද පදනමට කතා කරන්න පුළුවන් ප්‍රේමදාස කෙනෙකි. ගෝඨා විෂන් එකක් ගැන කතා කරයි. සජිත් ගමට කතා කරයි.
“එතකොට ජ.වි.පෙ…?”
ජ.වි.පෙ.ට දැන් ඒ ගමේ ඡන්ද නැත. ජ.වි.පෙ. කතා කරන්නේත් නගරයටමය. 1982 ජනාධිපතිනිය ශ්‍රීල.නි.ප.ය පරාජය වූ විට ජේ. ආර්. අපූරු කතාවක් කීවේය. ජේ. ආර්. කීවේ මැතිනිය ගඟක නනා ඉද්දී ඇගේ ඇඳුම් ඇන්. ඇම්. සහ කොල්වින් උස්සාගෙන ගියා කියාය. ඔහු එයින් අදහස් කළේ මැතිනියගේ වාමවාදී ජනපදනම දැන් මැතිනියට නැහැ කියන එකය. ඒක තියෙන්නේ පරණ වම ළඟ යැයි කියාය. මේ වගේම ජ.වි.පෙ. ගම 2005 දී මහින්ද උස්සාගෙන ගියේය. ජ.වි.පෙ.ට දැන් ගමත් නැත. 2015 ජනාධිපතිවරණයේදී ජ.වි.පෙ. අපේක්‍ෂකයෙක් ඉදිරිපත් නොකොට මෛත්‍රිපාලට ඡන්ද ලක්‍ෂ 5ක්, 7ක් අතර ගණනක් දුන්නා යැයි පොහොට්ටුව සිතයි. මෙවර ජ.වි.පෙ. අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කිරීම නිසා සජිත්ට ඒ ඡන්ද අහිමි වී සජිත් පරාජය වේ යැයි ඔවුහු ගණන් හදති. හැබැයි 2015 මහ මැතිවරණයේදී එ.ජා.ප.ය ඡන්දය ඉල්ලුවේ තනියමය. ඒ එ.ජා.ප.ය ආණ්ඩුව ගෙන මාස 6ක් ගත වී ආණ්ඩුව කුණු වෙන්න පටන්ගත් වේලාවේය. බැඳුම්කර චෝදනාව උණු උණුවේම එළියට ආ වේලාවේය. කෝප් වාර්තාවෙන් බැඳුම්කරය වංචාවක් බව කියා තිබිණි. ඒත් ජ.වි.පෙ. හෝ දමිළ ජාතික සන්ධානය නැතිව යූ.ඇන්.පී.ය දින්නේය. ඒ ඡන්දයට නායකත්වය දුන්නේ බැඳුම්කර හොරා යැයි පොහොට්ටුව චෝදනා කළ රනිල්ය. අනෙක මහින්ද තරග කළේ 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රිව දිනවන්න යූ.ඇන්.පී.යට ආපු දුමින්ද දිසානායකලා එක්කය. 2015 ඡන්දයට මහින්ද ආවේ මෛත්‍රි එක්ක එකටය. පහත දැක්වෙන්නේ 2015 මහ මැතිවරණ ප්‍රතිඵලයය.
එ.ජා.ප. – 50,98,916 – 45.66%
එ.ජ.නි.ස. – 47,32,664 – 42.38%
දමිළ ජාතික සන්ධානය – 5,15,154 – 4.62%
ජ.වි.පෙ. – 5,44,154 – 4.87%
ඉතින් සජිත්ට දිනන්න ජ.වි.පෙ. අවශ්‍ය වන්නේ නැත. ඔහු දිනන්න නම් ඔහුගේ පියා අල්ලගෙන සිටි 2005දී මහින්ද අල්ලාගත්ත ගම අල්ලා ගතයුතුය. බණ්ඩාරනායක සහ වම මේ ගම ඇල්ලුවේ ධනපති පන්තිය සහ නිර්ධන පන්තිය කියලාය. ප්‍රේමදාස ගම ඇල්ලුවේ රදලයන් සහ පොඩි මිනිහා කියාය. මහින්ද ගම අල්ලා ගත්තේ දේශප්‍රේමීන් සහ දේශද්‍රෝහීන් කියාය. සජිත් ගම අල්ලන්න යන්නේ මහින්දගේ දේශප්‍රේමී ආයුධයි, පියා වූ රණසිංහ ප්‍රේමදාසගේ පොඩි මිනිහාගේ මන්තරයයි ජප කරමින්ය. සජිත්ට දිනන්න ඒ මන්තරය මදිය. 1977 ජේ. ආර්. ජප කළ අලි මන්තරයම සජිත් ජප කළ යුතුය. ජේ. ආර්. නියෝජනය කරන රනිල් සජිත්ට උතුරු – නැඟෙනහිර ඡන්ද අරන් දී තිබේ. ගාමිණී නියෝජනය කරන නවීන් සජිත් දිනවන්න රට වටේ යයි. ලලිත් පිල නියෝජනය කරන රවී සහ ලලිත්ගේ සමීපතම දේශපාලන සහායිකාව වූ ෂර්මිලා සජිත්ට තරග වදින්න හංසයා ලකුණ දී තිබේ. 77 අලි මන්තරයේ ගණ නම් හරිය.
“යූ.ඇන්.පි.යට වසර 25කට පසු ජනාධිපතිවරයෙක් ලැබෙයිද..?”
ඒක නම් තවම කියන්න බැරිය.

උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

TNA එක උතුරේ ‌ලොකු වැඩක් පටන් ගනී

Next Post

පෑඩ් මෑන් මුරුගානන්දන් සහ සජිත්

MORE NEWS

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

Load More
කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් සිදුකරන ලද විමර්ශනවලට අදාළ වාර්තා කිහිපයක් නීතිපතිවරයා...

Read more
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.