• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අනියම් පෙමක පැටලුණේ දුහුළු මලක නිලූපා මිසක නීටා ප්‍රනාන්දු කියන නිළිය නෙවෙයි…

November 18, 2021
in Heart
Reading Time: 9 mins read
A A
අනියම් පෙමක පැටලුණේ දුහුළු මලක නිලූපා මිසක නීටා ප්‍රනාන්දු කියන නිළිය නෙවෙයි…
Share on WhatsAppShare on Facebook

මම චෝදනා වලට බයේ පැනලා ගියේ නැහැ…
චරිතවල කළු – සුදු හොය හොය රඟපාන්න බැහැ…
සිනමාවත් දැන් ලොක්ඩවුන්…

ශ්‍රී ලාංකේය සිනමාව තුළ ජාත්‍යන්තර කීර්තියටපත් රංගනවේදිනියන් අතලොස්ස තුළ සුවිශේෂී තැනක් හිමිකර ගන්නා එක් අයකු වේ නම්.., ඒ නීටා ප්‍රනාන්දුය. වතාවක් හෝ දෙවතාවක් නෙවේය… තෙවන වරටද නීටා ප්‍රනාන්දු නම් වූ ඒ අති දක්‍ෂ රංගනවේදිනිය තවත් ජාත්‍යන්තර සම්මානයකට උරුමකම් කියන්නට වාසනාව ලැබුවාය. ඒ ‘පාංශු’හී ‘ඩෝබි’ ගැහැනිය වෙනුවෙන්ය. ශ්‍රී ලාංකේය සිනමාව වගේම මව්රටටත් නැවැතත් නීටා ගෙනදුන් ගෞරවය ගැන සතුට බෙදාගන්නටත්, ඇගේ නවතම සිනමා තොරතුරු ගැන කතාබහ කරන්නටත් ‘මව්රට’හි ‘හාට් ටැබ්ලොයිඞ්’ එකේ ඉඩක් ලෝබකමක් නැතිවම වෙන් වූයේ මෙලෙසින්ය.

තොරතුරු කිසිවක්ම අහන්නට පළමුව ‘මව්රට’ පුවත්පත වෙනුවෙන් අපි ඔබට සුබපතනවා…
බොහොමත්ම ස්තුතියි, ඒ ගැන කතා කරන්නට පැමිණීම ගැන මමද ‘මව්රට’ට ස්තුති කරනවා.

ඉතින් කියන්න ඒ ගැන විස්තර… ‘පාංශු’හී ‘ඩෝබි ගැහැනිය’ නැවැතත් ඔබට කීර්තිය අත්කර දුන්නා?
මට විතරක්ද.., නැහැ. නීටා ප්‍රනාන්දු කියන රංගවේදිනියට වාගෙම ශ්‍රී ලාංකේය සිනමාවට සහ මගේ ‘මව්රට’ටද ‘පාංශු’හී ඒ අපූරු ‘ඩෝබි ගැහැනිය’ කීර්තිය ගෙන ආවා.

සම්මාන උළෙල පැවැත්වුණේ ‘ඔන්ලයින්’ ක්‍රමයටයි..?
ඔව්… ‘කොවිඞ්-19’ උවදුර නිසා පළමු වතාවට ඔන්ලයින් පැවැත්වුණු ‘Indus Valley’ චිත්‍රපට සම්මාන උළෙලෙහි හොඳම නිළිය ලෙස 2020 වෙනුවෙන් මගේ නම නිර්දේශව තිබුණා. වත්සුණු තවරා නැති… වෙහෙසකර පෙනුමින් යුතු කටුක අත්දැකීම් ඇති ඒ අසරණ ‘ඩෝබි ගැහැනිය’ විදේශීය නිළියන් අභිභවා සම්මානයට පාත්‍ර වුණා. ඒ විතරක් නෙවෙයි, ‘පාංශු’ අධ්‍යක්‍ෂ විසාකේසද හොඳම අධ්‍යක්‍ෂ ලෙස ‘Humans Film Category’ සම්මානයෙන් එහිදී පිදුම් ලැබුවා.

තුන්වැනි වතාවටයි ඔබ මේ ජාත්‍යන්තර කීර්තියට පාත්‍ර වූයේ?
ඔව්… ඒ ගැන මම ඉතාම නිහතමානී ආඩම්බරයකට මැදිව සිටිනවා.

මව්රටට සහ ශ්‍රී ලාංකේය සිනමාවට ඔබ දුන් ගෞරවය වෙනුවෙන් ඔබට නිසි අගයක් ලැබුණාද?
නැත්තෙ නැහැ… හොඳ ප්‍රතිචාරයන් සහ හොඳ අගය කිරීම් මට ලැබුණා. ‘පවුරු වළලු’ වෙනුවෙන් මම ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ අවස්ථාවේ… එවකට සිටි රජය මගේ රංගන කෞෂල්‍ය දැඩි පැසසුමකට ලක්කළා.

‘පාංශු’වලින් පසුව ඔබ රංගනයට තිත තබා ඇති බවයි හැඟෙන්නේ?
සම්පූර්ණයෙන්ම වැරැදි හැඟීමක්… තිතක් තබා නතර කළ හැකි රංගන මෙහෙවරක නෙවෙයි මම ඉන්නේ. හොඳ ගුණාත්මක චරිත රඟපෑමේ පිපාසය තවමත් මා තුළ තිබෙනවා.

ගුණාත්මක චරිත පිපාසය නිසා ඔබ මෑතකදී යම් චරිත කිහිපයක් රිජෙක්ට් කළා..?
ඔව්… ඒ ආරංචිය හරි… චරිත තෝරා බේරා ගැනීමේදී මම මගේ අනන්‍යතාවය සහ මා විසින්ම ගොඩනඟාගත් සිනමාමය ප්‍රතිරූපය ගැනද නිතර වෙහෙස වෙනවා.

ඔබේ නවතම රංගන මෙහෙවර දියත් වූයේ සංජය නිර්මාල් සමගයි…?
ඔව්… සංජය මා දුටු හොඳම නිර්මාණකරුවෙක්. ඔහුගේ නවතම නිෂ්පාදනයට හවුල් වීමට ලැබීම භාග්‍යයක්.

ඒ අපූරු නිර්මාණ මෙහෙවරෙහි තොරතුරු ටිකක් කියනවා නම්..?
එය හරිම වෙනස් මඟක් ඔස්සේ දිව යන කතා තේමාවක් මත නිර්මාණය වූ සිනමාපටයක්. ඈත අතීතයේ සුදු ජාතිකයන්ගේ පාලනය පසුබිම් කරගත් එම කතන්දරයෙහි දමිළ රජ කෙනෙකු ගැනද ප්‍රධාන වශයෙන් කියැවෙනවා. මම මෙතැනින් නවතින්නම්… වැඩිපුර තව ගියොත් මුළු චිත්‍රපටය ගැනම මගෙන් ‘හාට් ටැබ්ලොයිඞ්’ එකේ පිටුවල සඳහන් වේවි මං හිතන්නේ.

රසවත් කුතුහලයක් ඉතිරිකොට ඔබ සිනමාපටයෙහි තොරතුරුවලට තිත තැබුවා නේද..?
කුතුහලය කියන්නේ සිනමා ශාලාවක අසුන් හිස් නොකරන කදිම අඩුවැඩියක්. ඉතින් ඒ අඩුවැඩියට බාධා කරන එක හොඳ මදිය කියලයි මට හිතෙන්නේ.

ඔබ එහි රඟපාන චරිතය ගැනවත් කෙටියෙන් කතා කරමුද..?
චිත්‍රපටයෙහි එන එක් දර්ශනයක් ගැන කියන්නම්.., එම දර්ශනයෙහි මා පෙනී සිටින්නේ ‘කන්‍යා සොහොයුරිය’ක ලෙසයි… ඒ දර්ශන පෙළ හරිම තාත්විකයි. ඒ වගේම හැඟීම්බරයි… චිත්‍රපටය අවසාන වන්නේද එතැනිනුයි.

‘එම දර්ශනයෙහි’ යනුවෙන් සඳහන් වූයේ ‘කන්‍යා සොහොයුරිය’ට අමතරව ඔබ එහි තවත් චරිතයක් කරනවාද?
දැනට අපි ඒ ගැන කතාවට තිත තබා අවසානයි. සංජය මෙම සිනමාපටය සිංහල, දමිළ සහ ඉංග්‍රීසි බසින්ද හඬකවා තිබෙන බවද මෙහිදී සඳහන් කිරීමට කැමැතියි.
වෙනස් ආකාරයේ ගුණාත්මක චිත්‍රපටයක් භාෂා තුනකින් නැරැඹීමේ වාසනාව හොඳ නිර්මාණ පිපාසයෙන් පෙළෙන ප්‍රේක්‍ෂකයනට නුහුරු දිනෙකදී උදාවේවි.

එකිනෙකට වෙනස් චරිත රඟපෑ ඔබ කාගෙත් කතාබහට බඳුන් වූයේ ‘පවුරු වළලු’හී ‘වයලට්’ තුළින්..?
නැහැ… මම කතාබහට ලක්වූ පළමු චරිතය වූයේ ‘දුහුළු මලක්’හී ‘නිලූපා.’ එය දැඩි ආන්දෝලනයකට තුඩුදුන් චරිතයක්.

ඒ ආන්දෝලනය පුරාම වූයේ විවේචන සහ චෝදනා..?
ඔව්… අනියම් පෙමක පැටලෙන තරුණ බිරියක වූ නිලූපාගේ චරිතය ගැන බොහෝ දෙනෙකු චෝදනා ස්වරූපයෙන් කතා කළා.

ඒ දවස්වල කැනඩාවට ගියේ එම චෝදනාවලින් ගැලවෙන්නද?
අයියෝ නැහැ… මම මගෙ මහත්තයා එක්ක කැනඩාවට යනකොට ‘දුහුළු මලක්’ තිරගත වෙලාවත් නැහැ. අනෙක මම මා රඟපෑ චරිතයකට කිසිවෙකු චෝදනා කළා කියා පැනලා යන කෙනෙක් නෙවෙයි. මම ‘නිලූපා’ගේ චරිතය බාර ගත්තා වාගේම එයට ප්‍රවිෂ්ට වුණේද දැඩි කැමැත්තකින්.

ඒ කැමැත්ත තුළ වූයේ චරිතයට සාර්ථකව පිවිසීමේ වුවමනාව මිස ප්‍රේක්‍ෂකයන් මට චෝදනා කරාවිද යන සැකය නෙවෙයි… අනියම් පෙමක පැටලුණේ, ‘නිලූපා’ යනුවෙන් විජය ධර්මශ්‍රී නිර්මාණය කළ චරිතය මිසක නීටා ප්‍රනාන්දු කියන නිළිය නෙවෙයි.

කොහොමත් මම චරිත බාර ගන්නා විට එහි කළු – සුදු බව ගැන වදවෙන්නේ නැහැ. එය යමක් කරන්නට පුළුවන් නිර්මාණශීලී චරිතයක් නම්.., මම මට හැකි පමණ සාධාරණය එයට ඉටු කරනවා.

‘නිලූපා’ට චෝදනා කරන විට ඔබේ සැමියා ඊලියන් ඉන් සැලුණේ නැතිද?
‘නිලූපා’ගේ චරිතය බාරගෙන එයට උපරිමය කරන්නයි මට අවසරය දුන්නේ ඒ මගේ මහත්තයා ඊලියන්ම තමයි.

‘නිලූපා’ගේ චරිතයට මනාපය දීම ගැන පසුවවත් ඔහු තැවුණේ නැද්ද?
නැහැ… ඔහු බොහොම බුද්ධිමත්ව හිතන්නට හුරුව සිටි අයෙක්. ඒ වගේම සැලෙන්නට හෝ තැතිගන්නට තරම් ‘නිලූපා’ගේ චරිතය තුළ අපරාධකාරී ස්වරූපයක් තිබුණේ නැහැ, ‘අනියම් පෙම් හබ’ කියන්නේ ඈත අතීතයේ පටන්ම තිබුණු සිදුවීමක්. කිසිවෙකු නොකළ ආකාරයට ‘විජය ධර්මශ්‍රී’ නම් ප්‍රවීණ නිර්මාණකරු එය ඉතාම විවෘත ලෙස සංවේදීව සිනමාවට නැඟුවා…

මට අද වගේ මතකයි… විජය ධර්මශ්‍රී කතා කරල කිවුවා ‘නීටා ඔයා නම් කැනඩාවට වෙලා ඉන්නවා… මෙන්න ‘දුහුළුමලක්’ බලලා ගෙදර ගිහින් සමහර අඹුසැමියන් තම තමන්ගේ පරණ අනියම් සම්බන්ධකම් ඇදගෙන හෝගාලා ගෙවල්වල ගෝරි කරනවා’ කියලා.

ඒ තරමට… ‘දුහුළුමලක්’ ප්‍රේක්‍ෂක හිත්වලට කතා කළා… බොහෝ කාලයක් යනතුරු රවීව දකින අය මඟතොට දී ඔහුට ‘රොහාන්’ කියන්නටත්, මට ‘නිලූපා’ කියන්නටත් හුරුව සිටියා. ‘නිලූපා’ගේ චරිතයට චෝදනා කළාම එය මිනිස් සිතට සමීප වන ආකාරයට රඟදැක්වීම ගැන ප්‍රේක්‍ෂකයන් නීටා ප්‍රනාන්දුට ප්‍රශංසා කළා. ඒ වගේම ආදරය කළා… ‘පවුරු වළලු’හී ‘වයලට්’ට ඔවුන් දැක්වූයේද ඒ ආදරයයි.

ඔබ ප්‍රිය කළ සුවිශේෂීම අධ්‍යක්‍ෂවරයා විජය ධර්මශ්‍රී..?
වර්ග කිරීමක් නැහැ. මා ප්‍රිය කරන බොහෝ අධ්‍යක්‍ෂවරුන් සිටිනවා. ඔවුන් මා රංගනය කෙරෙහි හැසිරවූ ආකාරය එකිනෙකාට වෙනස්. එලෙසම ඔවුන් තුළ වූ නිර්මාණශීලීත්වයද ඉතාම අසමසමයි.

‘සූරියකාන්ත’ චිත්‍රපටයෙහි අධ්‍යක්‍ෂණය සඳහා ධර්මශ්‍රී තෝරා ගත්තේ ඔබ ඔහුගේ නිර්මාණශීලීත්වයට වඩා ප්‍රිය කළ නිසා නෙවෙයිද?
සත්තකින්ම මම විජය ධර්මශ්‍රීගේ නිර්මාණශීලීත්වයට ප්‍රිය කරනවා. මැද මාවතක් හරහා ඔහු තනන සිනමාමය කතන්දරවල අපූරු සරල බවක් වගේම සංවේදී ස්වරූපයක්ද තියෙනවා. ‘දුහුළු මලක්’හී ‘නිලූපා’ගේ චරිතයද ඔහු නිර්මාණය කළේ ඒ ස්වරූපය හරහායි.

ඒ වාගේම අනියම් පෙමක පැටලුණාට ‘නිලූපා’ට අවසානයේ සංවේදී චරිතයක් විදියට නිර්මාණකරු විසින් ප්‍රේක්‍ෂකයා ඉදිරියට ගෙන එනවා. ඇත්තෙන්ම ඒ නිර්මාණ රටාවෙහි වූයේ කදිම උපායශීලී සිත්කලු බවක්. මම එයට තදින් ප්‍රිය කළා. හැබැයි එහි අදහස අනෙක් නිර්මාණකරුවනට වැඩිය මම ඔහුට පළමු තැන දුන්නා කියන එක නම් නෙවෙයි.

ප්‍රසන්න විතානගේ ගත්කලද, විසංකේසගේ නිර්මාණ රටාව ගත් කලද ඒ අතරට සංජය නිර්මාල්ව ගෙන ආවද ඒ හැම නිර්මාණකරුවකු තුළම ඉහත කී සිත්කලු මෙහෙවර සැඟවී තිබෙනවා.

සිනමාවට ඔබ යමක් දුන්නා මිසක… එයින් ගත් දෙයක් නැහැ කියා කිසිවෙකු ඔබව අගය කළහොත්..?
කිසිවෙකු වෙතින් මම එවැනි අගයක් බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් සිදුවූයේ එයයි.

කෙටියෙන් සරලව කියනවා නම් අතේ මිටේ යමක් ඇත්නම්… මම කළේ හොඳ නිර්මාණකරුවකු සොයා ගොස් ගුණාත්මක සිනමාපටයක් තැනීමේ මෙහෙවරට හවුල් වීමයි. එයින් මා ලද සතුට, තෘප්තිය අප්‍රමාණයි.

එවැනි තෘප්තියකින් ඔබ කළ නිර්මාණ යුගලක් තවමත් ප්‍රදර්ශන පෝලිමේ අතරමංව තිබෙනවා?
ඔව්… සංජය නිර්මාල්ගේ ‘ස්වර’ සහ මම සම නිෂ්පාදනයෙන් හවුල් වූ මිලන්ත හපන්වීරගේ ‘තේජා’ යන සිනමාපට තවමත් තිරගත කර ගැනීමට ලැබුණේ නැහැ.

රජය කලාකරුවන් කෙරෙහි දක්වන සැලකිල්ල මීට වඩා උසස් මට්ටමක තිබිය යුතුයි නේදැයි කියා ඇසුවොත්..?
‘ඔව්’ කියා කියන්නම වෙනවා. කලාකරුවන් විතරක් නෙවෙයි.., කොරෝනා වැනි උවදුරකදී සිනමා ශාලා හිමිකරුවන් පවා මුහුණ දෙන ව්‍යසනයන්ට රජය විසින් යම් විසඳුමක් දෙනවා නම් එය අගය කළ යුතු කාරණයක් වෙනවා.

කිසිදුම රජයකින් සිනමාවට සිදුවූ සෙතක් නැහැ..?
ඒ ගැන කතා කිරීමත් නිෂ්ඵලයි. ඒ වාගෙම කනගාටුදායකයි.

ඔබේ මීළඟ නිෂ්පාදන මෙහෙවර ගැන ඉඟියක් දෙන්න පුළුවන්ද?
‘ස්වර’ සහ ‘තේජා’ තිරගත වූ පසුව තමයි නැවැත මා නිෂ්පාදනයට යොමුවන්නේ.

සිනමාවේ කඩාවැටීම නිසාද ඔබ එවැනි විරාමයක කල් ගෙවන්නේ?
සිනමාව තුළ සිදුව ඇත්තේ කඩාවැටීමක් නෙවෙයි. එයද එක්තරා ‘ලොක්ඩවුන්’ එකක් බවයි මගේ හැඟීම වන්නේ.
සියල්ල හොඳ අතට හැරෙන දවසක් උදාවේවි. එතෙක් නිෂ්පාදන වෑයමට මඳක් තිත වැටේවි.

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සිරිල් ගාමිණී පියතුමා මඩවනවාද? කාවින්ද අහපු ප්‍රශ්නෙට ජොනී දුන් උත්තරේ! (VIDEO)

Next Post

පාස්කු ප්‍රහාරයේ යුක්තිය උදෙසා පාප්වහන්සේ පටන් ගත් සටන කොහෙන් කෙළවර වෙයිද?

MORE NEWS

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News
Heart

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News
Heart

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News
Heart

මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News
Heart

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

Load More
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අප රටට ජාතික වන සංරක්ෂණ සහ වන ජීවි ප්‍රතිපත්තියක දැඩි අවශ්‍යතාවක් ඇති බවත් අප රටේ දැනට ඇත්තේ ඒ ඒ වෙලාවට...

Read more
ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.