• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාරයේ යුක්තිය උදෙසා පාප්වහන්සේ පටන් ගත් සටන කොහෙන් කෙළවර වෙයිද?

November 18, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
පාස්කු ප්‍රහාරයේ යුක්තිය උදෙසා පාප්වහන්සේ පටන් ගත් සටන කොහෙන් කෙළවර වෙයිද?
Share on WhatsAppShare on Facebook

ලෝකයේ මහා උතුම් පූජනීයත්වයට පත්ව සිටින උන්වහන්සේ කලින්, කලට දේශ, දේශාන්තරවල සංචාරය කළෝය. ඒ යන තැන්හට රැස්ව සිටින දස, දහස් ගණනක ජනයා උන්වහන්සේට වැඳ නමස්කාර කළේ ඉවසුමක් නැතිවය. ඔවුහු එහිදී උන්වහන්සේ දෙස ඇසිපිය නොහෙළා බලා සිටියෝය. මේ මහා උත්තමයාණන් පොඩි දරුවන් වෙත දැක්වූයේ අසීමිත හද භක්තියකි. වරක් ඔහු දේශාන්තරයක ගිය විටදී පූජනීය වේදිකාව මතට දිව ආ කුඩා දරුවකු උන්වහන්සේ අසුන්ගෙන සිටි තැනට විත්, උන්වහන්සේගෙන් ඉල්ලා සිටියේ පැලඳගෙන සිටි පූජනීය හිස් වැසුමය. දෙතුන් වතාවක්ම හිස් වැසුම ඉල්ලා සිටි දරුවා බොහෝ ආයාසයකින් වේදිකාවෙන් ඉවත් කර ගත්තේය. තවත් දේශාන්තරයකදී වේදිකාවට පැමිණි කුඩා දරුවකු උන්වහන්සේ පැලඳ සිටින ජේසු කුරුසය ඉල්ලා හඬා වැලපුණේය. එහෙත් උන්වහන්සේ බොහෝ සිනහමුසු මුහුණින් දරුවාගේ සිත සනහා සිටියේය. තවත් තැනකදී සිදුවූයේ අපූරු සිදුවීමකි. උන්වහන්සේ තම දේශනය සිදුකරන අතරතුරදී වේදිකාව මතට දිව ආ කුඩා පිරිමි දරුවකු, සිටගෙන සිටි උන්වහන්සේගේ ලෝගුවේ වෙළෙමින් බදා ගත්තේය. අනෙකුත් පරිවාර පූජක පක්‍ෂය පැමිණ දරුවා ඉවත්කර ගන්නට හැදුවද උන්වහන්සේ එයට ඉඩ දුන්නේ නැත. දරුවා විනාඩි ගණනක් යන තුරුම උන්වහන්සේගේ ශරීරය බදාගනිමින් එතැනට වී සිටියේය. උන්වහන්සේ කිසිවක් නොවූවාක් මෙන් තම දේශනය දිගටම කරගෙන ගියේය.

කුමක්ද මේ අපූරු වගතුග? මෙලෙස ලොවක් ආලෝකමත් කරන මෙම සුවිශේෂී උත්තමයා කවුද? ඔහු මේ ලොවක් හඳුනන, වත්මන් උත්තරීතර පාප්වහන්සේ පදවිය දරන, අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේය. ලොවෙහි සිටින කතෝලික, ක්‍රිස්තියානි ආගමිකයන්ගේ උතුම් ආගමික නායකයා ඔහුය. එම ආගම් අදහන්නන්ගේ පමණක් නොව, අන්‍ය ආගමිකයන් පවා ශුද්ධ වූ ෆැන්සිස් පාප්වහන්සේට දක්වන්නේ මහත් බැතියකි. ගෞරවාදරයකි. එසේ වන්නේ ඔහු කිසිදු ජාති, ආගම් භේදයකින් තොරව ජනතාවට ආදරය කරන හෙයිනි. එසේම ඔහු පොදු ජනතාව අතරට ප්‍රවිෂ්ට වන ආකාරයද ඉතාමත් සුවිශේෂ වගතුගකි. ආරක්‍ෂක නිලධාරීන්ට ඉවත් වන්නට යැයි කියා උන්වහන්සේ සමහර අවස්ථාවලදී කුඩා ළමයින් හත් අට දෙනා තම විවෘත ජීප් රථයේ නංවාගෙන යති. උන්වහන්සේ රෝගීන්ටද එසේමය. මහත් බැතියෙන් ඔවුන් සිප වැලඳ ගන්නේය. එසේම කිසිදු බියක් හෝ සැකයක් නොමැතිව ඕනෑම පුද්ගලයකු ළඟට සමීප වන්නේය. ලෝක සමාජයේ නොයෙකුත් කතිකා ගැනද ඔහු බුද්ධිමත්ව සහ නොබියවද අදහස් ප්‍රකාශ කරන්නේය.

අද ඔබට මෙම උත්තමයාණන් ගැන ලියා තබන්නට හේතු වූයේ ඇයි? එය අප රටටම ආවේණික වූ සුවිශේෂ කතාන්දරයකි. මෙම සිදුවීම වූයේ මෙයට දින කිහිපයකට ඉහතදීය. එනම් අති ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ, ශ්‍රී ලංකාවේ කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙත එක්තරා සුවිශේෂ ලිපියක් එවා ඇත. මෙයින් කියැවෙන්නේ කුමක්ද? මෙයට වසර 2 1/2කට පෙර එනම් 2019 වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව මෙන්ම මුළු මහත් ලෝකයම මහත් කම්පාවට පත්කරමින් සිදුවුණු මහා පාස්කු ප්‍රහාරය ආශ්‍රිත කරගෙන මෙම ලිපිය ලියා ඇත. එනම් මෙයට පෙර කිහිප වතාවක්ම ෆැන්සිස් පාප්වහන්සේ පාස්කු ප්‍රහාරයට අදාළව විවිධ කරුණු කාරණා ඉදිරිපත් කර තිබුණද, වසර 2 1/2ක් ගතවුණු තැන උන්වහන්සේ මෙසේ අවධාරණය කරන්නේ කුමක්ද? පාස්කු ප්‍රහාරය ආශ්‍රිත කරගෙන දැනට වසර 02ක පමණ කාලයක සිට ශ්‍රී ලංකාව තුළ විමර්ශනයක් සිදුකෙරෙයි. රාජ්‍ය බලධාරීන්, නීති අංශ, ආරක්‍ෂක අංශ සහ තවත් වැදගත් වගකිවයුතු පාර්ශ්ව ගණනාවක් මෙම විමර්ශන සහ පරීක්‍ෂණවලට සම්බන්ධ වී සිටිති. මෙය දීර්ඝ වගතුගක් වන අතර, අද වත්මන් සමාජය මෙම බොහෝ කරුණු ගැන දනිති. එහෙත් මෙම මහා පාස්කු ප්‍රහාරයෙන් වින්දිත වූ පාර්ශ්ව විසින් එක හඬින් ප්‍රකාශ කර සිටින්නේ මහා විරෝධයකි. එනම් මෙම කිසිදු විමර්ශනයක් හෝ පරීක්‍ෂණයක් හෝ මගින් මෙතෙක් වින්දිතයන්ට සාධාරණයක් ඉටුනොවූ බැව් ඔවුහු කියති. එසේම මේතාක් දක්වා මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිස්වලට නිසි දඬුවමක් හෝ ලබා නොදුන් බවටද ඔවුහු දෝෂාරෝපණය කරති. මෙම මහා විරෝධතාවයේ පෙරගමන්කරුවා වන්නේ, අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වීම තවත් විශේෂත්වයකි.

මෙවැනි වටපිටාවක් තිබියදී අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් එවා ඇති විශේෂිත ලිපියෙන් පවසන්නේ කුමක්ද? මෙහිදී තව සුවිශේෂ, අපූරු පුවතක් ලෙස වාර්තා වන්නේ, පාප්වහන්සේ මෙම ලිපිය ලියා ඇත්තේ තමන්ගේම අත්අකුරින් වීමය. තමන් පවසන දෙයක් අද තිබෙන නූතන තාක්‍ෂණයට අනුව ඕනෑම අයුරකින් මුද්‍රණය කිරීමට පහසුකම් තිබියදීත්, මෙසේ උන්වහන්සේ තමන්ගේම අත්අකුරින් එය ලියා එවීම වැදගත් සාධකයකි. පාප්තුමා මෙය ලියා ඇත්තේ ඉතාලි භාෂාවෙන් යැයි පැවසෙන අතර, එය ශ්‍රී ලංකාවේදී ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ඇත. පාප්වහන්සේට යම් මට්ටමකින් ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට හැකි වුවත්, ඉංග්‍රීසි ලිවීමට යම් අපහසුතාවයක් ඇතැයි කරුණු ප්‍රකාශ වෙයි. එමෙන්ම පාප්වහන්සේට තවත් භාෂා 05ක් පමණ කතාකිරීමේ හැකියාව ඇතැයිද පැවසෙයි. කෙසේ හෝ මෙලෙස පාප්වහන්සේ තමන්ගේම අත්අකුරින් ලියා එවූ ලිපියේ ඇත්තේ කුමක්දැයි සොයා බලමු. අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පසුගියදා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මෙම ලිපියේ කරුණු හෙළිකර සිටියේය. එහි සිංහල පරිවර්තනයක් මෙසේ ගෙනහැර දැක්විය හැකිය.

‘ආදරණීය සහෝදරයා,’

‘කාදිනල් බග්නැස්කෝ විසින් පසුගිය අගෝස්තු 24 වැනි දින ඔබගේ ලිපිය මා වෙත බාරදුන් අතර, එයින් ප්‍රකාශිත වන පිළිකුල්සහගත තත්ත්වය සහ 2019 අප්‍රේල් 21 වැනි දින සිදුවූ (පාස්කු ප්‍රහාරයේ දිනය) යථාර්ථය මෙතෙක් ජනතාවට පැහැදිලි නොවී පවතින බව ඔබ මට පැහැදිලි කර ඇත. එසේම පසුගිය දින කිහිපයේදී එම කරුණුම සඳහන් කරන ලද පණිවුඩයක් නන්සියාචරයෙන්ද (රෝමානු කතෝලික පල්ලිය) මා වෙත ලැබී තිබිණි.

‘ගරු කාදිනල්තුමනි, මේ තත්ත්වය ගැන මම මහත් සංවේගයට පත්වෙමි. මම තව, තවත් යාච්ඤා කිරීමට පොරොන්දු වන අතර, ඔබ අවස්ථාවක් ලෙස සලසා ඕනෑම දෙයක් කිරීමට සූදානම්ව සිටින්නෙමි. හෙට මම ඒ ගැන රාජ්‍ය ලේකම්තුමා සමග කතා කරන්නෙමි. එදා කිතුනුවන්ගෙන් සිදුවන පළිගැනීමක් වළක්වන්නට තරම් ඔබ ධෛර්යවත් වූ ආකාරයත්, ඔබ අතර ඇති මිත්‍රත්වය ඔවුන්ට දැකබලා ගැනීම සඳහා, ඉස්ලාමීය පූජාවේ ඉමාම් සමග ඔවුන් හමුවීමට ගිය ආකාරයත් මට හොඳින්ම මතකයි. එf`ඩ්රාගේ උදාහරණය මට අමතක නැහැ.’

‘කරුණාකර මා කෙරෙහි විශ්වාසය තබා මෙතැනින් ඉදිරියට කළයුතු හොඳම දේ සඳහන් කරන්න.’

කාදිනල් රංජිත් හිමිපාණන් පවසා සිටියේ, මෙය ශුද්ධෝත්තම පියතුමාගෙන් ලැබුණු ලිපිය බවත්, පවතින තත්ත්වය පිළිබඳව දන්නා බවත්, ඒ හෙයින් අවශ්‍ය වන සහයෝගයක් ලබාදෙන බවත්ය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් යුක්තිය පසඳලීමට තමන් ගන්නා උත්සාහයට සහාය පළ කරමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ තමන් වෙත මෙසේ ලිඛිතව දැනුම් දුන් බැව්, කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කර සිටියේය. ඔහු මේ බව අනාවරණය කළේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්‍ෂණ සහ ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග පිළිබඳව යුරෝපයේ වෙසෙන, ශ්‍රී ලාංකිකයන් සමග පැවැති වීඩියෝ සම්මන්ත්‍රණයක් ඔස්සේ පැවැති සාකච්ඡාවකදීය. මෙය එක්තරා ආකාරයක පාප්වහන්සේ දැක්වූ සුවිශේෂ ප්‍රතිචාරයක් ලෙසට කරුණු ප්‍රකාශ විය.

අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රධාන කරගත් කතෝලික පාර්ශ්ව සහ තවත් විවිධ පාර්ශ්ව කිහිපයක්ම පසුගිය කාලයක් පුරා ඉල්ලා සිටියේ, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට නිසි සාධාරණය ඉටුකරනා ලෙසය. එහෙත් එම පාර්ශ්ව ඉතා ප්‍රබලව දෝෂාරෝපණය කරන්නේ, මෙම වත්මන් රජය ඒ සඳහා නිසි සාධාරණත්වයකින් සහ විනිවිදභාවයකින් යුතුව කටයුතු නොකරන බැව්ය. ඒ හෙයින් ඔවුන් මේ සඳහා මැදිහත්වන ලෙස වතිකානුවේ පාප්වහන්සේගේ කතෝලික පල්ලියෙන්ද ඉල්ලීම් සිදුකර සිටියේය. මේ අතර දැන් මෙම තත්ත්වය දිනෙන්, දිනම උග්‍ර අතට හැරෙමින් තිබෙන බවක් පෙනෙන්නට ඇත. එනම් දැන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන කතෝලික පාර්ශ්වයන් කියා සිටින්නේ, මෙම ප්‍රශ්නයට නිසි විසඳුම් රජය ලබා දෙන්නේ නැතිනම්, මෙම තත්ත්වය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙතට පැමිණිලි කරන බැව්ය. පසුගියදා මෙවැනි පියවරක් ගැනීම සඳහා ඒ පිළිබඳ පාප්වහන්සේ වෙතද දන්වා ඇති අතර, උන්වහන්සේ ඊට අවශ්‍ය පියවරක් සඳහා සහාය දැක්වීමටද තම එකඟත්වය පළකර ඇත.
පසුගියදා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඇමෙරිකාවේ පැවැති එක්සත් ජාතීන්ගේ 48 වැනි සැසිවාරයට සහභාගි වූ අවස්ථාවේදී ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් පාස්කු ප්‍රහාරයේ පරීක්‍ෂණ ප්‍රගතිය ගැන තම විරෝධතාවය ප්‍රකාශ කර ඇත. එසේම ඉන්පසුව පසුගියදා මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයා ඉතාලියේ සිදුකළ සංචාරයේදීද ශ්‍රී ලාංකික ප්‍රජාව තම විරෝධය ප්‍රකාශ කර ඇත. අගමැතිවරයාගේ ඉතාලි සංචාරය ගැන ශ්‍රී ලංකාවේ කතෝලික පාර්ශ්ව චෝදනා කර සිටියේ, එම ගමනේදී අගමැතිවරයා පාප්වහන්සේ හමුවී පාස්කු ප්‍රහාරය ගැන රජයේ ස්ථාවරය පැහැදිලි කිරීමට කටයුතු කරන බැව්ය. එසේම රාජ්‍ය පාර්ශ්ව විසින් වත්මන් පාප්වහන්සේ නොමඟ හැරීමටද උත්සාහ කරන බවටද චෝදනා නැඟිණි. එහෙත් එම ප්‍රකාශයත් සමගම අගමැති කාර්යාලය ප්‍රකාශ කර සිටියේ, එය සම්පූර්ණ අසත්‍යයක් බවය.

කෙසේ හෝ 2019 වසරේදී ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් පසුව, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ වතිකානුවට රැස්වුණු 80,000ක පමණ බැතිමතුන් පිරිසක් අමතා පාස්කු ප්‍රහාරය ගැන තම සංවේගය පළකර සිටියේය. ශාන්ත පීතර බැසිලිකාවේ සිට ඔහු එම අනුශාසනාව සිදුකළේය. ඉන්පසුව පාප්වහන්සේ 2019 මැයි මාසයේදී තමන්ගේ විශේෂ නියෝජිතයකු ශ්‍රී ලංකාවට පිටත්කර හැරියේ මෙම කුරිරු අපරාධයේ වගතුග සොයා බැලීම සඳහාය. ඒ අනුව වතිකානු පල්ලියේ සිටින ජ්‍යෙෂ්ඨතම කාදිනල්වරයකු වන, අතිගරු කාදිනල් ෆර්නැන්ඩෝ ෆිලෝනි ශ්‍රී ලංකාවට තෙදිනක සංචාරයක් සඳහා පැමිණියේය. ඔහු මෙහි පැමිණ මෙම ම්ලේච්ඡ ප්‍රහාරය සිදුවුණු සියලුම කතෝලික දේවස්ථාන සහ තරු පන්තියේ සංචාරක හෝටල් වෙතද ගොස් සජීවීව කරුණු නිරීක්‍ෂණය කළේය. එසේම ප්‍රහාරයෙන් විපතට පත්වූ පවුල්වල සාමාජිකයන්ද හමුවුණේය. ඔහු ශුද්ධ වූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ශෝකය ඔවුන් වෙත පළකර සිටියේය. ඉන්පසුව කාදිනල් ෆර්නැන්ඩෝ ෆිලෝනි හිමිපාණන් විසින් ප්‍රහාරයේ සැබෑ තත්ත්වය අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ වෙත වාර්තා කර සිටියේය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

අනියම් පෙමක පැටලුණේ දුහුළු මලක නිලූපා මිසක නීටා ප්‍රනාන්දු කියන නිළිය නෙවෙයි…

Next Post

අද රෑට රජ කෑමක්! 1000කට ආරාධනා කරලලු! තියෙනවා කියන්නේ ‌‌ඓතිහාසික නගරයකලු!

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.