බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මොල්නපිරවීර් කරලට මෙරට කොරෝනා තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබී ඇති බවට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව මේ වනවිට අනාවරණය වී තිබේ.
ඒ, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කළ ප්‍රකාශයක් මුල්කරගෙනය.
ඇමැතිවරිය කියා සිටියේ එම කරල සදහා දැනට කිසිදු කමිටුවකින් අනුමැතිය ලැබී නොමැති බවකි.










